ශ‍්‍රී ලන්කන් ලොක්කාගේ මාසික වැටුප රුපියල් ලක්‍ෂ 35යි…

June 26, 2017 at 3:00 pm | lanka C news
ශ‍්‍රී ලන්කන් ලොක්කාගේ මාසික වැටුප රුපියල් ලක්‍ෂ 35යි…

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියාගේ වැටුප රුපියල් ලක්‍ෂ 35ක් බව හෙලිව ඇත.

මේ බව හෙලිව ඇත්තේ සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය කැදවා කැබිනට් මණ්ඩලය විසින් කල ප‍්‍රශ්න කිරීමේදීය.

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක ධුරය දරන්නේ සුරෙන් රත්වත්තේ මහතා වන අතර ජ්‍යෙෂ්ඨ ප‍්‍රධාන විධායක නිලධාරියාටද මාසික වැටුප ලක්‍ෂ 27කි.

300 views
Main News