ශ්‍රී ලාංකිකයෙක් ගුවන් යානයක් පැහැර ගන්න ගොස් ඔස්ට්‍රේලියා අත්අඩංගුවේ..
June 1, 2017 at 8:40 am | lanka C news
මැලේසියානු ගුවන් යානාවක් ඔස්ට්‍රේලියාවේ සිට මැලේසියාව දක්වා ගමන් ආරම්බ කර තිබියදී බෝම්බයක් ඇතැයි පවසමින් පුද්ගලයෙකු නියමු කුටියට ඇතුළු වීමට උත්සාහ දැරීම හේතුවෙන් එය ආපසු ඔස්ට්‍රේලියාවට ගොඩබස්වා ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බීමතින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු විසින් මෙසේ ක්‍රියා කර ඇති බවත් ඔහු මේ වන විට ඔස්ට්‍රේලියානු අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.
ඔහු ලග බෝම්බයක් නොව කුඩා බැටරියක් පමණක් තිබූ බවද සොයාගෙන ඇත.