ශ‍්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කරන්නැයි UNHRC දැනුම් දේ..

January 25, 2021 at 9:20 am | lanka C news
ශ‍්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කරන්නැයි UNHRC දැනුම් දේ..

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ පිළිගත හැකි ශක්තිමත් සාක්ෂි පවතින බැවින් ශ්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි දැඩි තීරණ වෙත යෑමට සිදුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවේ දැක්වේ.

ලබන මස අගදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ කිරීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසි වාරයට ඉදිරිපත් කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලෙට් මෙම වාර්තාව සම්පාදනය කර ඇත. ශ්‍රී ලංකාව පසුගිය වසරේ (2020) පෙබරවාරි මාසයේ දී මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවෙන් ඒකපාර්ශ්විකව ඉවත්වීමෙන් අනතුරුව සුළුතර ජාතීන් කෙරෙහි එල්ල කරන ප්‍රචණ්ඩත්වය සහ වෙනත් බලපෑම් විශාල ලෙස වැඩි කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ. එසේම සිවිල් සමාජ ක්‍රියාකාරින්ට එරෙහිව සිදු කෙරෙන බියගැන්වීම් මෙන්ම මෑත කාලීනව සුළුතර මුස්ලිම් ප්‍රජාවට එල්ල කෙරෙන පීඩනයන්ද මානව හිමිකම් කොමිසමේ අවධානයට යොමු විය යුතු බව මහකොමසාරිස්වරිය අවධාරණය කර ඇත. මෙම තත්ත්වයට පිළිතුරු ලෙස එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව නිශ්චිත පියවරයන් කිහිපයක් ගත යුතුව ඇති බවද ඇය පෙන්වා දී තිබේ.

මේ අතර බ්‍රිතාන්‍ය සහ තවත් පාර්ශ්ව කීපයක් ඒකාබද්ධව මෙවර මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට සූදානම් වේ. කෙසේ වෙතත් එම යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් හෝ විරෝධය පළකිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාව මේ වන විටත් තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය 2020 පෙබරවාරි 22 දා සිට මාර්තු 19 දා දක්වා පැවැත්වීමට නියමිතය.

නයන තරංග ගමගේ
Aruna

91,591 views

42 Comments to “ශ‍්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කරන්නැයි UNHRC දැනුම් දේ..”

  1. GAMINI SENANAYAKE says:

    මේ යෝජනාව සියලු ශ්‍රී lankan’s වත්කම් තහනම් කිරීමක් ලෙස අර්ථ දක්වලා වැරදි ජනමතයක් හදන්න එපා. ඔය කරන්න හදන්නේ පහුගිය election එක කාලය කරපු විදියටම බොරුව වපුරnන හදන එක. යෝජනාවේ තියෙන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට වගකිවයුතු දේශපාලකයින්ගේ/ පාලකයින්ගේ නිලධාරින්ගේ වත්කම් තහනම් කරන්නට කියලා. ඒක නිසා එවැනි තහනමක් සිද්ධ වුනොත් සිද්ධ වෙන්නේ ඊට වගකිය යුතු මිනිසුන්ගේ පමණයි.පහුගිය කාලය සිංහyo වගේ ජාත්‍යන්තර විරුද්ධව කෑ ගහගෙන ගියාට, 30/1යෝජනාවෙන් ඉවත් වෙලා, ආපහු කොමිසමක් පත් කරන්න කටයුතු කිරීමෙන් පැහැදිලි වෙනවා, ආණ්ඩුව බඩගාගෙන ගිහිල්ලා ජාත්‍යන්තරයට නeවෙන්නයි යන්නේ

    • Jepi buster says:

      අපේ බැසිල් සර් ගෙ ඇමරිකන් වත්කම් තහනම් කරයිද?

  2. Choon pan says:

    Great news, will see what these pada show weerayas like weerasekara, weerawansa,gommanpilila and Nandasena are going to do. Nandasena and Basil will plead suddha buggers to protect their multi million dollar assets in US and arround the world. Great news. These idiots don’t know how to be tactful like the previous government. 👍👍👍 my only worry is will people lose GSPplus and other export benefits.? Other than that this is a fantastic news.

    • Paan Van says:

      ගිය ආණ්ඩුව කියන්නේ ඔය කියන විදෙස් බලවේග වල සුරතලෙක් . ඒ නිසා හානියක් පීඩනයක් නෑ . ඒක ජාත්‍යන්තරය කළමනාකරණය කිරීමක් ලෙස අර්ථ දක්වන්න පුළුවන් ප්ලැකනිල් බොන්ඩ බලාගෙන හිටපු අම්බරුවෙකුට විතරයි

      • ක්‍රිමිනල් says:

        ගිය පාණ්ඩුව දේවල් යම්තාක් දුරකට මේ පාණ්ඩුවට වඩා කළමණාකරනය කලා , රණ විරුවෝ දංගෙඩියට ගෙනිච්චද ? ජී.එස්.පී ප්ලස් සහනය නැව්ත ලබා ගත්තා , දැන් මේ පාණ්ඩුවත් රටට පොර ටෝක් දුන්නට ජාත්‍යන්තර ඉස්සරහ දන නමලා දෙන්නේ , ඉන්දියාවට නැ.පර්‍යන්තය ,චිනෙට ඔන දෙයක් , දරුස්මාන් වාර්තාව ආපහු ඇදලා අරගෙන , උබලා වගේ ගස් ගොබ්බයො රැවටුනාට , ලෝකය අන්දන්න බෑ .

        • Dilshan says:

          We don’t need GSP we developed our products becuse we didnt have GSP during Mahindas time. Mahinda didn’t betray the country for GSP
          Its the UNP government who betrayed our heros at UN and got GSP. Only pakanil Sajith fools would support UNHRC

        • JUDE says:

          මුස්ලිම් අන්තවාදීන් දැන් LTTE වගේම ජිනීවා ගිහින් අපේ රට ආක්‍රමණය කිරීමටයි මේ උත්සාහය …රටේ පාලකයින්ට කොන්දක් නැහැ ඒ නිසයි අන්තවාදියෙක් රටේ අධිකරණ ඇමති බවට පත් කලේ ..සුළු ජාතීන්ට රටේ බලතල වැඩියෙන් ලබා දීම මෙයට ප්‍රධාන හේතුවයි ….සුලුජාතින් අපේ රටට විරුද්ධව පැමිණිලි කර නැවත ලංකාවට ඇවිත් සැප විදිනවා ඔවුන්ට විරුද්ධව කිසිම නීතිමය පියවරක් ගන්නේ නැහැ ..ඒ නිසා තමයි LTTE ත්‍රස්තවාදය අපේ රටේ බලවත් වුයේ …දැන් මුස්ලිම් අන්තවාදය …පාස්කු බෝම්බයෙන් මියගිය ජනතාවට තාමත් සාධාරණයක් ඉටුවූයේ නැහැ නේද ? සිංහල කාන්තාවන් වද භාවයට පත් කල මුස්ලිම්
          වෛද්‍යවරයා නිදැල්ලේ ..මහපරිමාණයෙන් විල්පතු වන උද්‍යානය විනාශ කල බදියුදීන් නිදැල්ලේ ….මහා බැංකු හොරු නිදැල්ලේ ….ජිනීවා කියමින් ජනතාව රැවටිය යුතු නැහැ ..කුමකටද ජිනීවා යෝජනා වලට අපි බය වෙන්නේ ? ඔවුන් කරන චෝදනා අපේ රටේ සිදු නොවේ ..සුලුජාතින්ගෙන් තමයි මහා ජාතියට හිරිහැර සිදුවන්නේ …මේ සුළුජාතීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කර අපේ රටින් ජිනීවා වලට පිටමන් කල යුතුයි

      • Damian says:

        Unp නපු න්සක අමනයන්ට මේ නිව්ස් දැක්කම මාර ජොලි.

    • opps says:

      රටට කෙලවෙනකමි බලං ඉන්න මෙිවගේ News එකකට Fantasticකියලා දාන්ට තරමි මු අවජාතයෙක්ම වෙන්ට ඔීනේ. යකෝ මොනවා උන් ඉපදුන රට. පක්ෂ පාට ගහගනින් පුකේ .. මෙි වගේ වෙලාවකට අවජාතකකම පෙන්නන්ට එපා බුරැවෝ

    • Karunadasa says:

      රටට කෙලවෙනකමි බලාඉදගෙන ඉදලා thumbs up දාන්ට තරං සක්කියෙක් මු…..මු අර මොංගලයගේ පොන්සි කල්ලියේ එකෙක්

  3. ක්‍රිමිනල් says:

    ජ්යනාත් කොළඹගේ මහතා ප්‍රකාශයක් සිදුකරනවා ,එහි ඇති බරපතළම කාරණය වන්නේ දරුස්මාන් වාර්තාවද සලකා බැලීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවට වූ කාරණාවය. ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් විමර්ශනය කර නිකුත් කරනු ලැබූ බරපතළම වාර්තාව වන්නේ දරුස්මාන් වාර්තාවය ,එය කෙතරම් දරුණු වූවාද කියනවා නම් එවක පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තා , වත්මන් ආණ්ඩුවද බලයට පත්වූයේ කිසිදු රණවිරුවකුව දංගෙඩියට නොයවන බවටත්, ඔවුන් දිවි හිමියෙන් ආරක්ෂා කරන බවටත් රටට පොරොන්දුවක් දෙමිනි. ඒ අනුව වත්මන් ආණ්ඩුවටද කිසිසේත්ම ජාත්‍යන්තර අධිකරණ යෝජනාවකට එකඟ වීමට හැකියාවක් නැත. ඒ අනුව අවසානයේදී අපට උපකල්පනය කල හැක්කේ, ජනාධිපතිවරයා දේශීය යාන්ත්‍රණයක් හරහා එම චෝදනා විමර්ශනය කිරීමට එකඟතාවය පළකොට ඇති බවයි. රටට මොනතරම් බෛලා ගැහුවත් ජාත්‍යන්තර ඉදිරියේ මේ පාණ්ඩුව රට භූ දේශපාලනයේ පන්චින් බෑග් එකක් කොට ඇත.

    • Nimal says:

      ඇය බං2105-19 මෙවා උනේ නැත්තේ? දන්නේ නැති නිසා අහන්නේ

      • ක්‍රිමිනල් says:

        ජාත්‍යන්තර විනිසුරුවන්, නඩු පවරන්නන්, විමර්ශකයන් සහ විත්තියේ නීතීඥයන් සම්බන්ධ වගවීමේ යාන්ත්‍රණයක් ඇතුළුව සත්‍යය, යුක්තිය, වන්දි ගෙවීම සහ පුනරාවර්තනය නොවන බවට සහතික කිරීම සඳහා වූ කැපවීම ද ඇතුලත් වූ මානව හිමිකම් කවුන්සිලයේ සම්මුති යෝජනාව සමග 2015 දී ශ්‍රී ලංකාව සම්බන්ධ විය. මන්දගාමී ලෙසින් මුත් ඉන් ප්‍රගතියක් ඇති වූයෙන් එම වරය දීර්ඝ කිරීමට ද කවුන්සිලයට උනන්දු විය. යහපාලන නඩය මේක ඇදං ගියා , 2019 ගොඨාභය මහත්තයා ආපූ ගමන් කලේ ඔය කැපවීම් ,වගවීම් වලින් ඈත් වුනු කාරනාව , එත් දැන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව
        විමර්ශනයට ලක්වෙලා , එහා සමගාමීව ජනාධිපතිවරයා ඉශ්ඨ සිද්ද කලේ තවත් කොමිසමක් පත් කිරීම , මේවගේ කාරනා වලින් ජාත්‍යන්තර සංවිධාන අන්දවන්න බැහැ .කල යුත්තේ අර MCC යට ගහපු ගේම වගේ වැඩක් , එත් දැන් පරක්කු වැඩියි. මහින්ද මහත්තයගෙන් අවවාද ,අනුශාෂනා ගත්තනං මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිග යන එකක් නෑ. රාජ්‍යතන්ත්‍රය”කපට්”මොළයක් නැතුව ගමේ චන්ඩී පාට් ලෝකෙට දාලා ගෙනියන්න බෑ.

        • Nimal says:

          ඒ කියන්නේ ඔහේ කියන විදියට අපි ඇමරිකාවට යුරෝපා රටවල් වලට ඔීනේ විදියට වැඩ කරන්ට ඔීනේ. අපේ රට මානව හිමිකමි කඩකරලා කියලා පිලිගන්න ඔීනේ. දඩුවමි වලට සමිබාදකවලට බයේ කියන දෙයක් පිලිගන්න ඔීනේද. මෙි ඔක්කොම අපේ ආන්ඩුව සාපලත් යුද්දේ ඉවරකරපු හින්ද නේද? යුරෝපෙට ඇමරිකාව නැමෙන්නේනැතුව චිනෙට රැසියාවට මිත්‍ර උන නිසා නේද?. උබවගේ පරාජිත මනසින් වැදවැටෙන්ටම ඔීනෙද?

          • Hudson says:

            Yako, whether you like to agree or not there were human right violations. At least this government should have kept that ace criminal Sunil Rathnayaka behind bars who was responsible for wiping out a innocent Tamil family. This retard came and released him to get cheap popularity. Further butchering prisoners won’t help. Nothing has happened like this during yahapalana time. So your. Balu kendiriya is pointless.

          • aniwa says:

            සුනිල් රත්නායක හමුදාවේ, ඒ කියන්නේ රණ විරුවෙක්.
            රණවිරුවෙක් කරන සෑම ක්‍රියාවක්ම නිවැරදි, නීතිය ඔහුට අදාළ නැත.
            ඔහු කපා කොටා ඝාතනය කලේ (අත දරුවන් සමග) දමිල ජනතාවයි.
            ඒ නිසාද ඒ සත් කාර්යය අපගේ සිංහල බෞද්ධ රාජ්‍යයට අනුකුලයි.
            අධිකරණ, මහා අධිකරණ නඩු වලින් ඔහුව වැරදිකරු කර මරණිය දණ්ඩනය කලේ අධිරාජ්‍යවාධි කුමන්ත්‍රණ නිසා සහ ජවිපෙ, යූඇන්පී දේශද්‍රෝහීන් විසිනුයි.
            අපේ බෝධිසත්ව ගොටාභය සර් ට පින් සිදුවන්න සුනිල් රත්නායක උත්තමයා නිදොස් කර නිදහස් වුවා.
            ජය වේවා පොහොට්ටුවේ සියලු දෙනාටම !

          • harsha says:

            It would be possible if the world is inside Sri Lanka.

  4. cw says:

    @Gamini S and choon pan,
    If you don’t know what is happening, don’t post utter rubbish. Mind you own business.

  5. Diyasen says:

    It is hilarious to see some stupid fucks comment here without having a clue.

  6. Modaya says:

    The government shall not co-sponsor of the resolution and take action to vehemently reject it. Why is foreign secretary says he doen not reject it?

  7. බබා says:

    මානව හිමිකම් කාරයන්ට පුලුවන් ආරක්ෂක මණ්ඩලයට නිර්දේශ / යෝජනා දෙන්න විතරයි. එතනින් තමයි තහනම් ආදි දේවල් ක්‍රියාත්මක කරන්න අනුමැතියක් දෙන්නෙ. නිකම් බොරුවට චූන් වෙන සජබ සහ 3% ගොබ්බයන්ටත් බෙදුම්වාදීන්ටත් එතකම් චූන් එකේ ඉන්න පුලුවන්

    • සම්පත් says:

      EU, US සම්බාධක දැම්මොත් ඒකෙන් ලොකු පාඩුවක් අපිට ඇතිවෙනවා. ඒක නිසා දැම්මම ඉදලා අපි රුසියාව, චීනය, ඉන්දියාව වගේ රටවල් එක්ක එකට ඉන්න ඕනේ. මේකේ රුසියන් බේස් එකක් දැම්මත් පාඩු නෑ මොකද උන් ඉන්නකොට බටහිර රටවල් අත දාන්න බයයි. සිරියාව අද ඔය තරමින් හරි රැකිලා තියෙන්නේ රුසියාව නිසයි.

      • harsha says:

        අමෙරිකාවයි යුරෝපයයි ලංකාව ආක්‍රමණය කරන්න එන්නේ නෑ.

    • harsha says:

      ඒ වුණාට ඒ ඒ රටවලට තමන්ගේ රටේ නීතිය අනුව වත්කම් තහනම් කරන්න පුළුවන්. අපේ රටේ විදේශවල පවතින වත්කම් වැඩි හරියක් තියෙන්නේ අමෙරිකාවෙයි යුරෝපයෙයි මිසක් චීනයේවත් රුසියාවේවත් නෙවෙයි.

  8. We are Lions says:

    ltte diaspora may have paid lot of money to these top guys at HR Org.?
    so they have to make a big noice?
    diaspora had and has done many things to destroy our economy?
    we have to get prepared ourself to face against false & fabricated blames?
    Dr. Nalaka,
    estimate all the cost of the damage done by ltte to our country during that 30 years and after,
    and also for the killing of Indian pm(that must be paid to their family and indian Govt.),
    claim the total amount (a to z)at this HR-conference from diaspora???
    propose at the conference that Sri Lanka appoint this commissioner as a judge until we get our
    claim paid completely?

    further sri lanka will appoint an International Audit Firm to investigate all these HR-commissioners’
    and their relatives’ bank assets in order to find out that they received any money from this diaspora???
    Lion

    Note: nayana tharanga gamage please forward this to Dr Nalaka.

  9. දුටුගැමුණු says:

    මාර්තු මාසය වනවිට ලෝකයේ සිදුවන අති භයානක දරුණු ව්නාශයකින් ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානය සහමුලින්ම විනාශ වන්නේය

  10. harsha says:

    Even though the election promises were made from the standpoint that the world is inside Sri Lanka the government has to face the reality now.

Main News