ශ‍්‍රීලනිප නායකත්වය නැතුව සන්ධාන හදන්න බෑ…

August 16, 2018 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිප නායකත්වය නැතුව සන්ධාන හදන්න බෑ…

අතීතයේ සිටම ශ‍්‍රීලනිප නායකත්වය නැතුව සන්ධාන හෝ පෙරමුණ ගොඩනැගී නැහැ. අපි අතීතයේ සිටම ආණ්ඩු හැදුවේ එකතුවුනු විට හා සමඟිවුනු විටයි. බෙදුනු කැඩුනු හැමවිටම අපිට උරුම වුනේ පරාජය පමණක්ම යැයි උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතා ගාල්ල දිස්ත‍්‍රික්කයේ අක්මීමනදී පසුගියදා පැවසීය.

අක්මීමන ශ‍්‍රීලනිප මධ්‍ය බල මණ්ඩලය පිහිටුවීම නිමිත්තෙන් පැවති මෙම රැුස්වීමේ මූලාසනය අක්මීමන ශ‍්‍රී.ලනිප සංවිධායක හා දකුණු පළාත් අමාත්‍ය යූ.ජ. ආරියතිලක මහතා හෙබවූ අතර වැඩිදුරටත් එහිදී අදහස් දැක්වූ රෙජිනෝල්ඞ් කුරේ මහතා මෙසේ කීය.

තැලෙන, පෑගෙන, පොඩිවෙන ජනතාවගේ බලාපොරොත්තුව නිදහස් රටක් වගේම එදා වේල බඩපිරෙන්න කාල ජීව ත් විය හැකි ආර්ථික ක‍්‍රමයක් යැයිද, විශේෂයෙන්ම අවුරුදු 67ක දේශපාලන ඉතිහාසය තුල අද පැමිණ තිබෙන්නේ විකෘති තත්වයක් බවත් නායකයා කවුද අනුගාමිකයා කවුද කියා අද සොයා ගන්න බැරි තත්වයක් තිබෙන බවද, අද අපට අවශ්‍ය වෙලා තියෙන්නේ හරයක් ඇති තේරුමක් ඇති නිවැරදි වැඩපිළිවෙලක ගමන් කල හැකි පක්ෂයක් බවත් මෙහිදී මා අවධාරනය කරනවා.

මේ රජය බලයට පත්වුනේ හොරුන්ට, ¥ෂිකයන්ට, වංචනිකයන්ට දඩුවම් කරනවා කියලා. හොරුන්ට විරුද්ධව කටයුතු කරන්නයි. ඒ වුනාට අද ආණ්ඩුව ඇතුලේ පල්හොරු රජ වෙලා. අදවන විට අතීතයේ හොරුයි වර්තමානයේ හොරුයි දෙගොල්ලාම එකට එකතු වෙලා රෙපෝරු ගහන තත්වයක් ඇති වෙලා. මළ ගෙදර ඕමි ගහන කොට බූරු කුට්ටම රෙපෝරු කර ගන්නවා වගෙයි අද සියලූම ¥ෂණ වංචා රෙපෝරු කරගෙන තිබෙනවා.

තොරණක් ඉස්සරහා බලන විට නිල් පාට, රතු පාට, කහ පාට, සුදු පාට ලයිට් බැබළෙනවා. හැබැයි තොරණ පිටුපස තියෙන යන්ත‍්‍රයේ වයර් එකට පැටලිලා. අදවන විට හොරු කරන්නෙත් එකට පැටලිලා සාමයෙන්, සමඟියෙන්, සුහදව හොරකම් වසා ගැනීමයි. පනස් හයේ ීගඋගඍගෘග බණ්ඩාරනායක මහත්මයා හැදුවේ තැලෙන, පෑගෙන, බුලත්විට කන ජනතාවගේ ආණ්ඩුවක්. හැබැයි බණ්ඩාරනායක මහත්මයාටත් විරුද්ධත්වය හා පීඩනය ආවේ පක්ෂය ඇතුළෙන්මයි. අද වෙලා තියෙන්නෙත් ඒකමයි. පිටින් එන බලවේග වලට මුහුණ දෙන්න පුළුවන් වුනත් ඇතුළෙන් එන බලවේග වලට මුහුණ දෙන්න අමාරුයි. ඒ බලවේග වලට මුහුණ දෙන්න ඕන පක්ෂය තුල සමඟිය හා එක්සත් බව ඇති කරගෙනයි. අද නැත්තෙත් ඒකයි. මේකයි තිත්ත ඇත්ත. ඒ නිසා සමඟි සම්පන්නව ඉදිරි මැතිවරණ වලට මුහුණ දීමට පක්ෂයේ හා පක්ෂයට සම්බන්ධව එළියේ හෝ ඇතුළේ සිටින සියලූම නායකයින් තේරුම් ගත යුතු කාලය දැන් එළඹ ඇතැයි රෙජිනෝල්ඞ් කුරේ මහතා මෙහිදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අදවන විට දේශපාලන රැස්වීමකදී හෝ පාර්ලිමේන්තු රැුස්වීමේදී හරබර අර්ථවත් යමක් ඉගෙන ගත හැකි කතා ඇහෙන්නට නැති තරම්. අද හැම වේදිකාවකම ඇහෙන්නේ අවලාද, මඩ, කුණුහරුප, අවමාන, බොරුපූචානම් වැනි හරසුන් කතා තමයි. ආචාර්ය එන්.එම් පෙරේරා මහතාගේ, දොස්තර වික‍්‍රමසිංහ මහතාගේ, කොල්වින් ආර් ද සිල්වා මහතාගේ කතාවක් ඇහුවම ගෙදර ගෙනියන්න දෙයක් තිබුනා. ඒ දේශනා වල සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව ඇතුළත්ව තිබුනා. ඒ නිසා අපි එදා යමක් ඉගෙන ගත්තා.

අද අම්මලා, තාත්තලා, ¥ලා, පුතාලා එකට ඉදගෙන අහන්න බැරි කතා තමයි අපට අහන්න ලැබෙන්නේ. ඒකෙන් තේරෙන්නේ අපි බරපතල ලෙස පිරිහීමට පත්ව ඇති බව නේද? මේ අනුව අපට තේරෙනවා ප‍්‍රතිපත්තිගරුක වැඩපිළිවෙලක් සහිත ඉදිරි ගමනක් ශ‍්‍රීලනිපක්ෂයට අවශ්‍ය බව. අන්න ඒ දර්ශනය සහිත දේශපාලන ප‍්‍රතිපත්ති හදන කතිකාවතක් අපි ඉක්මනින් ආරම්භ කරන බවත් වෙන්වුනු බෙදුනු හැම කෙනෙක්වම පක්ෂය වටා ගොනු කර ගන්න වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් මෙහිදී රෙජිනෝල්ඞ් කුරේ ආණ්ඩුකාරතුමා අවධාරනයෙන් පැවසීය.

මෙම රැස්වීම අමතා අක්මීමන ශ‍්‍රීලනිප සංවිධායක හා දකුණු පළාත් අමාත්‍ය යූ.ජී ආරියතිලක මහතා හා මධ්‍ය බල මණ්ඩලයේ ලේකම් හා නියෝජිතයින් කිහිප දෙනෙක් අදහස් දැක්වූහ.

– උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

55 views
Main News