ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය අලූත් අවුරුදු සමයේ දී අඛණ්ඩව බහලූ මෙහෙයුම් සිදු කරයි…

April 18, 2018 at 2:02 am | lanka C news
ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය අලූත් අවුරුදු සමයේ දී අඛණ්ඩව බහලූ මෙහෙයුම් සිදු කරයි…

ගත වූ සිංහල දමිල අලූත් අවුරුදු සමයේ දී, විශේෂයෙන් අපේ‍්‍රල් 13, 14 දෙදින තුළ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලූ පර්යන්තය හා සමගි බහලූ පර්යන්තය, බහලූ මෙහෙයුම් අඛණ්ඩව කාර්යක්‍ෂම ලෙස සිදුකර තිබේ.

ජයබහලූ පර්යන්තයේ හා සමගි බහලූ පර්යන්තයේ ග‍්‍රැන්ටි‍්‍ර දොඹකර 20ක් හා 18ක ක‍්‍රියාකාරීත්වයෙන් යුතුව ප‍්‍රධාන නෞකා 05ක් හා පෝෂක නෞකා 08ක් අපේ‍්‍රල් මස 13 හා 14 යන දෙදින තුළ මෙහෙයුම් සිදු කර මෙම සාර්ථකත්වය කරා ල`ගා වීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට හැකි වී තිබේ.

ඒ අනුව අපේ‍්‍රල් මස 13වන දින ජයබහලූ පර්යන්තය හා සමගි බහලූ පර්යන්තය හා එක්ව අඩි 20 සමඒකක බහලූ 7459ක් හා අපේ‍්‍රල් 14වන දින අඩි 20 සමඒකක 6259ක බහලූ මෙහෙයුම් ධාරිතාවයක් සිදු කිරීමට හැකිව ඇත.

2017 වර්ෂයේ සමස්ත කොළඹ වරායේ බහාලූ මෙහෙයුම් ප‍්‍රමාණය වූ අඩි 20 සමඒකක 6,209,068 ප‍්‍රමාණයෙන් අඩි 20 සමඒකක 2,010,702ක් මෙහෙයවීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලූ පර්යන්තය සමත් වූ අතර 2017 පළමු කාර්තුවට සාපේක්‍ෂව 15.3%ක වාර්තාගත වර්ධනයක් පෙන්වීමට ද හැකි විය.

ෘරුඅරහ වරාය සම්බන්ධතා දර්ශකය අනුව කොළඹ වරාය ලොව විශිෂ්ටතම සම්බන්ධිත වරායන් 20 අතර 13වන ස්ථානය හිමි කර ගැනීමට ද සමත් විය. 18 වන ස්ථානයේ පසු වූ කොළඹ වරාය 2017 සිව්වන කාර්තුවේ දී මෙලෙස වරායන් 05ක් අභිබවා මුල් පෙළට පැමිණීම ද සුවිශේෂිත ය. මෙම ශ්‍රේණිගත කිරීමට අනුව කොළඹ වරාය ආසියාවේ විශිෂ්ටතම සම්බන්ධිත වරායන් අතරට පැමිණ තිබේ.

කොළඹ වරායේ බහලූ මෙහෙයුම් ක‍්‍රියාකාරීත්වය තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් කෙළෙඹ වරාය තුළ ක‍්‍රියාත්මක ප‍්‍රධාන පර්යන්ත අතර සාමුහික අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම ද පසුගිය දා සිදු කෙරිණි.

කොළඹ වරාය බහලූ මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයකට එළඹෙමින් බහලූ මෙහෙයුම් මිලියන 6.2ක සීමාව ඉක්මවීමට ද පසුගිය දෙසැම්බර් මස සමත් විය.

– නලින් අපොන්සු

130 views
Main News