ශ‍්‍රී ලංකා පිල දිගටම පරදින්නේ තරග පාවාදීම් ගැන කරන පරීක්‍ෂණ නිසයි..- පුහුණුකරු හතුරුසිංහ

February 13, 2019 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකා පිල දිගටම පරදින්නේ තරග පාවාදීම් ගැන කරන පරීක්‍ෂණ නිසයි..- පුහුණුකරු හතුරුසිංහ

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සිදු වූ බව කියන තරග පාවාදීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදු කරන පරික්ෂණ කණ්ඩායමට බලපෑම් කර ඇති බව කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සදහන් කරයි.

දිගින් දිගටම කණ්ඩායමේ තරග පරාජයන්ට එයද බලපා ඇති බවත් පවසන ඔහු තේරීම් කමිටුව වෙනස්වීම, නායකයන් මාරු වීම ආදී හේතු නිසා කණ්ඩායමේ අස්ථාවරත්වයක් ඇති බවත් සදහන් කරයි.

මෙම සියළු කාරණා හේතුවෙන් ක‍්‍රීඩකයන්ට පීඩනයක් එල්ල වී ඇති පරාසරයක අද පවතින තත්වය නිර්මානය වූ බවත් හතුරුසිංහ සදහන් කරයි.

කෙසේ වෙතත් තමන් පැමිණෙන්ට පෙර කණ්ඩයමේ 18% වූ වර්ධනය දැන් 20% දක්වා ඉහල ගොස් ඇතැයිද හතුරුසිංහ තව දුරටත් පවසයි.

ක‍්‍රික්ඉන්ෆො වෙබ් අඩවිය සමගි්න සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

75 views

4 Comments to “ශ‍්‍රී ලංකා පිල දිගටම පරදින්නේ තරග පාවාදීම් ගැන කරන පරීක්‍ෂණ නිසයි..- පුහුණුකරු හතුරුසිංහ”

  1. Samarapala says:

    අපරාදෙ මේ මනුස්සය නිකං නැති උනා. යසට ලෝක කුසලානයක් දිනපු පුහුණුකරුවෙක් වෙන්න තිබුන. රනිල් බලයෙ ඉන්නකං සක්කරයගෙ පුතා වයිමා ආවත් කිසිම වැඩක් හරියන්නෙ නෑ. එන එන එකා සවුත්තු වෙලා යනවා විතරයි.

  2. david milibanda says:

    Hathurusinghe do not look for lame excuses.
    It is your job to get the players to perform. How you do it I do not know.
    U are paid a lucrative salary to do that.

  3. Dp says:

    ලක්ෂ 75 +++ බේරගන්න කගේ හරි පිට වරද පටවන්න වෙනවා .
    රනිල් ගෙන් ඇහුවොත් කියයි මහින්ද රාජපක්ෂ ගේ දින 51 කේ පාලනය නිසා කියලා

  4. Upul says:

    Please without giving excuses for your own inefficiency, do what you are hired to do or else step down.

Main News