ශ‍්‍රී ලංකා පොලිසියට පුහුණු කරන්න ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය බෑ කියයි.. මානව හිමිකම් චෝදනාලු…

November 26, 2021 at 3:50 pm | lanka C news
ශ‍්‍රී ලංකා පොලිසියට පුහුණු කරන්න ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය බෑ කියයි.. මානව හිමිකම් චෝදනාලු…

තවදුරටත් ශ්‍රී ලංකා පොලිසියට පුහුණුව ලබා නොදීමට ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය තීරණය කර ඇත.

ඔවුන් සඳහන් කර ඇත්තේ මානව හිමිකම් චෝදනා එල්ල වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ශ‍්‍රී ලංකාව සමඟ එළැඹී ඇති එකඟතාවන්ට අනුව 2022 මාර්තු මාසය දක්වා ස්කොට්ලන්ඩ්යාඩ් විශේෂ පුහුණුව ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිතය.

නමුත් එම පුහුණු සැසියෙන් පසු අදාළ ගිවිසුම අලුත් නොකරන බව ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් ප්‍රධානියා දැනුම් දී තිබේ.

මෙම තීරණය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට නිල වශයෙන් දැනුම් දී ඇති බවද පොලිස් ප්‍රධානියා සඳහන් කර ඇත.

33,278 views

18 Comments to “ශ‍්‍රී ලංකා පොලිසියට පුහුණු කරන්න ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය බෑ කියයි.. මානව හිමිකම් චෝදනාලු…”

  1. Gorilla says:

    පොලිස් නිලදාරීන්ට බොඩි කැම් එකක් බුලට් පෘෆ් වෙස්ට් එකක්, පොලිස් ස්තානවලට Cctvකැමරා හයිකිරීමෙන් 80%-90% අතර ප්‍රශ්න විසදගන්න පුලුවන්. පොලිස් නිලදාරීන්ගේ වැටුප් ඇතුලු සුභසාදනය සදහා කටයුතුකල යුතුයි.

  2. LION says:

    නේස්බි සාමිවරයා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අමතමින් ශ‍්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ඉල්ලා අස්කර ගන්නා ලෙස පැවසුවත් එම ඉල්ලීම ඉටුකිරීමට හිටපු අගමැතිවරුන්වූ ඬේවිඞ් කැමරන් සහ තෙරේසා බෝරිස් ජොන්ස්ටන් කි‍්‍රයාකළේ නැත.

  3. Love nature says:

    මට මතක් වෙනවා සුද්දා තැලූ පෙලූ හැටි.. (මානව හිමිකම්)

    පනම් අටෙන් මට වැඩිකර දුන්න..
    හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න..
    මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ..
    අනේ සර් අනුකම්පා නොසිතේදෝ..

    අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ..
    නිම වෙන්නට.. කල් ගත වෙයිදෝ..
    අනේ සර්.. අපි මිතුරන් වෙයිදෝ..
    එදා දවස උදා වේවිදෝ..
    එදා දවස උදා වේවිදෝ..

    මට මතක් වෙනවා සුද්දා තැලූ පෙලූ හැටි..
    අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී..
    මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න..
    අනේ සර් කරුණාවෙන් සලකන්න..

  4. SL says:

    පහුගිය සතියේ එංගලන්තේ interior minister , පොලිසියෙන්ට් අතවරයක් උනොත් අත වනන සන්යාවක් ප්‍රසිද්ධ කරා .

    ඒ ,එංගලන්තේ පොලිසිය ,බලය පාවිච්චි කරලා තරුණියන්ව කාර්වල අරන් ගිහින් දුෂණය කරලා මරණ එක නිසා.

    දුෂණය වෙලා මැරුණු තරුණියන්ගේ ෆොටෝ වලට කොමෙන්ට් දාල මුළු පොලිස් පද්දතිය හරහාම whatsaap කරලා තිබිල අහුවුනේ

    Black Live Matters protest යන්නේ ලංකාවේ නොවේ ,එංගලන්තේ.

    මේ ඔක්කොම අතහරිමු , ඇයි අපිට අපේ පොලිසිය ට්‍රීනින්ග් කරගන්න බැරි. SF ,STF ඔවුන්ගේ ආයතන මේ තරම් දියුණු තත්වෙකට ගෙනත් තියෙනවා ඔවුන්ගේ ට්‍රේනින්ග් එක මුළු ලෝකේම තියෙන හොඳම ට්‍රේනින්ග් වලින් උඩම තියෙන ඒවා ..

    ලංකාවේ පොලිසියේත් ප්‍රශ්න ඇති, නමුත් මානව හිමිකම් කලා පිස්සු නටනවා කියන්න තරම් ???

  5. Haramanis says:

    MUN APEN SURAGENA KAPUWA BALUWOTH MUNGE HUMAN RIGHTS GANA KATHA KARANNA AYITHIYAK NAHANE.

Leave a Comment