ෂැන්ග්‍රිල්ලා හෝටලය චීනයට ගෙනාවේ නිකං ඉඩම්, බැංකු ණය ආණ්ඩුෙවන් දීලා.. එහෙමයි රටවල් ආයෝජන ගෙන්න ගන්නේ.. අපේ රටේ කලොත් පෙලපාලි යයි..- රාජිත

September 18, 2017 at 8:40 am | lanka C news
ෂැන්ග්‍රිල්ලා හෝටලය චීනයට ගෙනාවේ නිකං ඉඩම්, බැංකු ණය ආණ්ඩුෙවන් දීලා.. එහෙමයි රටවල් ආයෝජන ගෙන්න ගන්නේ.. අපේ රටේ කලොත් පෙලපාලි යයි..- රාජිත

ෂැන්ග්‍රිල්ලා හෝටල් රටට ගෙන ඒම තුලින් ආයෝජන අවස්ථා වැඩි කරගත හැකි බව සෞඛ්‍යය හා පෝෂණ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එදා ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා චීනයේ තාඕ මහතාට කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය කුලුනු දෙක හදන්න ඉඩම නිකම්ම දුන් බවත් අද සමහරුන් ෂැන්ග්‍රිල්ලා හෝටල් සඳහා ඉඩම් දුන්නේ සින්නක්කර ද බදු ද කියලා සොයා බලන බවත්. ඒත් එදා එහෙම කලේ නැත්තේ ජේ ආර් ට හයෙන් පහක බලයක් තිබු නිසා යයිද එසේ නැතිව රටකට ආයෝජන ගෙන ඒමට නොහැකි බවටත් අමාත්‍යවරයා පැවසිය.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසු පරිදි චීනය වැනි රටවල් පවා විශාල මහන්සියක් දරා ලෝක ප්‍රසිද්ධ ෂැන්ග්‍රිල්ලා හෝටල් වැනි සමාගම් එරටට ගෙන ඒමට විශාල සහන ලබාදීමට කටයුතු කල බව පැවසීමෙන් සනාථ කරනුයේ පසුගිය ආණ්ඩුව සමයේ යුද්ධය නිමා වීමත් සමඟම මෙරටට ආයෝජන ගෙන ඒම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මහා පරිමාණයේ ආයෝජන ගෙන්වා ගැනිමට එම අවධියේ එම ආයෝජන සඳහා ද නොමිලේ ඉඩම් කිසිවක් ලබා නොදීම එම ආණ්ඩුවේ ජයග්‍රහණය බව යයි නොකියා කිය.

වීඩියෝව මෙතනින්

26 views

3 Comments to “ෂැන්ග්‍රිල්ලා හෝටලය චීනයට ගෙනාවේ නිකං ඉඩම්, බැංකු ණය ආණ්ඩුෙවන් දීලා.. එහෙමයි රටවල් ආයෝජන ගෙන්න ගන්නේ.. අපේ රටේ කලොත් පෙලපාලි යයි..- රාජිත”

  1. Saradiel says:

    සෞඛ්‍ය ඇමති රාජිත රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන්කිරීමට ඇති ජනාධිපති අරමුදලේ මුදල් වලින් රුපියල් කෝටියක් ලබාගෙන ඇතිබව අනුර කුමාර පාර්ළිමේන්තුවේදී හෙළිදරව් කළේය. දත් ගලවා නැව්පතියෙකුවූ ලෝකයේ එකම දත් දොස්තර වන්නේද ඇමති රාජිත බව පැවසීය.

  2. සාධාරණ සෝභිත​ says:

    එතකොට මහින්ද ඔය හෝටලයම ලංකාවෙ හැදුවාය කියල අවුරුදු දෙක හමාරක් අධෝ මුඛයෙන් කෑ ගහපු උන්ම නේද මේ කියවන්නෙ.අනේ තොපිට රැවටුන හැට දෙලක්‍ෂයට මේ විදියට ඔච වඩවන්න සදාචාරයක් තොපට තිබේද​?

  3. hitan-hutan says:

    පච ඩෙන්ටල්,,,,,,,,,,,,,,
    මෙහෙ ඔය හෝටලයට විරුද්ධව පෙලපාලි ගියේ දත් තියෙන උන්ද දත් නැති උන්ද?දැන් ඔහොම කියවන්නෙ දත් තියෙන කටින්ද දත් නැති කටින්ද?

Main News