සංක්‍රමණීක ධීවරයින් නවතන්නැයි ඉල්ලා යාපනයේ විරෝධතා…

June 19, 2020 at 2:06 am | lanka C news
සංක්‍රමණීක ධීවරයින් නවතන්නැයි ඉල්ලා යාපනයේ විරෝධතා…

උතුරු මුහුදේ මසුන් ඇල්ලීමට එන සංකමණික ධීවරයින් වහාම නවතන්නැයි ඉල්ලමින් යාපනයේ ධීවර සංගම් සාමාජිකයින් පිරිසක් විසින් යාපනය ඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ විරෝධතාවක නිරත වූහ.

වඩමාරච්චි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්‍රදේශයේ ධීවර සංගම් නියෝජිතයින් පිරිසක් එක්ව මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා ධීවරයින් පිරිසක්ද සහය ලබා දී තිබුණි.

විරෝධාතාවයට එක්වූ ධීවර සංගම් නියෝජිතයින් පවසා සිටියේ,

මේ වන විට යාපනයේ ධීවරයින්ට පුත්තලම, හලාවත,මීගමුව කල්පිටිය, ආදි ප්‍රදේශයන්හි සිට පැමිණෙන සංක්‍රමණික ධීවරයින් නිසා යාපනයේ ධීවරයින්ට දෛනික ධීවර කටයුතු සිදු කරගැනීමට නොහැකි වාතාවරණයක් උදාවෙලා තියෙනවා ඉන්දීය ධීවරයින්ට අමතරව මෙම සංක්‍රමණික ධීවර පැමිණීම එමෙන්ම සංක්‍රමණික ධීවරයින්ගේ තහනම් දැල් ආම්පන්න නිසා ධීවරයින්ට බාධා රැසක් එල්ල වනබවත් මෙම ගැටලුව උතුරෙම ධීවරයින්ට බලපා ඇති හෙයින්  වහාම රජය මැදිහත් වී විසඳුමක් ලබා දිය යුතු බව පවසමින් විරෝධතාවය පැවත්වූහ.

විරෝධතාවය අවසානයේ මරදන්කේනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතට ගොස් සංදේශයක් භාර දීමටද විරෝධතා කරුවන් පියවර ගැනීමෙන් පසුව විරෝධතාවය අවසන් විය.

මේ පිළිබඳව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු නැගෙනහිර සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ ,

‘ මේ සංක්‍රමණික ධීවර ගැටලුව විසඳන්න කියලා අපි කිහිප අවස්ථාවකදීම රජයට බලපෑම් කලා නමුත් මේ වනතුරුත් එය සිදුවෙලා නැති නිසයි මේ ගැටලුව තාමත් තියෙන්නේ එක අතකින් එය ජාතීන් අතර ප්‍රශ්නයක් වෙයි දිස්ත්‍රීක් අතර ප්‍රශ්නයක් වෙයි කියලා බලධාරීන් මඟහරනවා වගෙත් පේනවා නමුත් විසඳුමක් ලබා දිය හැකි පැතිකඩ අපි රජයට පෙන්වා දී තිබෙනවා. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,646 Viewers

2 Comments to “සංක්‍රමණීක ධීවරයින් නවතන්නැයි ඉල්ලා යාපනයේ විරෝධතා…”

  1. ධීවර බන්ඩා. says:

    ලංකාව එක රටක්. ලංකාව එක එක ජාතීන්ට අයත් ධීවර කලාප වලට වෙන්ක කරන්ලාන පුලුවන්පද?

  2. ධීවර බන්ඩා. says:

    ලංකාව එක රටක්. ලංකාව එක එක ජාතීන්ට අයත් ධීවර කලාප වලට වෙන්ක කරන්න පුලුවන්ද?

Main News