සංගක්කාර නුවර එලියේ ගෝල්ෆ් පිටිය ඉල්ලයි..?
June 17, 2020 at 1:20 pm | lanka C news
20 වසරක කාලයක් සඳහා නුවරඑළියෙ ගොල්ෆ් ක්‍රීඩාංගණය බදු පදනම මත තමන්ට ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා ඉල්ලා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.
සංගක්කාර තමන් හමුවේ එම ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කළ බවත් ගෝල්ෆ් ක්‍රීඩකයන් ලක්ෂ දහයක් ගෙන්වා ගැනීමට හැකි බවට තාර්කිකව පෙන්වා දුන් බවත් දිසානායක මහතා පැවසීය.
මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා එනු ඇති බවත් තමන්ද එම ව්‍යාපෘති වාර්තාව අධ්‍යනය කල බවත් ඔහු සදහන් කලේය.
මාධ්‍ය හමුවක් අමතමින් එස් බී දිසානායක මහතා මෙම අදහස් පළ කරනු ලැබීය.
කෙසේ වෙතත් කුමාර සංගක්කාර පවසන්නේ තමන් එම ක්‍රිඩාංගනය බද්දට නොඉල්ලූ බවත් ගෝල්ෆ් ක්‍රීඩාංගනය සමීපයේ ඇති ඉඩමකට පල වූ පුවත්පත් දැන්වීමක් අනුව ක්‍රීඩා සංචාරක ව්‍යාපෘතියක් සදහා යෝජනාවක් ඉදිරිපත් කල බවත්ය.
තමන් එම ව්‍යාපෘතියට අවසර ලැබෙන තෙක් බලා සිටින බවත් ඒ ගැන විමසීමක් කල බවත් ඔහු පවසයි.
Anyone capable of bringing in money to the country should be allowed to do so. Those who oppose or hinder the progress of such efforts should be put behind bars for treason.