සංඛ්‍යාත හා ඉඩම් වංචාවක්.. ගුවන් විදුලි සභාපති හා අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන්නැයි දැනුම් දේ…

March 12, 2021 at 10:00 am | lanka C news
සංඛ්‍යාත හා ඉඩම් වංචාවක්.. ගුවන් විදුලි සභාපති හා අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන්නැයි දැනුම් දේ…

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුම් දී ඇතැයි වාර්තා වේ.

සංස්ථාව සතු ඩමක් අනුමැතියකින් තොරව ව්‍යාපාරිකයෙකුට බදු දීම ගුවන්විදුලි සංස්ථාවේ සංඛ්‍යාත අනුදැනුමකින් තොරව වෙනත් පාර්ශවවලට පැවරිම ඇතුළු චෝදනා කිහිපයක් හේතුවෙන් මෙම දැනුම්දීම කර ඇතැයිද දැනගන්නට තිබේ.

සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වන්නැයි දැනුම් වී ඇත්තේ ඊයේ පස්වරුවේ ය.

33,429 views

13 Comments to “සංඛ්‍යාත හා ඉඩම් වංචාවක්.. ගුවන් විදුලි සභාපති හා අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන්නැයි දැනුම් දේ…”

  1. කරැනාරත්න says:

    මේක තමයි ලංකාවෙ වියත්මග…..සිංදුවක් කියපු එකා දානවා ආයතනය පාලනය කරන්න….මුගෙ අම්මගෙ කොමිටුවෙන් දුන්න පත්වීම් නෙ මෙව්වා…….
    මෙිවා හරියට කොත්තු බාස්ට හෝටලෙ බාරදුන්න වගෙ තමයි….
    මේ ගායකයා දැනගන්න අවශ්‍යයි තමන්ගෙ හැකියාව…..අන්තිමට ආයතනය ඉවරයි…මූත් ඉවරයි…..
    ගොඩාහේවා කොමිටායෙන් වෙන්ඩෑ තේරැවෙ මුංදැව ….

  2. ලෙඩෙක් says:

    මේ ආන්ඩුව කරපුු ගොංම වැඩ තමයි මේ පත්වීම්….ගුවන් විදුලි ය ඉවරයි…. රෑපවාහිනි යත් ඉවරයි…
    රෑපවාහිනි බාන මීට අන්තයි…මුංට ංංඕන කෝට් බෑයක් දාගෙන කාර් එක කිහිල්ලෙ ගහගෙන යන්න විතරයි ….පඩ ශෝ කාරයෝ…..
    ඔය ආයතන නැතිව එන මැතිවරණය ට අබ සරනයි…..

Main News