ශ‍්‍රී ලන්කන් වල පල්ලේ.. ගොඩගන්න කෝටි 1320ක ණයක් අනුමතයි..

October 1, 2017 at 3:00 pm | lanka C news
ශ‍්‍රී ලන්කන් වල පල්ලේ.. ගොඩගන්න කෝටි 1320ක ණයක් අනුමතයි..

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම මේ වන විට මුහුණ දී ඇති දැඩි මුල්‍ය අර්බුදය හේතුවෙන් එය පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි 1320ක පමණ ණය මුදලක් දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 675ක්, මහජන බැංකුවෙන් රුපියල් කෝටි 645ක් ලෙස මෙම ණය මුදල ලබා දීමට නියමිත බවද පැවසෙයි.

වසර කියිහපයක් තිස්සේම ගුවන් සමාගම දැඩිව මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අතර වසරකට පාඩුව දළ වශයෙන් රුපියල් කෝටි 2600 ක් පමණ වන බවද සදහන්ය.

සමාගම පවත්වාගෙන යාම සඳහා ණය මුදලක් ලබා දිය යුතු යයි කැබිනට් මණ්ඩල යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා විසිනි.

41 views

3 Comments to “ශ‍්‍රී ලන්කන් වල පල්ලේ.. ගොඩගන්න කෝටි 1320ක ණයක් අනුමතයි..”

  1. Nimal says:

    Shut Sri Lankan down. We don’t know how to run an airline. Have an open skies policy and et other airlines come in.

    • Nana says:

      Very True, Due to political meddling, All Govt Businesses fail today or tomorrow. It is only matter of time. Dont try to reinvent the wheel, it is the golden truth.. All developed Countries, even India have privatised, but we are going back. Mainly JVP & unions should be responsible for this mess. When we privatise Govt enterprises, Politicians will have less chance to use them to fill their supporters. THAT ITSELF IS A GREAT. Govt is trying ti find a partner, but nobody to take it. Such a bad situation..!!

  2. Third Umpair says:

    මෙම තීරණය රටත් ජනතාවත් දැඩි අසීරුවට පත් කරයි.
    උග්‍ර ලෙස දේශපාලනීකරණය වූ ශ්‍රී ලන්කන් එයාර් ලයින් එකේ ඇති කළමනාකරණ දුර්වලතා නිසා සිදුවන පාඩුව , ලංකා බැංකුව හා මහජන බැංකුව මත පැටවීම මෙම ණයදීම තුලින් සිදුවේ.
    මෙම ණය නැවත අයකර ගැනීම ඉතාම ගැටළු සහගත වෙයි. එමනිසා මෙම බැංකු දෙක පාඩුලබන අතර , මෙම බැංකුද විකුණා දැමීමට අවස්ථාව සැලසේ.

Main News