‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ’ බිහි කෙරේ.. ලකුණ ‘මල් පොහොට්ටුව’.. සභාපති ජී.එල්.

November 2, 2016 at 12:08 pm | lanka C news
‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ’ බිහි කෙරේ.. ලකුණ ‘මල් පොහොට්ටුව’.. සභාපති ජී.එල්.

අපේ ශ‍්‍රී ලංකා නිදහස් පෙරමුණ ‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ’ ලෙස නම වෙනස් කර තිබේ.

එහි සභාපතීත්වය දරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වන අතර ලේකම්වරයා වන්නේ නීතිඥ සාගර කාරියවසම් මහතායි.

‘මල් පොහොට්ටුව’ නව පක්‍ෂයේ ලාංඡනයයි.

දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් 18 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන පක්ෂය ලෙස ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ අනුරාධපුරයේදී එළි දැක්වීමට නියමිත බවයි.

නව පක්‍ෂයේ නායකයා කවුදැයි මෙතෙන් නම් කර නැත.

537 views
Main News