සංගක්කාර-ජැක්ලින් වීඩියෝව සමාජ ජාලා හොල්ලයි..
February 21, 2020 at 11:20 am | lanka C news
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ කීර්තිමත් වන්වර්ල්ඩ් ගුවන් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය සිය විශාලතම විදේශ වෙළෙඳපොළ වන ඉන්දියාව ඉලක්ක කර ගනිමින් සිදු කළ “Serendipity Next Door” සන්නාම වීඩියෝව එළිදක්වා පැය 19 ක කාලයක් තුළ ගෝලීය සමාජ ජාල හරහා එය නැරඹූ ප්‍රමාණය මිලියන 5 ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රීලංකන් වෙළඳනාම වීඩියෝවක් මිලියන 5 ක් නැරඹූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. එසේම ශ්‍රී ලංකාවේ වීඩියෝවක් පැය 12 ක කාලයක් තුළ දර්ශනවාර මිලියනය දක්වා වේගයෙන් ලඟා වූ වීඩියෝව ලෙස ද මෙය එය වාර්තාවක් තැබීය.
ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රියම පුද්ගලයින් දෙදෙනෙකු වන බොලිවුඩ් කීර්තියට පත් ජැක්ලින් ෆර්නැන්ඩස් සහ ක්‍රිකට් පුරාවෘත්තයක් වන කුමාර සංගක්කාරගේ නිරූපනයන් තුළින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විඳහා පෙන්වන මෙම ‘‘Serendipity Right Next Door’ වීඩියෝව පසුගියදා එළිදක්වන ලදී. මෙම වීඩියෝව මගින් ශ්‍රී ලංකාව නැමති සුන්දර දූපතේ සතුටට පත්වන ආකාරය ජැක්ලින් ෆර්නැන්ඩස් සිය ප්‍රේක්ෂකයන්ට තොරතුරු හෙළි කරන අතර, සංගක්කාර මහතා ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, සංස්කෘතිය, ආහාර වල ප්රනීතභාවය සහ ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරය සංකේතවත් කරන ජාතික ගුවන් සේවයේ ගුවන් මැදිරියේ අත්දැකීම් ප්‍රේක්ෂකයා වෙත රැගෙන යයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ පැවසීය “අපගේ නවතම අලෙවිකරණ සන්නිවේදන ප්රයත්නය ඉන්දියානු වෙළඳපොළ ආකර්ෂණය කර ඇති අතර ඒ සඳහා ලැබී ඇති ප්‍රතිචාරය ගැන අපි අතිශයින් පුදුමයට පත් වෙනවා. ජාතික ගුවන් සේවය ලෙස, අපගේ උරුමය ලොවට නිරූපණය කිරීමට අපි බැඳී සිටිනවා. මෙය අප අතිශයෝක්තියට නැංවීමකින් තොරව සිදු කරන්නේ ශ්‍රී ලංකාව සැබවින්ම පාරාදීසයක් වන නිසයි. ඒ වගේම එය ගවේෂණය කිරීම ඕනෑම සංචාරකයෙකුට තම ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වෙනවා. ඉන්දියාව සැමවිටම අපගේ ජාලය තුළ අවධානය යොමු කරන වෙළඳපොලක් වී තියෙනවා. වෙන කවරදාකටත් වඩා ශ්‍රී ලංකාවට සංචාරය කිරීම සඳහා ඔවුන්ගේ ප්‍රියතම කීර්තිමත් පුද්ගලයින්ගේ මංපෙත් අනුගමනය කරන්න සංචාරකයින් මෙමගින් පොළඹවන බව මට විශ්වාසයි”.
මෙම වීඩියෝවේ කතාව සම්මානලාභී ජාතික ගුවන් සේවයෙහි වැදගත්කම මෙන්ම ආකර්ෂණීය සංචාරක දූපතේ සිත් ඇදගන්නා සුළු අංගයන් සමඟ බැඳී ඇත. එහි දර්ශන තුළ පිළිබිඹූ වන්නේ ප්‍රජාවන් අතර ඇති සංස්කෘතික විචිත්රත්වය හා එකමුතුකම මෙන්ම රටේ දර්ශනීය ස්වාභාවික සුන්දරත්වය හදවතේ තැන්පත් වී ඇති ස්වභාවයයි.
මෙම වීඩියෝව ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන්නට සිදු කරන ආරාධනයකි. දිවයින වටා ඇති මුහුදු වෙරළේ ඇති විස්මජනක බව දැක බලා ගැනීමට සහ ඡායාරූප ගැනීමටත් පුරාණ රාජධානිවල අවශේෂ කාලයාගේ ඇවෑමෙන් ඔබව මවිතයට පත් කරන අතරම උණුසුම් වායු බැලූනයක නැගී යාමටත් මෙමගින් සංචාරකයින් ආකර්ශණය කරවයි. මේ සියල්ලටම ඉහළින් ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි අත්දැකීම් මෙන්ම දශක ගණනාවක් තිස්සේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඇති උණුසුම් ආගන්තුක සත්කාරය මෙන්ම සැබෑ ශ්‍රී ලාංකික පිළිගැනීම මතු කර පෙන්වයි.
දැනටමත් ඉන්දියාව වෙත මෙහෙයුම් සිදුකරන ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රධාන කලාප 11 ක් වෙත සතියකට ගුවන් මෙහෙයුම් 120 ක් සිදුකරයි. ඊට චෙන්නායි, තිරුචිරප්පල්ලි, ට්‍රිවන්ඩ්‍රම්, කොචින්, මදුරෙයි, කොල්කටා, නවදිල්ලිය, මුම්බායි, හයිද්‍රාබාද්, බැංගලෝර් සහ කොයිම්බතූර් අයත් වේ. කාලෝචිත සේවා සහ සංඛ්‍යාත වැඩි දියුණු කිරීම් සහ අනාගතයේ දී නව නගර එකතු කිරීම තුළින් කලාපය තුළ තවදුරටත් ස්ථාවරව සිටීමට ගුවන් සේවය බලාපොරොත්තු වේ.
– biz.adaderana
Say 'ayubowan' to a world of adventure
Say 'ayubowan' to a world of adventure; with a burst of flavour, culture & celebration! Experience Sri Lanka first onboard SriLankan Airlines- where you're truly, our world.#SriLankanAirlines #FlySriLankan #OneWorld #SriLanka
Gepostet von SriLankan Airlines am Sonntag, 16. Februar 2020
සිංහල බෞද්ධ රටක් බව ගැවිලාවත් නැහැ.පුදුම කර්මයක්
මේ සෙල්ලම් නම් එතරම් හොඳ නෑ. සංගා පුතේ ජැකලින් ගොනා. එකට බිස්නස් කරා වගේ නෙමෙයි. පවුල පරිස්සම් කරගනින්.
They might be paid millions not for charity
Sri Lankan Airlines is struglihg to survive and what is this nonsense