ෂෙන් වෝන්ගේ අභාවයෙන් මුරලි දැඩි කම්පාවෙන්…

March 5, 2022 at 6:20 pm | lanka C news
ෂෙන් වෝන්ගේ අභාවයෙන් මුරලි දැඩි කම්පාවෙන්…

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දග පන්දු ක්‍රිඩක ෂෙන් වොර්න්ගේ අභාවය පිලිබදව තමන් දැඩි සේ කම්පාවට පත් වන ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දග පන්දු ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් මහතා පැවසිය.

මුත්තයියා මුරලිදරන් මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ (05) දින පැවති උත්සවයකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටියේ අපි දෙන්නම ක්‍රිකට් ක්‍රිඩාවට පිවිසුනේ එකම කාලේක.

ඔහු දක්ශ දග පන්දු යවන ක්‍රිඩකයෙක් , අපි දෙන්නා කෙරෙහි මුළු ලෝකයම දැඩි විමසිල්ලෙන් හිටියේ අපි දෙන්නගෙන් දක්ෂ කවුද කියන එක.

අවු 52 වැනි අඩු වයසකදි ෂෙන් වොර්න් මහතා අභාවප්‍රප්ත විම ක්‍රිකට් ක්‍රිඩාවට ලොකු පාඩුවක්.

ෂෙන් වොර්න් මහතාට වඩා අවු තුනක් මම වයසින් අඩු නිසා මට ක්‍රිකට් ක්‍රිඩාවේ ඔහුට වැඩිය කාලයක් රැදි සිටිමට හැකි වුණා.

ඒ අනුව මට ඔහුගේ වාර්තා බිද හෙලිමට හැකි වුණා , සුනාමි ව්‍යවසනය වේලාවේ මම ඕස්ට්‍රේලියාවේදි ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිඩා කලා.

ඒ වේලාවේ ෂෙන් වොර්න් මගෙන් ඇහුවා මොනවද ලංකාවට මගෙන් වෙන්න ඕනි කියලා , ඒ අනුව මගේ ඉල්ලිමකට ලංකාවට ආපු ෂෙන් වොර්න් මහතා සිනිගම ප්‍රදේශයේ සුනාමි ව්‍යවසනයෙන් ආපදාවට ලක් වු ජනතාවට නිවාස හදලා දෙන්න විශාල වශයෙන් කැපයිම් කලා.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ජනතාව අපිට උදව් කලා,ෂෙන් වොර්න් මහතාගේ අභාවය මටත් ශ්‍රි ලංකාවේ සියළු දෙනාට දැඩි කණගාටුවක් තියෙනවා යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

32,388 views

9 Comments to “ෂෙන් වෝන්ගේ අභාවයෙන් මුරලි දැඩි කම්පාවෙන්…”

  1. David Milli-banda says:

    Thank you Shane onbehalf of Seenigama people & Sri Lanka.
    May your soul rest in peace.

  2. පුත්තලම් පුට්ටු බුරුවා says:

    අනිවාර්යයෙන්ම දැඩි කම්පාවක් ඇති එකට ක්‍රීඩා කරපු සම කාලීන අය නිසා හැබැයි ඊට වඩා කම්පාවක් ඇති මේ ආණ්ඩුවට තදේටම කඩේ ගිහින් කෙළවිලා තියෙන තරම දැක්කහම. ෂේන් වොන් ඔබට නිවන්සුව!!!!

  3. අමරසේකර says:

    වෝන් ගාල්ල ස්ටෙඩියම් එක හදන්න උදව් කළා. මේ මුරලි සිනීගමට කරපු කෙලියක් නැහැ. ක්‍රිකට් අත් හැරලා ලංකාවේ ඉඩම් අල්ලා ගත්තා. ප්‍රමෝද්‍ය එක්ක වල් අලි ගහන සොමාවත්යෙන් අක්කර 5000ක් ඇල්ලුවා කෙසෙල් වවන්න. ඊට පස්සේ මල්ලි ඉස්සරහට දාලා පොහොට්ටුවෙන් ආධාර ලබා ගත්තා එතනෝල් ගෙන්වීම වැනි වැඩ වලට. මෙයා කාඩ්බෝඩ් වීරයෙක් ලන්කාවට කරපු කෙන් ගෙඩියක් නෑ.

    • ගෞම් ඊයාරාජ් says:

      සහතික ඇත්ත !! ශේන් වොර්න් සුනාමියෙන් ආපදාවන්ට ලක් වූවන්ට කරපු මෙහෙවර විශිස්ඨයි , එ හැමදෙයක්ම කලේ කිසිම දෙයක් බලාපොරොත්තුව නෙමේ , එකට අපේ කාලකන්නී සුනාමියෙනුත් හොරා කෑවා , මුරලිලා දේශපාලකයට රෙදි නැතුව කඩේ ගිහිල්ලා තමන්ගේ ගොඩ වැඩිකරගන්න උත්සහා කරයි. ඒ අතින් මුරලිලා ලැජ්ජ වෙන්න ඔනේ.

      • බිංකුණ්ඩා says:

        ඇටබෝලවත් ගහන්නෙ නැති උඹල දෙන්න මුරලි ගැන දන්නැතුව ඇති

  4. චින් චින් නෝනා says:

    හොර නීති විරෝධී පන්දු යවලා ලංකාවට අගවුරවයක් ගෙන ආපු මිනිහෙක් මේ මුරලිදරන්

  5. බටහිරගැති භාවයෙන් මිදිය යුතු කාළයයි ,..... says:

    තරැණයන්ගේ කාළය කාදමනා,මණස වික්‍රෘති කරනා මොළශෝධක වහල් ගැටය., වහලුන් සඳහා නිරර්මානික, ක්‍රීඩාව ලෙසින් පෙනීසිටිනා වහල් යාන්ත්‍රණය බිතානන්‍යන් අමෙරිකාණුවනන් සමග පනපිටින් වලලා දමිය යුතුයි,.!

    මුල අමතක නොකරන් මුරලියේ,. බටහිරගැති භාවයෙන් මිදිය යුතු කාළයයි ,…..

  6. බයිසන් says:

    හොරලි මුලා. ඉඩම් හොරා..