ශ‍්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කරන්නැයි UNHRC දැනුම් දේ..

January 25, 2021 at 9:20 am | lanka C news
ශ‍්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කරන්නැයි UNHRC දැනුම් දේ..

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ පිළිගත හැකි ශක්තිමත් සාක්ෂි පවතින බැවින් ශ්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි දැඩි තීරණ වෙත යෑමට සිදුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවේ දැක්වේ.

ලබන මස අගදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ කිරීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසි වාරයට ඉදිරිපත් කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලෙට් මෙම වාර්තාව සම්පාදනය කර ඇත. ශ්‍රී ලංකාව පසුගිය වසරේ (2020) පෙබරවාරි මාසයේ දී මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවෙන් ඒකපාර්ශ්විකව ඉවත්වීමෙන් අනතුරුව සුළුතර ජාතීන් කෙරෙහි එල්ල කරන ප්‍රචණ්ඩත්වය සහ වෙනත් බලපෑම් විශාල ලෙස වැඩි කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ. එසේම සිවිල් සමාජ ක්‍රියාකාරින්ට එරෙහිව සිදු කෙරෙන බියගැන්වීම් මෙන්ම මෑත කාලීනව සුළුතර මුස්ලිම් ප්‍රජාවට එල්ල කෙරෙන පීඩනයන්ද මානව හිමිකම් කොමිසමේ අවධානයට යොමු විය යුතු බව මහකොමසාරිස්වරිය අවධාරණය කර ඇත. මෙම තත්ත්වයට පිළිතුරු ලෙස එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව නිශ්චිත පියවරයන් කිහිපයක් ගත යුතුව ඇති බවද ඇය පෙන්වා දී තිබේ.

මේ අතර බ්‍රිතාන්‍ය සහ තවත් පාර්ශ්ව කීපයක් ඒකාබද්ධව මෙවර මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට සූදානම් වේ. කෙසේ වෙතත් එම යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් හෝ විරෝධය පළකිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාව මේ වන විටත් තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය 2020 පෙබරවාරි 22 දා සිට මාර්තු 19 දා දක්වා පැවැත්වීමට නියමිතය.

නයන තරංග ගමගේ
Aruna

91,591 views

42 Comments to “ශ‍්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කරන්නැයි UNHRC දැනුම් දේ..”

  1. Disce ammata discede says:

    කනත්තේ දිරන අලි පාටියෙ ඉතුරුවෙලා ඉන්න අමනයන් මේ වගේ නිව්ස් දැක්කම පන ගහන්න ගන්නවා.

    • harsha says:

      වර්තමානයේ එජාප ඡන්ද පදනම තියෙන්නේ සමගි ජන බලවේගයේ. එජාපය බෝඩ් ලෑල්ලක් විතරයි.

  2. සම්පත් says:

    මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ මේ ආණ්ඩුවයි. කිසිම දෙයක් කරන්නේ නෑ ඔහේ කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ඊට පස්සේ සම්බාධක දැම්මම අරයට මෙයාට ඇගිල්ල දික් කරනවා. දැන්වත් ඔය ඉන්න නිළධාරීන් ටිකව අයින් කරලා වැඩ කරන්න පුලුවන් මිනිස්සු ටිකක් දාන්න. කවුන්සිලයට ලංකාවේ සැබෑ තත්වය දැනුම් දෙන්න. කොටින්ගේ බොරු සාක්ෂී බොරු විදියට ඔප්පු කරලා පෙන්වන්න. ලංකාවේ ඉන්න රට පාවා දෙන දේශ ද්‍රෝහින්ට මොනවා හරි කරන්න. උතුරට, නැගෙනහිරට සිංහල මිනිස්සු යවලා පදිංචි කරන්න. ජනපද පුලුවන් තරම් ඇතිකරන්න. උතුරේ, නැගෙනහිර බෞද්ධ වෙහෙර විහාරස්ථාන රැකගන්න. මඩකලපුවේ හාමුදුරුට උදව් කරන්න. දෙමළ, මුස්ලිම් පැත්තේ ඉන්න රටට හිතවත් දේශපාලකයන් ලංකරගන්න, ඒ මිනිස්සු හරහා දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ගේ හිතවත් කම වැඩි කරගන්න, සිංහල ගොඩේ ඉන්න දේශ ද්‍රෝහින්ව පන්වන්න. ව්‍යාපාරිකයන්ගේ සහාය ගන්න. මේවා කරන්න දැන්වත් නැත්නම් මේ රටට කෙළවෙයි.

  3. babinona says:

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය 2020 පෙබරවාරි 22 දා සිට මාර්තු 19 දා දක්වා පැවැත්වීමට නියමිතය.

    2020 or 2021?

  4. ශ්‍රීලංකාව තුල මොවුන්ට අනුබලදෙන්නන් ලැයිස්තුගත කර දේපල වහාම රාඡ්‍යසන්තක කල යුතුයි...! says:

    යෝඡනා ගෙනඵන සහ සහයදෙන සියලුම රටවල්වල ශ්‍රිලංකාව තුල ඇති නියෝඡිත කාර්‍යාල වලට දැඩි නිතිරීති පැනවිය යුතුය් රටතුල ක්‍රියාත්මක සියලුම ඵන් ඡී ඹ් කාරයන් රටින් පන්නාදැමිය යුතුයි ඹුන්ගේ වත්කම් රාඡසන්තක කල යුතුයි වීසා තහනම් ලැයිස්තු පවත්වාගෙන යා යුතුයි ශ්‍රීලංකාව තුල මොවුන්ට අනුබලදෙන්නන් ලැයිස්තුගත කර දේපල වහාම රාඡ්‍යසන්තක කල යුතුයි…!

    සියලුම ලෝක සංවිධාන වලින් අවස්ථානෝචිතව ඉවත්විය යුතුයි.. මන්ද යත් බටහිරයන්ගේ රටවල් යටත් කරගැනීමේ ලයිස්තුවේ ඉහලින්ම සිටින්නේ ශ්‍රීලංකාවයි.., අප්‍රිකාව තුල දැනටමත් දරැණු ලෙස කළු ඡාතිකයන් වඳකරමින් භුමිය අත්පත්කර ගනිමින් සිටී..!

    • cobra says:

      තමන්ගේ වාසියට මිනීමරු අන්තවාදී ඉස්ලාම් ජාතිකයින් පෝෂණය කෙරු /කරන දේශපාලුවෝ ගෙදර යැවීමට පියවර ගත යුතුයි
      දැන් බොරුවට ජාති ආලය පෙන්වන මොවුන්ගේ හෙළුව බලන්න නැගෙනහිර පළාතේ කාන්තන්කුඩි ,එරවුල් නගරට පලයව්

  5. පහත විඩියෝවට අවධානය යොමු කරන්න.! says:

    සියලුම ලෝක සංවිධාන වලින් අවස්ථානෝචිතව ඉවත්විය යුතුයි.. මන්ද යත් බටහිරයන්ගේ රටවල් යටත් කරගැනීමේ ලයිස්තුවේ ඉහලින්ම සිටින්නේ ශ්‍රීලංකාවයි.., අප්‍රිකාව තුල දැනටමත් දරැණු ලෙස කළු ඡාතිකයන් වඳකරමින් භුමිය අත්පත්කර ගනිමින් සිටී..!

    පහත විඩියෝවට අවධානය යොමු කරන්න.!

    https://www.youtube.com/watch?v=LOCGw49vRBA

  6. ඔන්න රුසියාවේ, චීනයේ නිශේධ බලයත් ඉන්දියාවේ සහයත් අපිට ඕනවෙන වෙලාව.
    ඔය ගිරියපුප්පගෙන මොරදෙන දෙසමාමකයෝ ටිකට එහෙම නැතුව පුලුවන්නම් ඔන්න
    වෙලාව ජිනීවා ගිහිං මොරදීල , පිකට් කොල්ල රට බේරගෙන පෙන්නන්න.

  7. mali says:

    foreign ministry and Geneva office is full of Yahapalana sympathizers.They do nothing to counteract LTTE propganda. Government should remove theses idiots from these positions and should appoint patriotic sinhala people who live in the western countries. Otherwise all the people who go to these embassador posts do nothing but trying 24/7 to find ways for their children to get the citizenship of these European or USA citizenships.

  8. mali says:

    Ambassador posts should be offered to srilankan sinhala people who have citizenship in these respective countries rather than sending local yahapalana or LTTE sympathizers. Those who had worked there or still working in Geneva , UK,USA,Germany have been doing nothing but working hard to secure the citizenship of these countries for their kith and kins.

Main News