ශ්‍රී ලන්කන් ගමන නිමයි.. මිලට ගන්න සමාගම් තුනක් එයි.. තීරණාත්මක සාකච්චාව 15දා…
December 4, 2016 at 11:20 am | lanka C news
ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලික කලමනාකාරීත්වයන් යටතට පත් කිරීමේ තීරණතාවක සාකච්චාව එන 15 වැනි දා රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.
මේ වන විට ශ්‍රී ලන්කන් එයාර් මිලදී ගැනීමට සමාගම් තුනක් මූලික සුදුසුකම් සපුරා ඇතැයිද වාර්තා වෙයි.
ඇමෙරිකාවේ ටී.පී.ජී ගෘප් සමාගම පීස් එයාර් සමාගම හා මාලදිවයිනේ ‘සුපර් ගෘප්’ නම් සමාගම ශ්‍රීලන්කන් එයාර් මිලදී ගැනීම සදහා මෙසේ මිල ගණන් ඉදිරිපත් කර ඇත.
ඉන් වඩාත් ඵලදායී යෝජනාව ඉදිරිපත් කර ඇති සමාගමට ශ්‍රීලන්කන් ගුවන් සේවය පවරාදීමට බොහෝදුරට ඉඩකඩ ඇතැයිද වාර්තා වෙයි.