ගුවන් සේවා අඩියටම හිදේ.. ඇදගෙන යන්න සේවක සහාය ඉල්ලයි..

September 22, 2020 at 10:00 am | lanka C news
ගුවන් සේවා අඩියටම හිදේ.. ඇදගෙන යන්න සේවක සහාය ඉල්ලයි..

කොව්ඩ් 19 හේතුවෙන් බිද වැටී ඇති ගුවන් සේවා ක්ෂේ ත්‍රය නැවත යථා තත්ත්වයට පත් වන තුරු එය පවත්වාගෙන යාම සදහා සේවක සහයෝගය අත්‍යවශ්‍යය බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සංචාරක ක්ෂේ ත්‍රය මෙන්ම ගුවන් සේවා ක්ෂේ ත්‍රයද කොව්ඩ් 19 වසංගතය හේතුවෙන් බරපතළ අර් බුදයකට පත්ව ඇති බවයි.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සේවක සේවිකාවන් ඇගයීම වෙනුවෙන් ඇති සේවා අභිමානී ප්‍රණාම උළලේ දී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය. කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේ දි මෙම උත්සවය පැවැත්විණි.

මෙහි දි වැඩි දුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“ ලෝකයේ ගුවන් තොටුපළ රැසක් අද පවත්වාගෙන යාමේ  අරබුදයකට මුහුූණ දී තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම ක්ෂේ ත්‍රය සම්පූර් ණයෙන්ම  කඩා වැටීමයි. බොහෝ රටවල් මේ තත්ත්වයට මුහුණ දුන්නේ ගුවන් තොටුපළ සේවකයන් කප්පාදු කරමින් නැතිනම් ඔවුන්ගේ පඩි නඩි කප්පාදු කරමින්. නමුත් අපි එහෙම සේවක කප්පාදුවකට හෝ පඩි නඩි සේවක කප්පාදුවක් සිදු කලේ නෑ. තව කොපමණ කාලයකින් ලෝකයේ ගුවන් සේවා ක්ෂේ ත්‍රය යථා තත්ත්වයට පත් වේදැයි කිව නොහැකියි. මේ තත්ත්වය තුළ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම බරපතළ අර් බුදයකට ලක්වෙමින් තිබෙනවා. මේ වන විට එම සමාගම සතුව තිබෙන සම්පත් ක්‍රම ක්‍රම යෙන් අඩුවෙමින් තිබෙනවා. මේ නිසා මේ ආයතනය රැක ගැනීම සදහා සේවක සහයෝගය අත්‍යවශ්‍යයි. අධ්‍යක්ෂක මණ්ඩලය, සේවක සේවිකාවන් හා වෘත්තීය සමිති එක්ව මේ සදහා කිසියම් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.

ආණ්ඩුව කොවිඩ් 19 වසංගතය රටතුළ පැතිර යාම පාලනය කළත් සංචාරකයන්ට රට විවෘත කර රටේ ජනතාව අවධානමේ දමන්න සුදානම් නෑ. ඉතා ඉක්මණින් කටුනායක හා මත්තල ගුවන් තොටුපළ විවෘත කරන්න අපි සුදානම් වුණත් සෞඛ්‍ය අංශ නිර් දේශ ලැබෙනතුරු එය ක්‍රියාත්මක නොකරන්නේ ඒ නිසායි. මේ පිළිබද ව අපි කැබිනට් පත්‍රිකාවක් පවා යොමු කළා. අවශ්‍ය උපදෙස් ලැබුණු වහා ම අපි සංචාරකයන්ට රට විවෘත කරනවා.

වත්මන් රජය හැමවිටම සේවක ආරක්ෂිතතාවය, ආයතන පැවැත්ම වගේ දේවල් ගැන විශේෂ අවධානය යොමු කරනවා. කොවිඩ් 19 වසංගතය අපිට පාලනය කර ගත හැකි වුණේ ජනතාවගේ සහයෝගය නිසායි. මේ පවතින අර් බුදයත් අපිට ජය ගැත හැක්කේ සියලු දෙනා එක් ව කටයුතු කළහොත් පමණයි. ”

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජි.ඒ.චන්ද්‍රසිරි, උප සභාපති රජීව් සූරියආරච්චි යන මහත්වරු ද මෙහි දී කථා කළහ.

– ප්‍රදීප් අනුර කුමාර

41,123 views

15 Comments to “ගුවන් සේවා අඩියටම හිදේ.. ඇදගෙන යන්න සේවක සහාය ඉල්ලයි..”

  1. lotus says:

    ……..69 lks of SLPP members should support to government at this moment. At least ( 1 ) one Lks should donate to MAHINDA. SLPP වෘත්තීය සමිති එක්ව මේ සදහා කිසියම් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.

    • ගරසරප says:

      Do what Qantas did. Get rid of staff and make organisations profitable. පොහොට්ටුවට අය්ති මගුලක් නෙවෙයි මේක.

    • sira says:

      ශ්‍රී ලංකන් පාඩුයි ගහපු එඋන්ගෙන් ඉල්ලා ගනී නිශාන්ත විව්රමසිංහ ඇයි අපිට කසනවටද

  2. චීන පටස් says:

    ශ්‍රී ලංකන් එක අඩියටම හිදිලා ,, ඒත් පිටරට සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ගුවන් යානා මෙහෙයවීම තනියෙන් කරන්නෙ නෑ,,

    ප්ලේන් එක කුණු කොල්ලෙට චාටර් ෆ්ලයිට් එකක් ලෙස සීට් ටිකයි ස්ටාෆ් එකයි බදු දෙනවා ආණ්ඩුවෙ හෙන්චයියො වෙන ට්‍රැවල් ඒජන්ට්ලට,

    අන්තිමේ උන් එක ෆ්ලයිට් එකකින් ඩොලර් 25,000 ක ලාභයක් ලබනකොට ශ්‍රී ලංකන් එක පාඩු ලබනවා.

    හෙට ලංකාවට මැලේසියාවෙ සිට එන යූ එල් 314 ෆ්ලයිට් එකෙන ලාබ ලබන්නෙ කවුද කියලා හොයලා බලන්න,,

    මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් හූරා කන ගමන් බොරැ බයිලා ගහනවා.

  3. SL MAN says:

    Ashok Pathirage should be sacked and appoint someone who has an Airline management experience , what Prassana Ranathunga and Deputy DV Chanaka has got experience in shipping and aviation? absolutely nothing! Many profitable Airlines in the world are downsizing the fleet and staff for future survival , would Ashok Pathirage keep his staff like UL when disaster hit his SOFT LOGIC balance sheet? yet again , Srilankna is still runs by cronies of the current Government , what happened to bribery case against Kapila Chandresena ?

  4. key board hero says:

    හෙට ලංකාවට ( KUL/ CMB) එන යූ එල් 314 ෆ්ලයිට් එකේ වන්වේ ටිකට් එකේ ගාණ රැ.60,000 යි.
    නිරෝධායනය වීමට යොමු කරන්නේ නුවරඑළියෙ අරලිය හෝටලයට.,
    එක් පුද්ගලයෙක් සදහා දවස් 14 නිරෝධායන ගාස්තුව රැ.195,000 යි.

    මේක තනිකරම සූරාකෑමක්.

    • Ssd says:

      සම්පූර්ණයෙන්ම ඇත්ත. ඕස්ට්‍රේලියාවේ ඉදල එන charter flights එහෙමයි. අපිට තියෙන්නෙ හොටෙල් කොරන්ටයින් විතරලු. රජයේ ඒව නෑලු. මගීන් අතර ඉඩක් තියන්නෙ නෑ. සීට් ඔක්කොම පිරිල.

  5. නිශාන්ත වික්‍රමසිංහ says:

    මම ගිය වතාවෙ සභාපති වෙලා ගුවන් සේවය ලාභ අරන් පෙන්නුවා.
    මෙිපාර ගුවන් තොටුපොළ සහ ගුවන්සේවා අධිකාරියෙ සභාපති හැටියට පත්කළොත් ලාභ අරන් පෙන්නන්නමි.
    ප්‍රසන්න රණතුංග දන්න කෙහෙල්මලක් නෑ.

Main News