ශ‍්‍රී ලන්කන් යානාවලට තෙල් නෑ.. සෞදියෙන් ණයට ඉල්ලයි..

January 9, 2022 at 11:20 am | lanka C news
ශ‍්‍රී ලන්කන් යානාවලට තෙල් නෑ.. සෞදියෙන් ණයට ඉල්ලයි..

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඉන්ධන සඳහා ඩොලර් ණය ගෙවීමට සෞදි රජය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.

සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වය සහ එහි ඉන්ධන බිල්පත් ගෙවීම සඳහා සහායක් ලබා ගැනීමට සෞදි රජය වෙත යාමට තීරණය කල බවයි.

කෙටිකාලීන හෝ දිගුකාලීන ණය පහසුකමක් ලබා ගැනීම මත මෙම සාකච්ඡා සිදු කරන බවත් ලබාගන්නා ණය මුදල කොපමණද යන්න තවමත් තීරණය කර නැති බවත් ඔහු සඳහන් කළේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලබා දෙන ඉන්ධන සඳහා රුපියල් වෙනුවට ඩොලර් ඉල්ලා සිටීම මත මෙම පියවර ගෙන තිබේ.

මේ පිළිබඳව සංස්ථාව සමඟ සාකච්ඡා පැවැත්වෙන බවද අමාත්‍යවරයා පැවසීය.

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ඉන්ධන වෙනුවෙන් තෙල් සංස්ථාවට රුපියල් බිලියන 330 ක මුදලක් ණය වී තිබේ.

22,020 views

8 Comments to “ශ‍්‍රී ලන්කන් යානාවලට තෙල් නෑ.. සෞදියෙන් ණයට ඉල්ලයි..”

  1. පිස්සු විකාර says:

    Bloody nonsense. Only talk and no action. Arabs don’t give money to anybody. Why sri lankan airlines?

  2. අපි රජයෙ සේවකයන් says:

    තව තව රජයෙ සේවකයන් වෙඩිකර පඩි ය රුපියල් 20000 කින් වෙඩි කරන්න ඕනේ

  3. Gihan says:

    Niyama Higanno , Thambinta gahala Dan yanney Thambin gavata. Bangladesh, Oman, Dubai Dan Saudi. Niyama Sinha veerayo. Lajjavei Pana yanava oi.. Ko Balu Sena, Ara Sena me Sena hik hik hik…..

  4. Gamarala says:

    මේ කාලකන්නි රටේ ජනතාව ලෝකයටම ණයකාරයෝ කරලා ඉවරයි.

  5. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    බිලියන ගණනින් පාඩු විඳින ශ්‍රී ලංකන් ගුවන් සේවය තවදුරටත් මෙවැනි අඥාන මිනිසෙකු විසින් ඇමති ධුරය දැරීම තවත් රාජපක්ෂ නාටකයේ එක් ජවනිකාවක් පමණි. මෙම අමාත්‍ය අංශය පමණක් නොව බොහෝ අමාත්‍යංශවල උදාහරණයකට අටපාස් බැසිල් මුදල් අමාත්‍යංශය ද පාලනය කිරීම එවන්ම තීරණයකි. සංචාරකයන් ළට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් වෙනත් ගුවන් සේවා මගින් එය ඉටුකර ගෙන ශ්‍රීලංකන් ගුවන් සේවය පාඩු නොවිඳින ආසියානු ක හෝ මැදපෙරදිග ගමන් අන්ත වලට යෙදුවා නම් මෙවැනි පාඩුව අඩුකර ගැනීමට තිබුණ බව ගුවන් සේවයක් පිළිබඳ විශේෂඥයන්ගේ මතයයි. නමුත් තම පුද්ගලික සංචාරක සඳහා ෙම ශ්‍රී ලංකන් ගුවන් සේවය යුරෝපීය රටවලට ගමනාන්ත යෙදවීම ජාතික අපරාධයකි. මං මෑත දිනවල සෑම මැතිඇමතිවරයෙක් ම තම දරු පවුල් සමග යුරෝපයට සංචාරය කළේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බව අමතක නොකරන්න..

  6. David Milli-banda says:

    සෞදි රජය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ. when ?
    ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වය සහ එහි ඉන්ධන බිල්පත් ගෙවීම සඳහා සහායක් ලබා ගැනීමට සෞදි රජය වෙත යාමට තීරණය කල බවයි.- Only decided

    Aiyoooo………….. Usually Late…….. Still on the way….

    Gamarala : What do you do if there is no money.

  7. සනත් ඉතාලිය says:

    අපෝ මේ කාලකන්නි ගුවන් සේවෙ පාඩු පිට කෝටි ප්‍රොකෝටි ගනන් ලැබුවත් මේක පුද්ගලිකරනෙ කරන්නෙ නැහැ . ඒ වගේම විකුනන්නෙත් නැහැ .එහෙම කරල කොහොමද තම හත්මුතුබ්පරම්පරාවට කීයක් හරි හොයාගන්න තියනාවස්තාව නැතිකර්ගන්නෙ. කිසිම ලාබයක් නැති ගමනාන්ත යුරෝපෙට. ඉතාලියට තිබ්බ සතියට ගමන් වාර තුනත් නැතිකරා. කොරෝන අවස්තාවෙ අපි ලන්කාව ආවෙ තනි ගමනට යුරෝ 1020ක් ගෙවල.. සාමාන්‍යෙන් ආපසු ගමනටත් අයකරන්නෙ යුරෝ 680 යි. . එමිරේට් කටාර් 620යි. හැබැයි හැමදාම කෝටි ප්‍රොකෝටි ගනන් පාඩුයි. ඔය සමාගම ලන්කාන්ඩුවට හෙනයක්. ඕක නැතිකරලම දාන්න ඕනෙ

  8. සුදු කෙස් ඇති පිස්සු වඳුරා says:

    මරු පොරට දීලා තියෙන්නේ ජාතික ගුවන් සේවය….රට වටේම ඉඩ කඩං අල්ලන් යන පට්ට හොරා මු … අනිත් එක හැමදාම රට යන්නෙ නොමිලේ….ඒවට යන සල්ලිත් ඕකේ පාඩුවට වගකියන්න ඕන….මිනිස්සු සල්ලි දීලා එන්නේ…ඕකෙ පාඩු වෙන්න කොහොමත් බෑ…..

Main News