ෂැංග‍්‍රිලා බෝම්බය පුපුරුවාගෙන මැරුණේ මමලු.. මා ජීවතුන් අතරයි.. බොරු කී ඇමති රාජිතට නඩු දානවා..- තවුහිද් ජමාත් ලේකම් කියයි..

May 4, 2019 at 4:40 pm | lanka C news
ෂැංග‍්‍රිලා බෝම්බය පුපුරුවාගෙන මැරුණේ මමලු.. මා ජීවතුන් අතරයි.. බොරු කී ඇමති රාජිතට නඩු දානවා..- තවුහිද් ජමාත් ලේකම් කියයි..

පසුගිය පාස්කු ඉරිදා දිනයේ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත්තේ තමන් විසින් බවට ඇමැති රාජිත සේනාරත්න විසින් කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එය ප්‍රතික්ෂේප කරන බවත් සිදුවුන සිලෝන් තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රධාන ලේකම් අබ්දුර් රාසික් මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඇමැති රාජිත සේනාරත්න විසින් කරන ලද එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

තම සංවිධානයට ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමග කිසිදු සංවිධානයක් සම්බන්ධයක් නැති බව ද ඔහු කියා සිටියේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් තම සංවිධානය වැටුප් ලබා ගෙන ඇතැයි ඇමැති රාජිත සේනාරත්න විසින් එල්ල කරන ලද චෝදනාව බැහැර කර ඔහු කිසිදු අවස්ථාවක හිටපු ආරක්ෂක ලේකම්වරයා මුණ ගැසී හෝ නැතැයිද කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ඇමැති රාජිත සේනාරත්න මහතාට විරුද්ධව වන්දි ඉල්ලා අපහාස නඩු පවරන බවද මාධ්‍ය හමුවේ ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

176 views
Main News