සංක්‍රමණික සෞඛ්‍ය ගැටළු විසදීමට ශ්‍රී ලංකාව පියවර ගනී..

February 26, 2017 at 2:38 am | lanka C news
සංක්‍රමණික සෞඛ්‍ය ගැටළු විසදීමට ශ්‍රී ලංකාව පියවර ගනී..

සංක්‍රමණිකයින් හේතුවෙන් ශ්‍රී ලංකාව සෞඛ්‍ය අභියෝග රැසකට මුහුණ දී සිටියත්, අත්දැකීම් හා දැඩි අවධානය හේතුවෙන් රෝග රැසක් පාලනය කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

කොළඹ ගලධාරී හෝටලයේ දී ආරම්භ වූ “සංක්‍රමණික සෞඛ්‍ය පිළිබද ලෝක සමුළුව” අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේ එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

“ශ්‍රී ලංකාවෙි ක්‍රියාත්මක ජාතික සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී හදුන්වා දුන්නා. එම ප්‍රතිපත්තියෙන් සියළුම අංශ ආවරණය වන අතර, තොරතුරු රැසක් ද අන්තර්ගත වෙනවා.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

4 views
Main News