ශ‍්‍රී ලන්කන්-මිහින් ලංකා වංචා දුෂණ සොයන ජනාධිපති කොමිසම පත් කරයි.. ගැසට් නිවේදනය මෙන්න..

February 3, 2018 at 8:02 am | lanka C news
ශ‍්‍රී ලන්කන්-මිහින් ලංකා වංචා දුෂණ සොයන ජනාධිපති කොමිසම පත් කරයි.. ගැසට් නිවේදනය මෙන්න..

පසුගිය කාලය තුල ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වත් ශ්‍රී ලංකන් කේටරින් සමාගමේත් සිදුව ඇති බව කියන දුසණ වංචා සෙවීම සදහා ජනාධිපතිවරයා විසින් පංච පුද්ගල ජනාධිපති කොමිසමඛ් පත් කර ඇත.

මේ සදහා වූ අති විශේෂ ගැසට් පත‍්‍රය මේ වන විට මුද්‍රණය කර තිබේ.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න, අභියාචනාධිකරණ විනිසුරු ගාමිණී රොහාන් අමරසේකර, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති ඇන්තනී හැරල්ඩ්, ශ්‍රී ලංකා ගිනුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පියසීලි කපුගම යන අය මෙම කොමිසමේ සාමාජිකයෝ වෙති.

මෙම කොමිසම මගින් සොයා බලන්නේ 2006 වසරේ ජනවාරි මස පළමු වන දින සිට 2018 ජනවාරි 31 වන දින තෙක් කාලය තුල සිදුව ඇති අක‍්‍රමිකතා ගැන පමණි.

අදාල ගැසට් නිවේදනය මෙතනින්

100 views

10 Comments to “ශ‍්‍රී ලන්කන්-මිහින් ලංකා වංචා දුෂණ සොයන ජනාධිපති කොමිසම පත් කරයි.. ගැසට් නිවේදනය මෙන්න..”

  1. daminda says:

    ostraliyawae thiyana naduwa gana komisama kawadada……..?

    • bandara says:

      ඔය කොමිසන් වාර්තාවත් බැදුම්කර වාර්තාව වගේ රාජ්‍ය භාෂාවෙන් දෙන්න එපා…..

    • nimal says:

      විශ්‍රාමික විනිසුරුවරුන්ට මෛත්‍රී නියමෙට සළකනව…..!
      ඒ නිසා ධුර දරන විනිසුරුවරුනි ඔබේ අනාගතය සුරක්ෂිතයි….

  2. රටේ දේපල පිටරටට විකුණා එවන් අපරාඩ රටට කර… ආදා පටන් තාම හොරු අල්ලනවා නොදෝකින් මෙවන් මූසල නායකයෝ….අර ලක්‍ෂ62කේ තනකොල කන කකුල් දෙකේ හරක් තාම ඉන්නවද.

    • herath says:

      මෙත්‍රීට රට පාලනය කරන්න රාජ්‍ය සේවා කොමිසම වැඩක් නෑ…අධිකරණ සේවා කොමිසම විතරක් තිබ්බහම හොදටම ඇති…!

  3. nalaka says:

    විශ්‍රාම යන නඩු කාරයන්ටත් මරැ පල්ලම…..

    • dilan says:

      මෛත්‍රී රට පාලනය කරන්නේ රාජ්‍ය සේවකයන්ගෙන් නෙමෙයි…අධිකරණ සේවකයන්ගෙන්…..

  4. melith says:

    මේ….කොමිසම් රටකන තුමෝ අර රනිය කෝටි 150ක කොන්තරාක්තුවක් දීල තියනවලු දෙරන දරන නාලිකාට රනීව ප්‍රමෝට් කරන්න… සල්ලි කොහෙන්ද දන්නෑ නරකද රේඩියෝවෙන් ඇහෙන්න ප්‍රටම කොමිසමක් දැම්මොත්…..යහපාලනයේ දැවැන්ත සන්වර්දනය ජනපති කොමිසම්‍ නමින් රටපුරා වියාප්ත කර ඇත.

  5. Sunil says:

    මරාගෙ අග බිසවට දැන් තරු පෙනිල ඇති

  6. shanth a kuru says:

    dan sri lanka eke wena horakan walata budu sarani hitan- koti 1.5 padi three directors – ceo every weekend australia

Main News