ශ්‍රී ලංකා පිල දක්ෂතා අතර නෑ.. නායකත්වය අතහරින්න මං සූදානම්..
January 12, 2020 at 11:20 am | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 20-20 ක්‍රිකට් තරඟ වල දක්ෂතා අතර නැති බව කණ්ඩායමේ නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම අද වන විට ශ්‍රේණිගත කිරීම්වල ඇත්තේ අංක 09 බවත් එවන් කණ්ඩායමක් දක්ෂතා අතරට ඒමට සෑහෙන කාලයක් යන බවද ඔහු සඳහන් කළේය.
පරාජිත ඉන්දීය සංචාරයෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපලේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
තරග පරාජය වන්නේ නායකත්වය හේතුවෙන් යැයි කිසිවකු පවසන්නේ නම් තමන් නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.
Time to retire with your head held high, Lasith. Thanks for the memories. Good Luck!