ශ‍්‍රී ලන්කන් ලාබ උපයා දෙන්නේ ඉන්දියාවටද.. අරුම පුදුම ගුවන් ගාස්තු.. ජපානයේ සිට ලංකාවට 100,000යි.. ඉන්දියාවට 65,000යි හෝටල නොමිලේ..

December 24, 2019 at 12:40 pm | lanka C news
ශ‍්‍රී ලන්කන් ලාබ උපයා දෙන්නේ ඉන්දියාවටද.. අරුම පුදුම ගුවන් ගාස්තු.. ජපානයේ සිට ලංකාවට 100,000යි.. ඉන්දියාවට 65,000යි හෝටල නොමිලේ..

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමේදී එහි විශාල කාර්ය භාරයක් පැවරෙන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමටයි. නමුත් මේ වනවිට එම කර්තව්‍යය ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මගින් සිදුවන්නේ නැත.

ගුවන් සමාගම පාඩු ලබන බව පවසන පාලනාධිකාරය එහි ඇති අති අනවශ්‍ය වියදම් අවම කිරීම වෙනුවට ගුවන් ගාස්තු ඉහල දැමීම පමණක්ම පාඩුව අවම කරගැනීම ලෙස සිතති. එහි ප්‍රතිපලයක් විදිහට නැවත වතාවක් ජපානය – ශ්‍රී ලංකාව අතර ගුවන් ගාස්තුව 10% කින් ඉහල දමා ඇත.

ඒ අනුව අවම වශයෙන් සංචාරකයකු ශ්‍රී ලංකාවට යෑම සදහා පමණක් යෙන් 100,000 ( රුපියල් 170,000 ) පමණ වියදම් කල යුතුය. පුදුමය නම් ශ්‍රී ලංකාවට යෑම සදහා ගුවන් ගාස්තුව යෙන් 100,000 වනවිට, එම ගුවන් යනයෙන්ම ගොස් ශ්‍රී ලංකාවේ දිනක් නතරවීමට හෝටල් පහසුකමද දී ඉන්දියාවට යන මගියකුට වැය වන්නේ යෙන් 65,000 හෝ යෙන් 70,000 දහසක මුදලකි. මෙය පුදුමාකාර ගණන් සැදීමකි.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට යන සංචාරකයන් සදහා වැඩි මුදලක් අයකරමින් අඩු සැලකිල්ලකුත්, ඉන්දියාවට යන සංචාරකයන් සදහා අඩු මුදලක් අයකර වැඩි සැලකිල්ලකුත් සපයන්නේ මන්ද යන්න මහත් ගැටලුවකි.

ඒවගේම ආසියානු කලාපයේ වෙනත් රටවල් තම රටෙහි ජාතික ගුවන් සේවය යොදාගන්නේ තම රටට වැඩිවැඩියෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම සදහායි. උදාහරණයක් ලෙස තායිලන්තය සහ ඉන්දුනීසියාව ගතහොත් ගුවන් ගාස්තුව යෙන් 60,000 ප්‍රමාණයේ රදවාගෙන සිටි.

එබැවින් විශාල වශයෙන් සංචාරකයන් එම රටවල් සදහා ගමන් කරන අතර රට තුලදී සංචාරකයන්හට වෙලදාම් කිරීමෙන් විදේශ විනිමය උපායා ගනියි.

ලංකාවට යෑමට පෙරම ගෙලමිරිකා දැමීමේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කලාව දැන්වත් නතර කර දැමිය යුතුය. මේ පිලිබදව වගකිව යුත්තන්ගේ අවදානය යොමුවන්නේ නම් මැනවි.

– සමන් ප‍්‍රියංකර (ජපානයේ සිට)

280 views

20 Comments to “ශ‍්‍රී ලන්කන් ලාබ උපයා දෙන්නේ ඉන්දියාවටද.. අරුම පුදුම ගුවන් ගාස්තු.. ජපානයේ සිට ලංකාවට 100,000යි.. ඉන්දියාවට 65,000යි හෝටල නොමිලේ..”

  1. Aurora says:

    මෙවැනි අසමජ්ජාති වැඩ ගැන පුදුමවෙන්න එපා. මෙල්බර්න් – කොළඹ ශ්‍රී ලන්කන් එයාර්ලයින් තමයි වැඩිම මිල තියෙන්නේ. ශ්‍රී ලන්කන් එයාර්ලයින් පාලනාධිකාරිය හරිම අකැමැතියි මගීන් වැඩිවෙනවට. ශ්‍රී ලන්කන් ගුවන්යානා වල කාගෝ ඉතාම අඩුවෙන් තමයි යන්නේ. එමිරේට්ස් කාර්ගෝ ෆුල්. මේ තමයි යහපාලන ක්‍රමවේදය. සියලුම ව්‍යාපාර බන්කොලොත්කරන. නව රජය මේ සියළු වැරදිවලට වගකිවයුතු කාලකන්ණි හට නිසි දඬුවම් දේවියයි බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය ආයතනවල කඩාකප්පල්කාර ක්‍රියා කරපුඋන්ට එරෙහිව කටයුතුකරන්න නීති නැතිනම් නීති හදමු. ඒ සඳහා පාර්ලිමේන්තු බලය දෙමු.

  2. DP says:

    This is true. Sri lankan air line ticket price from Melbourne to Colombo is much higher than to any destination in India.Those passengers who travel to India use one additional flight to their destination but still their airfare is less than what we pay.

  3. Nana says:

    There is a good reason this type of pricing on direct flights. This is not a new thing or something only done by Srilankan. Pls ask from a known person…

  4. hadagasma says:

    Dhaka / Colombo return ticket Rs. 169,000/= Three hours direct flight. UL sucking our blood like nothing. Dhaka/Colombo is the profitable sector according to the reports.

    April further increasing due to many Sri Lanka coming home for holidays. And two Eid vacation same.

    • lucky says:

      This is really good marketing. Number of Indians travelling to India is much more than the number of Sri Lankans travelling. So it is better to give a lower price to attract more Indians to fill the plane. It is not sponsoring Indians.
      It is good marketing. Very similar to lowering taxes to collect more tax revenue.
      Think ! Think ! and Think again.

  5. නිමල් says:

    හැම දේකටම ගන උස්සලා ලාබ ගන්න බැහැ. ටිකට් ගාන, හෝටල් ගාන, වැඩිනම් සන්චරකයෝ එන්නේ නැහැ.

  6. Raki says:

    Even from Maldives the ticket is over 300USD. Wherein Maldives to india (even via colombo) is super cheap. I dont get the logic behind it. #Srilankanairline

  7. Ana says:

    Brains and practical knowledge or experience ??????????????? heee..eeee