ශ‍්‍රී ලංකා-මාලදිවයින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර ක‍්‍රිකට් තරගයක්.. ජනාධිපතිත් ක‍්‍රීඩා කරයිලු..

November 12, 2021 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකා-මාලදිවයින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර ක‍්‍රිකට් තරගයක්.. ජනාධිපතිත් ක‍්‍රීඩා කරයිලු..

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කණ්ඩායමක් සහ මාල දිවයිනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් අතර ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීම සඳහා සාකච්චා ඇරඹී ඇත.

මාල දිවයිනේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් එම ආරාධනාව ශ්‍රී ලංකාව වෙත යොමු කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම මාලදිවයිනේ තරඟාවලියක් සඳහා පිටත්ව යනු ඇති අතර එය අවසානයේ මාලදිවයින් මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරඟයකට සහභාගී වීමට සාකච්ඡා කර ඇත.

මාලදිවයින් කණ්ඩායම් සඳහා ඇතැම් විට එරට ජනාධිපතිවරයා ද සම්බන්ධ වනු ඇතැයි මාලදිවයින ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කර තිබේ.

තරග සදහා වියදම් දෙරටේ මන්ත‍්‍රීවරුන් විසින් දැරීමටද යෝජනා වි තිබේ.

කෙසේ නමුත් මෙම තරග ආසන්න දිනයක නොපැවැත්වෙනු ඇති බවද වාර්තා වෙයි.

29,147 views

13 Comments to “ශ‍්‍රී ලංකා-මාලදිවයින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර ක‍්‍රිකට් තරගයක්.. ජනාධිපතිත් ක‍්‍රීඩා කරයිලු..”

  1. Kumara says:

    Echcharai adu ape undalata

    • dilan says:

      1. මෙව්වට කොමෙන්ට් දාන තරමෙන් පෙනෙන්නේ නැහැ 3% යි උන්ට තියෙන්නේ කියලා

      2. කෝටි 5 ක් වියදම් කරනවද කියලත් හිතෙනවා.

      3. චිට් එකෙන් පණිවිඩ එවලා රට වහන යුගයට ආයෙත් යනවා වගේ. ගුරු විකාරෙට දෙමව්පියෝ බලෙන් ගෙනාව එකෙනුත් එහෙම පෙනෙනවා.

  2. නයා says:

    ලංකාවේ මන්ත්‍රී වරුන්ටනම් ඔය වියදම් දරන්න බෑ.
    කෝටි තුනේ ණය අරගෙන ඒ අය බොහෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ.
    මෙච්චර වියදම් කරන එකේ ඔය මැච් එක මොකක්ද, ඔන්න ඔහේ අපිම වියදම් කරමු ඒකත් 🙂

  3. සොභාදහමට ගරු කරන්න says:

    බොරැල්ල හන්දියේ මැද බෝධියක් තියෙන පොඩිම පොඩි පන්සලේ, පාන්දර 5 ටත් මහා හඬ දමමි පිරිත් දානවා, ආයිමත් හවස 5ට. ඉන්න නෑ සද්දේ, කිසි පාඩම් වැඩක් කරගන්න බැහැ අපේ ළමයින්ට. පාන්දර තිගැස්සිලා ඇහැරෙනවා අපි දවස මුළුල්ලේ මහන්සි වෙලා වැඩ කරලා ගෙදර එන්නේ . හාමුදුරු කෙනෙකුත් නැහැ ඒ පන්සලේ ගිහියෙක් වැඩේ කරන්නේ සල්ලි හම්බ කරගන්න. බොරැල්ල හන්දියේ අර පාරේ පත්තර විකුණන කොන්ඩේ බෙල්ල ලඟට වවා ගත්ත ගිහි එකාත් සම්බන්ධයි. පොලිසියත් සහාය දෙනවා සද්දේ දාන්න.

    • Ravana parapura says:

      අනේ අපොයි මෙහෙම දෙයක් ,ජනතාව කන්න අදින්න නැතිව දුක් වීදිනවා , ගිනි ගන්නා රටක ක්‍රිකට් ගහන , විනෝද වන අපේ මන්ත්‍රීවරු ..කාටද ආඩම්බරේ පොහොටුවට ජන්දේ දුන් 69 ලක්ෂයට නේද ? කකුළුවෝ නටන්නේ වතුර රත් වෙනතුරු ලු

  4. Saleem says:

    ඕක විතරයි අඩුවකට තිබුණෙ. නොදකිං
    ගෑස් භූමි තෙල් පෝලිම්වල පැය ගණන් ඉන්න බයියන්ට පුදුම සතුටක් දැනෙනවා ඇති නෙ

  5. කැපුවත් පොහොට්ටුවට says:

    ශ්‍රී ලන්කා කන්ඩායමට උනුසුම් සුබ පැතුම්

    • JOHN says:

      මොකද්ද කුසලානේ නම ? බැසිල් රාජපක්ෂ කුසලානයද ? පැන්ඩෝරා නිරුපමා කුසලනේද ?

  6. Dp says:

    සුපුරුදු විදියට අපීම ඒකටත් වියදම් දරන්නම්…

  7. Gamarala says:

    නැව ගිලුනත් මුන්ට බෑන් චූන්

  8. Kalu Albot says:

    Umire hatiyata Agra Vinishche kaarakaawayi, Neethpiathiwayi path kara gaththoth Ae pila Dinum!!

  9. 3% ට බය බයියා. says:

    ජාතික ප්‍රශ්න විසදීමට හැකි එකම ක්‍රමය වහල්ලුන්ව ඔය වගේ දේවල් වලින් සංතෝෂ කිරිම පමණයි කියලා බුද්ධිමත් දේශප්‍රේමී දේශපාලකයන් දන්නවා .

  10. 0.00069 BIYYO says:

    නේ අපොයි මෙහෙම දෙයක් ,ජනතාව කන්න අදින්න නැතිව දුක් වීදිනවා , ගිනි ගන්නා රටක ක්‍රිකට් ගහන , විනෝද වන අපේ මන්ත්‍රීවරු ..කාටද ආඩම්බරේ පොහොටුවට ජන්දේ දුන් 69 ලක්ෂයට නේද ?

    කකුළුවෝ නටන්නේ වතුර රත් වෙනතුරු ලු

    නැව ගිලුනත් මුන්ට බෑන් චූන් 🙂🙂🙂🙂🙂🙂

Main News