ශ‍්‍රී ලාංකිකයන් 06 දෙනෙකුට කොරෝනා..?

January 28, 2020 at 10:00 am | lanka C news
ශ‍්‍රී ලාංකිකයන් 06 දෙනෙකුට කොරෝනා..?

චීනයේ සිට ඊජිප්තුවට යාත‍්‍රා කරමින් ඇති නැවක කාර්ය මණ්ඩලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් හය දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා වෙළෙඳ නාවික සංගමය පවසයි.

සංගමයේ සභාපති පාලිත අතුකෝරල පවසන්නේ සූවස් ඇළ ඔස්සේ ඊජිප්තුව බලා යමින් ඇති මෙම නෞකාවේ සිටින මෙම ලාංකිකයින් හය දෙනා කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ දක්වන බව දැනුම් දී ඇති බවයි.

මේ වන විට නෞකාව තුලම ඔවුනට ප‍්‍රතිකාර කටයුතු සිදු කරන බවද ඔහු සදහන් කලේය.

චීනයේ වරායක දින පහක කාලයක් මෙම නැව නැංගුරම් ලා තිබී ඇත.

180 views

3 Comments to “ශ‍්‍රී ලාංකිකයන් 06 දෙනෙකුට කොරෝනා..?”

  1. Nish says:

    මොන ප්‍රාන්තෙද?

  2. kamal says:

    දහ නව වෙනි ප්‍රශ්නය හෙවත් සන්තුෂ්ටි පරමං ධනං
    උඹලා දන්නවද මම කවුද කියා මම තමයි ලොකේ ඉන්න පොහෝසත්ම මිනිසා එනම් අඩුම ආදායමකින් යැපෙන්න පුලුවන් අතිවශ්‍ය ආහාර ඇදුම් පැලදුම් හා පවහන් කපටි නැති ප්‍රවාහන සේවා අවශ්‍ය වෙලාවට විතරක් බෙහෙත් ඉන්න නිවසක් ආදායමට පොඩි රැකියාවක් කරගෙන සමාජ සේවය කරගෙන ඉන්න මිනිහා. හිතන්න කෙනෙක් ලග රු 1000ක් තියෙනවා තව කෙනෙක් ලග කෝටි හයක් තියෙනවා හැබයි සැහිමකට පත්වෙන්නෙ නැ. එතකොට පොහොසත් කවුද ලද දෙයින් සතුටු වන රු 1000 තියෙන මම නේද. ලෝකේ පොහොසත්ම රට ලංකාව මනින විදිය වැරදියි මානසික සතුට බලන්න ඔනේ.මිට කිරිබත්ගොඩ ඥණානන්ද හිමි හා පොහොසත් කමල්

  3. වලා says:

    චීන බඩු ගහන්න ගිහිං හදා⁣ගත්ත ලෙඩ.

Main News