ශ‍්‍රී ලන්කන් විකුණා දමයි.. අන්තිම තීන්දුව 09 වැනිදා..

November 7, 2021 at 3:22 am | lanka C news
ශ‍්‍රී ලන්කන් විකුණා දමයි.. අන්තිම තීන්දුව 09 වැනිදා..

ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලික අංශයට පැවරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

දැනට ශ්‍රී ලංකා ගුවන් සේවය සතුව අංශ 5ක් ඇති අතර ඉන් භූමි මෙහෙයුම් අංශය හා ගුවන් භාණ්ඩ අංශය ඇමරිකානු ඩොලර් මිලියන 100 ක පමණ ආදායමක් වසරකට ලබයි.

ගුවන් යානා ලීසිං ගෙවීම, ඉන්ධන වියදම, අනෙකුත් වියදම් බරපතළ ලෙස ඉහල යාම නිසා සේවාව පාඩු ලබමින් ඇතැයිද වාර්තා වෙයි.

එක් ගුවන් යානාවක් සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5-8 කටත් අතර ප්‍රමාණයක් ලීසිං වාරිකය ලෙස ගෙවීමට සිදු වුණ අතර මුළු වියදමින් 25% ක් ඉන්ධන සඳහා දැරීමට සිදුව තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව රටට විශාල බරක් වී ඇති නිසා රජයට යම් කොටස් ප්‍රමාණයක් රඳවා ගෙන ඉතිරිය පුද්ගලික අංශයට පැවරීම රජයේ අවධානය යොමුව ඇත.

එළැඹෙන 09 වන දා වන විට මේ සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹීමට නියමිතව ඇතැයිද දැනගන්නට තිබේ.

101,901 views

24 Comments to “ශ‍්‍රී ලන්කන් විකුණා දමයි.. අන්තිම තීන්දුව 09 වැනිදා..”

  1. Islander says:

    Semi gov ආයතනයක් ලෙස ලාභ ලබමින් ගොඩනැගෙමින් ආ Sri Lankan ගුවන් සේවය එහි සභාපති වූ Peter Hill මහතාව මහින්ද රාජපක්ෂ විසින් මෝඩ ලෙස ඉවත් කිරීමෙන් පසු දිගටම පාඩු ලැබුවා.දිගටම පාඩු ලබනවාට වඩා නැවතත් කොටස් විකුණා විදේශික සභාපති වරයෙක් පත් කිරීම ඉතාම වැදගත්. ලොව සියලුම අති සාර්ථක ගුවන් සේවාවන්,වරායන් සියල්ල රාජ්‍ය හා පෞද්ගලික අංශ හවුල් ව්‍යාපර ලෙස පවත්වාගෙන යනු ලබයි. නමුත් රාජපක්ෂලාගේ චීනජාති ආලය නිසා මේ අවස්තාවේදී බොහෝවිට චීනය මැදිහත් වීමට ඉඩ තිබෙනවා…එය ලංකාවට ලෝකය සමග ගනුදෙනු කිරීමට තවත් බාධාවක්.චීනය හැර වෙනත් බටහිර/මැදපෙරදිග සමාගමක් සමග වහාම සම්බන්ධ වීමෙන් කලාපීය
    භූ දේශපාලන අරගලය තුල තැලී පොඩිවී යාමෙන්වත් වැලකී ඉන්න පුලුවන්.