ශ‍්‍රී ලන්කන් ලාබ ලබා පෙන්වනවා.. කලාපයේ දියුණුම ගුවන් සේවය කරනවා..- ව්‍යාපාර ලොව දිග්විජය කල නව ශ‍්‍රීලන්කන් සභාපති කියයි..

December 18, 2019 at 3:00 pm | lanka C news
ශ‍්‍රී ලන්කන් ලාබ ලබා පෙන්වනවා.. කලාපයේ දියුණුම ගුවන් සේවය කරනවා..- ව්‍යාපාර ලොව දිග්විජය කල නව ශ‍්‍රීලන්කන් සභාපති කියයි..

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරිම සදහා කඩිනම් යෝජනාවලියක් සකසන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා  සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරින්ට උපදෙස් දෙයි.

මේ වනවිට ආයතනය තුළ පවතින තත්ත්වය, මුහුණ දි තිබෙන ගැටළු හා ඊට අදාළ දිගුකාලින හා කෙටිකාලින විසදුම් යෝජනා ඊට ඇතුළත් වියයුතු බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්  ඇතුළු බලධාරින් සමග ඊයේ (17) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දි ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. ජනාධිපතිවරයාගේ ‘ රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙල සංචාරක ගුවන්සේවා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන තුළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා රැස්වීම කැදවා තිබිණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කටයුතු වැඩි දේශීයත්වයට ප්‍රමුඛතාවය ලබා දෙන ආකාරයෙන් කටයුතු කරන ලෙස උපදෙස් දුන් රණතුංග මහතා ගුවන් යානාවල මගීන්ට සංග්‍රහ කිරිම් වැනි කටයුතු වල දි ඒ  සදහා දේශීය නිෂ්පාදන ලබා ගන්නා ලෙස ද උපදෙස් දුන්නේය.

“ඔය සමාගම්වල තියෙන ටෙන්ඩර් වලට සාමාන්‍ය මිනිහෙකුට අයදුම් කරන්න බැරි තරම් නීති රීති වලින් වැහිලා. ඒක නැති වෙන්න ඕනැ. මේ රටේ ඕන තරම් දේශීය ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඇයි අපිට ඒ අයට අවස්ථාව දෙන්න බැරි” ඇමතිවරයා මෙහිදි ප්‍රශ්න කළේය.

“ජනාධිපතිතුමාගේ අපේක්ෂාව දේශීය කර්මාන්ත දියුණු කිරීම. අපි ඒ සදහා කටයුතු කළ යුතුයි. ජාතික සම්පත් විකිණීම අපේ රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි. ඒ නිසා මේවා දියුණු කරන්න ඕනේ. ලාබ ලබන තත්ත්වයට ගෙන එන්න ඕනේ. ඒ සදහා අපි කැපවීමෙන් කටයුතු කරන්න ඕනේ”. ඇමතිවරයා කීවේ ය.

මෙහි දි අදහස් දැක්වු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සදහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි. කලාපයේ දියුණුම ගුවන් සේවාව බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය පත් කිරීම සිය අපේක්ෂාව බව ද සභාපතිවරයා කීවේය.

රට නගන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙල පිළිබද ව අචාර්ය ජගත් වැල්ලවත්ත මහතා මෙහි දි නිළධාරින් දැනුවත් කළේය. අමාත්‍යාංශ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මිය ඇතුළු නිළධාරිහු මෙම අවස්ථාවට එක් වූහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

234 views

17 Comments to “ශ‍්‍රී ලන්කන් ලාබ ලබා පෙන්වනවා.. කලාපයේ දියුණුම ගුවන් සේවය කරනවා..- ව්‍යාපාර ලොව දිග්විජය කල නව ශ‍්‍රීලන්කන් සභාපති කියයි..”

  1. sinha le says:

    කරුණාකර ලෝකයේ සිටින ශ්‍රී ලාන්කිකයන්ට ගමන් කිරීමට විශේස අඩු ගාස්තු ක්‍රමයක් හදුනාදෙන්න විසාල විදේස මුදල් රැසක් මෙම මාර්ගයෙන් අපේ රටට ගෙන්වා ගත හැක.

  2. Don says:

    සියලුම ගුවන් සේවක සේවිකාවන් සදහා පුහුණුවක් ලබාදීම අත්‍යාවශ්‍ය කාරනයකි.
    ඔවුන්හේ රැකියාව මගීන්ගේ පහසුව සහ සේවා සැපයීම බව සෑම ගුවන් ගමනකටම පෙර ඔවුන්ට මතක් කරදිය යුතුයි.
    Recently I flew from Melbourne to Colombo, their service was extremely poor, very rude staff with arrogance.
    I wouldn’t select this service again.

  3. Don says:

    සියලුම ගුවන් සේවක සේවිකාවන් සදහා පුහුණුවක් ලබාදීම අත්‍යාවශ්‍ය කාරනයකි.
    ඔවුන්හේ රැකියාව මගීන්ගේ පහසුව සහ සේවා සැපයීම බව සෑම ගුවන් ගමනකටම පෙර ඔවුන්ට මතක් කරදිය යුතුයි.
    Recently I flew from Melbourne to Colombo, their service was extremely poor, very rude staff with arrogance.
    I wouldn’t select this service again.
    Thanks

  4. Hemantha says:

    Best wishes to Mr. Ashok patirage.

  5. Ravi says:

    Lets wait and see! Srilankan Airlines is the most expensive airline in this area – corruption, corruption, corruption!

  6. Ana says:

    EoI called but sadly those applied with aviation experience were not even considered. As usual Henchmen kith and kin were appointed. Unless you know somebody no expert will be considered. A disappointing fact here in Sri Lankan politics. This is not happening in USA.