සංගක්කාර දීර්ඝ පෝලිමක.. පිටින් එන්නැයි නිලධාරීන් කීවත් ඔහු එසේ නොකරයි..

June 3, 2022 at 1:20 pm | lanka C news
සංගක්කාර දීර්ඝ පෝලිමක.. පිටින් එන්නැයි නිලධාරීන් කීවත් ඔහු එසේ නොකරයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය රියදුරු බලපත්‍රය අලුත් කරගැනීම සඳහා දීර්ඝ පෝලිමක රැඳී සිටින අයුරු සමාජ ජාලවල පින්තූර හුවමාරු වෙයි.

අදාල සටහන දැක්වෙන්නේ ඔහු පැය දෙකක පමණ කාලයක් තිස්සේ පෝලිමේ සිටිය සිටි බවයි.

පෝලිමේ නොඉද ඇතුලට එන්නැයි නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ ඔහුට ආරාධනා කළද සංගක්කාර එය ප්‍රතික්ෂේප කරමින් පෝලිමේ ගොස් තම කාර්යය කරගෙන ඇතැයිද සඳහන්ය.

114,339 views

57 Comments to “සංගක්කාර දීර්ඝ පෝලිමක.. පිටින් එන්නැයි නිලධාරීන් කීවත් ඔහු එසේ නොකරයි..”

  1. සමන්ත says:

    පෝලිමට පිටින් එන්න කියන නිලධාරින් එක්ක මොන සිස්ටම් චේන්ජ් ද? මුලින් නිලධාරින් දැන ගත යුතුයි රටේ සියලු දෙනා එකයි කියන එක. මෙවැනි නිලධාරින් නිසා තමයි දේශපාලකයා උත්තමයා වී ඇත්තේ.