ෂැංග‍්‍රිලා බෝම්බකරුට හමුදාවේ හිස් පතරම් තොග ගන්න ප‍්‍රබල ඇමතියෙක් උදවු දීලා.. බෝම්බ හදා ඇත්තේ ඔහුගේ තඹ ෆැක්ටරියේ..

April 26, 2019 at 3:50 pm | lanka C news
ෂැංග‍්‍රිලා බෝම්බකරුට හමුදාවේ හිස් පතරම් තොග ගන්න ප‍්‍රබල ඇමතියෙක් උදවු දීලා.. බෝම්බ හදා ඇත්තේ ඔහුගේ තඹ ෆැක්ටරියේ..

පාස්කු ඉරිදා දිනයේ කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයේ බෝම්බකරු වන ඉන්සාෆ් අහමඩ් නැමැත්තා හමුදාවෙන් ඉවත දමන හිස් පතුරම් කොපු තොග ගණනින් ලබාගෙන ඇති බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා මොහු විසින් මෙම හිස් පතොරම් කොපු තොග ලබාගෙන ඇත්තේ කුඩා ව්‍යවසායකයින්ට අබලි ද්‍රව්‍ය ලබා ගැනීමට පහසුකම යටතේ යැයිද ලංකාදීප පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරුවලින් හෙළි කරයි.

මෙම බෝම්බකරු රුපියල් කෝටි ගණනක් වටිනා හිස් පතරොම් වසර ගණනක් තිස්සේ මිලදී ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඔහුට අයත් තඹ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු වලට යැයි කියමිනි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සඳහා බෝම්බ නිෂ්පාදනය කළේ ද මෙම තම කම්හලේ බවට ආරක්ෂක අංශ සැකකරයි.

කෙසේ වෙතත්ම මෙම හිස් පතරොම් තොග විට ඔහු විසින් ලබාගෙන ඇත්තේ නියමිත ක්‍රමවේද බැහැරව බවට ද පවසන පුවත් වාර්තාව ඔහුට මෙම පතරොම් මිලදී ගැනීම සඳහා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු අනුග්‍රහය ලැබී ඇති බවද සඳහන් කරයි.

237 views

11 Comments to “ෂැංග‍්‍රිලා බෝම්බකරුට හමුදාවේ හිස් පතරම් තොග ගන්න ප‍්‍රබල ඇමතියෙක් උදවු දීලා.. බෝම්බ හදා ඇත්තේ ඔහුගේ තඹ ෆැක්ටරියේ..”

  1. හිටන්ගෙදර අප්පුහාමි says:

    වනාන්තර පාලු කරන එකා නේද. ඇයි ඉතින් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්නේ නැත්තේ. කෝ අලුත් ආරක්ෂක ලේකම් සහ පොලිස් පති. මෙන්න ඔබ පළමුවෙන්ම කල යුතු රාජකාරිය.

  2. Hansaya says:

    E emathige nama kiyanda kondak nedda?

  3. sakalabujan says:

    Wena kauda itin Suura Veera Rishad Badurdin…

    Meka nam ratatama karumayak…..Ranil wagema tama………….

  4. saman says:

    Thaba SUJI d

  5. සකල බුජං says:

    වනේ කෑ එකාගේ වැඩක් නේද​?

  6. Anomi says:

    ඔබතුමන්ල තොරතුරක් දැන ගත්ත නම් තහවුරු කරගෙන නම් වශයෙන් සදහන් කර වාර්තා කරන්න. ජනතාවට ඒ නම් ගම් අවශ්‍යයි නිවරදි තීරණ ගන්න ඉදිරියෙදි. ඔබේ වගකීම ඒක. මේ තොරතුරු අවශ්‍යම කාලයයි.

  7. Nuwan says:

    ලංකාවේ ඉහළ සිට පහළටම හොරකම සහ දූෂණය …ISIS ලා හරි මේ දූෂිතයින් ට දඩවම කරනවානම් මිනිස්සු කැමතියි.

    • Ishu says:

      එහෙම කරනව නම් isis ලා මුලින්ම පල්ලියට නැතුව ඒ බොම්බෙ පාර්ලිමෙඅන්තුවට තියන්න තිබුණේ .. එහෙන්ම් රටට යහපතක්…

  8. john the baptice says:

    2015 ජනවාරි 8 වෙනිදා විපාකය

  9. Sarath Bulathsinghala says:

    The nation must be vigilant as the current traitorous administration will do all it can to sweep these too under the carpet like what happened to the Kosgama Army Ammunition Depot blast and many others including the Central Bank Bond Scam.

Main News