ෂැංග‍්‍රිලා-සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුවන්ගේ සහෝදරයා ගිනි අවි සමගින් දෙමටගොඩදී අල්ලයි..

April 29, 2019 at 12:00 pm | lanka C news
ෂැංග‍්‍රිලා-සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුවන්ගේ සහෝදරයා ගිනි අවි සමගින් දෙමටගොඩදී අල්ලයි..

පාස්කු ඉරිදා දිනයේ කොළඹ ෂැංග‍්‍රිලා හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද බෝම්බ කරුවන්ගේ වැඩිමහල් සොහොයුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩු දෙකක් හා වායු රයිෆලයක් සමගයි.

බෝම්බ පිපිරීමෙන් පසු එම සැකකරු අතුරුදන්ව සිට ඇති අතර ලැබුණු තොරතුරක් මත භට කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා දෙමටගොඩ පොලිසියට භාරදී ඇත.

11 views

6 Comments to “ෂැංග‍්‍රිලා-සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුවන්ගේ සහෝදරයා ගිනි අවි සමගින් දෙමටගොඩදී අල්ලයි..”

  1. ගජන් says:

    ඊයේ දිනයේදී සැකකටයුතු ස්ථාන පරීක්ෂාවකදී තොග ගණන් මැසූ සුදු ඇඳුම් අසුවූ බව යම් නාලිකාවක පෙන්වූ බව ආරංචි උනා .මෙහි සත්‍ය අසත්‍ය තාව දන්නා කෙනෙක් ඉන්නවානම් කියන්න .ත්‍රස්තවාදීන් නොයෙක් මුහුණුවරින් පැමිණිය හැකියි .අද අපේ ආරක්ෂාව අපිටම සලසාගන්න සිදුවී තිබෙන මේ මොහොතේ එම ආරකෂාවට අදාළ තොරතුරු දැනගැනීම වැදගත්

  2. Nuwan says:

    Thawa ayuda pennanna ekkan yanna barida?

  3. Citizen says:

    Before release on political interference send him to Batalanda for detail interrogation as did in 1987/88 by the same UNP.

  4. sathya says:

    I never believe that ISIS will attack Buddhist Temples.
    They have the problem with Catholics, Christians (Holy Bible followers) and Islam people.

    • ranil says:

      JVP Sathya, you seem to want to kill buddhists as well. You are ignorant about how the fundamentalist ISIS work.

Main News