ෂැංග‍්‍රිලා අසල අක්කර 03ක් සිංගප්පූරුවට දුන් හැටි විමල් කියයි..

January 3, 2020 at 6:19 am | lanka C news
ෂැංග‍්‍රිලා අසල අක්කර 03ක් සිංගප්පූරුවට දුන් හැටි විමල් කියයි..

පාරම්පරික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ කලා නිර්මාණ විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය සහිත ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු ප‍්‍රදර්ශනාගාරයක් මගින් ප‍්‍රවර්ධනය කරමින් එම නිර්මාණ සදහා නව වෙළදපොළක් බිහි කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ ගරු අමාත්‍ය විමල් විරවංශ මහතා පැවසිය

විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට හැකිවන සේ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ගෙන් සමන්විත ප‍්‍රදර්ශනාගාරයක් බවට පත්කොට ශ‍්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය(ලක්සල) මහනුවර ප‍්‍රදර්ශනාගාරය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විරවංශ මහතා මෙසේද සදහන් කළේය.

‘මේ රටේ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පියාගේ කලා නිර්මාණ දේශියව මෙන්ම විදේශියව ප‍්‍රවර්ධනය කිරීම සහ අළෙවි කිරීම තමයි ලක්සල (ශ‍්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය) අරමුණ වී ඇත්තේ. මේ රටේ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන් ඒ අරමුණින් ක‍්‍රියාත්මක වූ ලක්සල වටා ඒකරාශී වී සිටියා. යම් යම් හේතු නිසා ඒ තත්වය අද වෙනස් වී තිබෙනවා. අපි ඉදිරියේදී ලක්සල එය පිහිටවූ අරමුණු සාධනය කිරීමට හැකිවන සේ ප‍්‍රතිසංවිධාන කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී දිවයින පුරා පිහිටි ලක්සල ප‍්‍රදර්ශනාගාර 12 ම ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු, විදේශිය සංචාරකයන්ගේ ආකර්ෂණය සහිත ස්ථාන බවට පත්කළ යුතුව තිබෙනවා. එහි එක් පියවරක් ලෙස තමයි මහනුවර ලක්සල ප‍්‍රදර්ශනාගාරය නවීකරණය කර විවෘත කරනු ලැබුවේ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ ගෙවීම් නිසිලෙස සිදු නොවන බවට, ප‍්‍රමාදවීම් සිදුවන බවට වෝදනා එල්ල වී තිබෙනවා. නව පාලන අධිකාරිය අපගේ උපදෙස් පරිදි එම තත්වය කඩිනමින් වෙනස් කිරීමට කටයුතු කරාවි..

මෙහිදී මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් විමල් විරවංශ ඇමතිවරයා

ප‍්‍රශ්ණය – ජාතික සම්පත් විකුණන බවට පැවති ආණ්ඩුවට චෝදනා එල්ල කළ ඔබතුමන්ලා බලයට ඇවිත් ඒ දෙයම සිදුකරන බවට චෝදනාවක් එල්ලවෙනවා.

පිළිතුර – ඒ කතාව සම්පුර්ණයෙන් අසත්‍යයක්. අපි කිසිසේත්ම එවැනි තත්වයකට ඇද වැටෙන්නේ නැහැ. විපක්ෂය ඔවැනි චෝදනාවක් කරන්නේ සිංගප්පූරු සමාගමකට ඉඩමක් බදු දීම සම්බන්ධයෙන්. මෙහිදී ඉඩම විකිණීම සිදුවන්නේ නැහැ. එම සමාගම එම ඉඩමේ තනන මහල් නිවාස සංකීර්ණයේ නිවාස මිලදී ගන්නේ මෙරට ජනතාවයි. එවැනි තත්වයකදී විදේශිකයන්ට ඉඩම් විකිණීමක් සිදුවන්නේ නැහැ. මෙතැන ඉඩමක් බදු දීමක් මිස හම්බන්තොට වරාය විකුණා දැමීම වැනි දෙයක් සිදුවන්නේ නැහැ.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය(ලක්සල* නව සභාපති සුජීව පල්ලියගුරුගේ මහතාද එක්ව සිටියේය. නව ප‍්‍රදර්ශනාගාරය අංක 05, සංඝරාජ මාවත, මහනුවර යන ස්ථානයේ පිහිටා ඇත.

– midea unit

154,597 views

17 Comments to “ෂැංග‍්‍රිලා අසල අක්කර 03ක් සිංගප්පූරුවට දුන් හැටි විමල් කියයි..”

  1. SL says:

    හම්බන්තොට වරයාම විකුනනකල් බකන් නිලාගෙන හිටි ජෙප්පෝ චූන් වෙලා .බද්දටවත් ඉඩම හම්බවෙන්නේ නැතිනම් ආයෝජකයෝ එන්නේ පුංචි අම්ම ** ට දීලද .
    GOTA පැහැදිලිවම කීව,ආයෝජකයෝ ගෙන්වන්න වෙනවනම් , සාපේක්ෂව අක්කරයක් දෙකක් දිගුකාලින බදුවලට දෙන්නම වෙනවා කියල නැතිව වරාය විකුණලා රෙදිත් ගලවාගෙන එනවා වගේ නෙවි.

    • මාතර සුනිල් says:

      වරායත් බද්දට තමා ගොනෝ දීල තියෙන්නෙ. තොපි ඔක්කොම එකයි. මාරුවෙන් මාරුවට රට විකුණනවා තොපි වගේ දංකුඩ ලෙවකන එවුන් හුරේ දානවා.

      • සමනළ පෙරමුන says:

        අක්කර 15000ක් එක්ක හදපු වරායක් කුණු කොල්ලෙට දෙන කොට තොපිල වගේ දංකුඩ ලෙව කාපු එවුන් හිටියෙ කොහෙද?

    • මැදමුලනෙ මුත්තා says:

      99 අවුරැද්දට බදු දෙනවා කියන්නෙ අවුරැදු 99 කට පස්සෙ නැවත එම දේපල රටට අයිතිවෙනවා කියන එකයි. හමිබන්තොට වරාය අවුරැදු 99 කට බදු දුන්නෙත් මෙම පදනම මතම තමයි.
      ප්‍රශ්නය වන්නේ එකම කොන්දේසි මත රාජපක්ෂලා බදු දුන්නොත් දේශප්‍රේමය. UNP ය බදු දුන්නොත් දේශද්‍රෝහය.

      • දර්ශන says:

        ගෝටා බදු දුන්නේ ආදායමක් නැති හිස් ඉඩමක් දැවැන්ත ඉදිකිරීමක් සඳහා. රනිල් බදු දුන්නෙ ආදායමක් ලැබෙන දැවැන්ත ඉදිකිරීමක්. ඒකයි වෙනස.

      • රත්නපාල says:

        දේශපාලන, ආර්ථික, ආරක්ෂක අංශ වලින් වෙන විනාශය නොසලකා අක්කර 15000ක් එක්ක අනාගතයේ දියුණු කරීමට සහ ආදායම් ලැබීමට විශාල විභවයක් ඇති හදපු වරායක් කුණු කොල්ලෙට දීමයි, අක්කර 3ක් නිවාස ව්‍යාපෘතියක් හදන්න්න දීමයි තොපිල වගේ GuNP-JVP වහලුන්ට පේන්නෙ එක වගේ තමයි.

  2. N.Wimaladasa says:

    I an opposed 99 years lease for any foreign Countries by that promoting investment from oversees.
    We are 21st New century ,ongoing century is not that ERA of colonization.We are working on Sovereignty an order of New World . The Rules of Investment has to be shorter as much as possible.Yes we are lack of investment from oversees.

    • Janaka from Matara says:

      ..all very good, except that Sri Lanka’s has no money and it has very little bargaining strength. And we, its peole, want more money from the government. It is not that the government is lacking any brains to understand what needs to be done – but it needs to ensure it will win the next election. This wont change if it is UNP or SLPP in power.

  3. Independent buwa says:

    වරායත් බදු දීලයි තියෙන්නේ , මේකත් බදු දීලයි තියෙන්නෙ , දෙකෙන්ම අපිට හම්බවෙන රෙද්දක් නෑ,

    • වෙන්ඩ ආර්ය්‍යා says:

      එතකොට බදු දෙනව කියන්නෙ තෑගි ඔප්පුවකින් දෙනව කියන එක වෙන්න ඇති නේ?

  4. CNW Pathirana says:

    All wrong. 3 Acres also not sold. Hambanthota Port also not sold… Crazy….

  5. සාධාරණ මිනිසා says:

    හම්බන්තොට වරාය දීල තියෙන්නෙත් 99 අවුරුදු බදු පදනම මත තමයි. කාලකන්නි පොහොට්ටුවන්ට මේක නොත්රීම කරුමයක්.

    • රත්නපාල says:

      දේශපාලන, ආර්ථික, ආරක්ෂක අංශ වලින් වෙන විනාශය නොසලකා අක්කර 15000ක් එක්ක අනාගතයේ දියුණු කරීමට සහ ආදායම් ලැබීමට විශාල විභවයක් ඇති හදපු වරායක් කුණු කොල්ලෙට දීමයි, අක්කර 3ක් නිවාස ව්‍යාපෘතියක් හදන්න්න දීමයි තොපිල වගේ GuNP-JVP වහලුන්ට පේන්නෙ එක වගේ තමයි.

  6. මාරයා says:

    අහගනිල්ලා අලුත් අර්ථ දැක්වීමක්
    UNP එකෙන් දුන්නොත් -දේශද්‍රෝහී විකිණීම
    රාජපක්ෂ ල දුන්නොත් – දේශප්‍රේමී බදුදීම
    හාමුදුරුවනේ දැන් මොකද කියන්නේ

    • රත්නපාල says:

      දේශපාලන, ආර්ථික, ආරක්ෂක අංශ වලින් වෙන විනාශය නොසලකා අක්කර 15000ක් එක්ක අනාගතයේ දියුණු කරීමට සහ ආදායම් ලැබීමට විශාල විභවයක් ඇති හදපු වරායක් කුණු කොල්ලෙට දීමයි, අක්කර 3ක් නිවාස ව්‍යාපෘතියක් හදන්න්න දීමයි තොපිල වගේ GuNP-JVP වහලුන්ට පේන්නෙ එක වගේ තමයි.

  7. Parakum says:

    People should IGNORE what these politicians utter. Only the party SLAVES and the UNEDUCATED masses believe this MUCK. At least now the Pohottuwa Guys has realized the difference between SELLING and LEASING.

  8. මොළේ තියන පොහොට්ටුව says:

    උඹ වික්‍රමසිංහය ට වික්කම සිංහ කිව්වේ උඹේ වියාග්‍රා ටික විකුණලා දුන්නේ නැති නිසාද

Main News