‘ශ‍්‍රී ලන්කන්’ මනුස්සකමේ උපරිමයට.. වූහාන් ගමන වෙනුවෙන් දිරි දීමනා ප‍්‍රතික්‍ෂෙප කරති..

February 4, 2020 at 10:32 pm | lanka C news
‘ශ‍්‍රී ලන්කන්’ මනුස්සකමේ උපරිමයට.. වූහාන් ගමන වෙනුවෙන් දිරි දීමනා ප‍්‍රතික්‍ෂෙප කරති..

කොරොනා වයිරසය හේතුවෙන් සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මුදා ගැනීමට චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ප‍්‍රධාන ගුවන් නියමු චමින්ද ද සොයිසා මහතා ඇතුලූ ගුවන් කාර්ය මණ්ඩලය එම ගමන වෙනුවෙන් ගුවන් සමාගමෙන් ලබාදී ඇති විශේෂ දිරිදීමනාව ප‍්‍රතික්ෂේප කර තිබේ.

වුහාන් ගුවන් මෙහෙයුමේ භූමි මෙහෙයුම් සඳහා නිරතව සිටි ගුවන් සමාගමේ සේවක මහත්ම මහත්මීන් සඳහා මුඛ ආවරණ, අත් ආවරණ ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා එම මුදල් යොදවන ලෙසට ඔවුන් ගුවන් සමාගමේ පරිපාලනයෙන් ඉල්ලීමක් කර ඇත.

වුහාන් බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ UL 1423 ගුවන් යානයේ ප‍්‍රධාන ගුවන් නියමුවන් ලෙස චමින්ද ද සොයිසා සහ සංජය අනුෂ්ක ජීවන්දර යන මහත්වරු සහ සහායක ගුවන් නියමුවන් ලෙස ශෙහාන් සෙනෙවිරත්න, රවීන් රණතුංග යන මහත්වරු කටයුතු කළහ.

සෙසු කාර්ය මණ්ඩලය ලෙස ෆර්හාන් හනීෆා, සමින්ද පෙරේරා, ජෙනලි ජාන්ස්සා, කොසාන් අනුරුද්ධ, දනිදු දුනුසිංහ, දිනුක් මාරප්පෙරුම, වසීම් මොහොමඩ්, අමාලි පතිරත්නගේ, එල්, ඞී. එම්. පත්බේරිය, දර්ශන දිසානායක, බී. පී. ආර්. ඩී. පතිරාජ, මලීෂ ප‍්‍රසාද් යන කාර්ය මණ්ඩලය කටයුතු කළේය.

මාරාන්තික කොරොනා වයිරසය හේතුවෙන් සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මුදා ගැනීමට චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සියලුම කාර්ය මණ්ඩලය ස්වේච්ඡ‍ෙවෙන්ම එම අවදානමට මුහුණ දීමද විශේෂත්වයකි.

– lankadeepa

33,502 Viewers

11 Comments to “‘ශ‍්‍රී ලන්කන්’ මනුස්සකමේ උපරිමයට.. වූහාන් ගමන වෙනුවෙන් දිරි දීමනා ප‍්‍රතික්‍ෂෙප කරති..”

  1. Susil says:

    We are blessed to have true Sri Lankans among us!
    This is what we aspire from every Sri Lankans.
    Help others in every possible ways irrespective of cast, creed or race.

  2. Pramod says:

    We appreciate their effort in a national crisis, do not forget that Srilankan National Airline runs by poor TAX payers money, hence, anyone who works there have an obligation to fulfill whether they fly an Aircraft to Wuhan or not!!

  3. නිමල් says:

    ඔබ සැමට ජාතියේ ප්‍රනාමය

  4. Sura says:

    ඔබතුමා, ඔබතුමීල තමයි, ලක් දෙරණ තුල, මනුෂ්‍යත්වයට පහවතින හොදම උදාහරණය.

  5. kawinda says:

    deemana wedagath nowe. ema lanka du daruwanta janathaa wedikawedi gaurawa sammanayen pudanna. e ayage daruwan samaajayen kon nokaranna.

  6. සිරියාවතී says:

    ශ්‍රී ලාංකික අනන්‍යතාවය ‌‌‌ලෝකයට විදහා දක්වන ඔබ සැමට අපගේ ‌ ‌ගෞරවණීය ආචාරය ….!

  7. A says:

    Triple gem bless to u all. Majority of sri lankan are like that. What they did for something extraordinary. All the best to u all & your families too.

  8. Yasas says:

    ශ්‍රී ලාංකික අනන්‍යතාවය ‌‌‌ලෝකයට විදහා දක්වන ඔබ සැමට අපගේ ‌ ‌ගෞරවණීය ආචාරය ….!

  9. Love nature says:

    නියම හෙළයන් ඔබලාට බුදුසරණයි

  10. chami says:

    ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ මනුස්සකම උතුරා යනවා ජීවිත පූජාවෙන් ඕනෑම වැඩක් කරන්න රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් නොමිලේම ඉදිරිපත් වෙනවා
    හිතට දැනෙන අභිමානය කියන්න වචන නෑ අපේම රට බැබලේවා බැබලේවා බැබලේවා බැබලේවා බැබලේවා බැබලේවා

  11. PRAMOD says:

    Srilankan Airline is using poor SL TAX PAYERS money end of the day , staff should scarifies in a situation such as this , nothing SHOW OFF in media propaganda..

Main News