ශ‍්‍රී ලන්කන් සේවකයන් 1000ක් සේවයෙන් ඉවත් කෙරේ.. නිලධාරීන්ගේ වැටුප් 25%කින් කපයි..

June 7, 2020 at 10:40 am | lanka C news
ශ‍්‍රී ලන්කන් සේවකයන් 1000ක් සේවයෙන් ඉවත් කෙරේ.. නිලධාරීන්ගේ වැටුප් 25%කින් කපයි..

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහ එහි සහායක සේවාවල සිටි සේවකයන් දහසක පමණ පිරිසක් තාවකාලිකව සේවයෙන් ඉවත් කර තිබේ.

මෙම තීරණය ලබන වසරේ මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව එහි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා සඳහන් කලේයත.

ආයතනයේ කොන්ත්‍රාත් පදනමින් සේවය කළ 400ක පිරිසක් සහ ආයතනයට සම්බන්ධ සේවය කළ වෙනත් ආයතනයක සේවකයන් 600ක පිරිසක් මෙසේ තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කර ඇත.

එමෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන්ගේ වැටුප 25% කින් කපා හැරීමට සියලු වෘත්තිය සමිති එක ගෙවී ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම වැටුප් කපා හැරීමද ලබන වසරේ මාර්තු මස දක්වා සිදු වෙයි.

33,529 Viewers

6 Comments to “ශ‍්‍රී ලන්කන් සේවකයන් 1000ක් සේවයෙන් ඉවත් කෙරේ.. නිලධාරීන්ගේ වැටුප් 25%කින් කපයි..”

  1. Jagath Silva says:

    Kohomada softlogic

  2. කෝ රෝනා අල්මේදා says:

    ඉතා නිවැරදි තීරණයක් . අන්වශ්‍ය වියදම් කපා හැර ජනතාව මත පටවා ඇති අධික බදු බර ඉවත් කරන්න. තැන්ක් යු ස ‘ . පුලුවන්නම් නිකන් වැටුප් ගන්න පතිල ට් අය්යලා වත් අඩු කරගන්න බලන්න.

  3. ඉක්කා says:

    හොදයි නමුත් තාවකලික පියවරක් බව සේවකයන්ට කියන්න. තත්ත්වය හරි ගියාම ඒ අය ආයෙත් සේවයට ගන්න. ඒ වගේම පඩිය ගලපන එක නම් හොදයි. මේක කලයුතු විශාල පඩි සහ දීමනා ගන්න තවත් ආයතන තිබෙනවා,ඒවා සම්බන්ධව සොයා බලා ඒවගේත් පඩිය ටිකක් අඩු කරන්න බලන්න.

  4. sunimal says:

    ලබන වසරේ මාර්තු වෙන්න කලින් අපේ ගුවන් සේවයට ලාබ ලබාගන්න පිලිවලකට සියලු දෙනා එක්වී සහාය දෙමු අපේ දේ රැකගමු බුදු සරණයි

  5. Luxman says:

    Are you aware how the excutive grades in this airline earn additional allownces by using the higway 10000lkr monthly plus fuel allownce
    The best story is they hire a van for office tranportation from colombo to katunayake
    (15 seater pool van) ,with this kind of malpractice how can we as citizens of this country have a smoth operation of a airline

  6. Asoka says:

    ඉස්සර මහින්ද මුත්තාගේ කාලේ ඕවයේ තෙල් වතුරවත් බලන්නේ නැතිවනේ දිව්වේ.