සංගක්කාර රාජිත සමග හොරගල් අහුලයි.. රහස් කතා පැය දෙකහමරයි..

January 12, 2019 at 10:37 pm | lanka C news
සංගක්කාර රාජිත සමග හොරගල් අහුලයි.. රහස් කතා පැය දෙකහමරයි..

පසුගිය හතර වැනිදා සවස් යාමයේ රාජිත සෞඛ්‍ය අමාත්‍යංශයේ තම නිල කාමරයෙහි බලා සිටියේ විශේෂ අමුත්තෙකු පැමිණෙන තුරුය. ඒ, හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරය. සංගක්කාර සවස හතර වන විට පැමිණියේය.

ආරක්ෂක නිලධාරීන් සහ ලේකම්වරුන්ද එම කාමරයෙන් ඉවත් කර රාජිත – සංගක්කාර රහස් සාකච්ඡාව පැය දෙකහමාරක් පමණ පැවතුණි. අමාත්‍යංශයේ සිටි පිරිසට සැළවූයේ මහජනතාවගේ පුද්ගල සෞඛ්‍යය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට සංගක්කාර දායක කරගැනීම සඳහා ඇමැතිවරයා මෙම සාකච්ඡාව පවත්වන බවය.

නමුත් පැය දෙකහමාරක පමණ දීර්ඝ සාකච්ඡාවක් ඒ සඳහා අවශ්‍යදැයි අමාත්‍යංශයේ සිටි පිරිස් අතර කසුකුසුවක් පැතිර යන්නට විය. පසුගිය කාලයේ, මීළඟ ජනාධිපතිවරණයේ එජාපෙ පොදු අපේක්ෂකයා සංගක්කාර බවට දැඩි කතා බහක් ඇති විය. තමන් කිසිදා දේශපාලනයට නොඑන බව සංගක්කාර කියා සිටියේය.

2015 පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රී ගෙන ඒමටද රාජිත මූලිකත්වය ගෙන කටයුතු කළේය. මේ වන විට පාඨලී චම්පික, චන්ද්‍රිකා, රාජිත, රනිල් සමග පුළුල් පෙරමුණක් නිර්මාණය කිරීමට මූලික කටයුතු කරමින් සිටිති. මෙවැනි තත්ත්වයක් පවතිද්දී සංගක්කාර සහ රාජිත අතර පැවතී දීර්ඝ රහස් සාකච්ඡාව දේශපාලන කරළිය නැවත උණුසුම් කරන කාරණයක් වනු ඇත.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන මර්මස්ථානය ලෙස සැලකෙන අභයාරාමයටද රාජිත ගොස් තිබුණි.

අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතර සහ රාජිත අතර ඉතා දීර්ඝ කාලීන මිතුදමක්ද පවතී. කෙසේ වෙතත් රාජිත අභයාරාමයට ගොස් ඇත්තේ රෝගාතුරව සිටි ආනන්ද හිමියන්ගේ සුවදුක් බැලීමට බව රාජිතගේ සමීප ආරංචි මාර්ග අනාවරණය කරයි.

– aruna.lk

129 views

40 Comments to “සංගක්කාර රාජිත සමග හොරගල් අහුලයි.. රහස් කතා පැය දෙකහමරයි..”

  1. Dp says:

    රාජිත වගේ පල් හොරෙක් එක්ක සංගාට මොන කතාද . දේශපාලනයෙන් මොන හරි දෙයක් රටට කරන්න හිතෙනවනම් එක්වෙන්න ගෝටා එක්ක . රටමට ඔබත් එක්ක හිටගනියි

  2. රාහුල් මල්ලී says:

    නරක් වෙච්ච දතක් ගලව ගන්න වෙන්නැති යන්න ඇත්තේ.. නිකං දත් දොස්තර කෙනෙක්ට කියලා ගලව ගන්නවට වැඩිය, ඇමති දත් දොස්තර කෙනෙක්ට කියලා ගලව ගත්තොත්.. දතටත් ආඩම්බරයක්.. සංගටත් ආඩම්බරයක්…

  3. ane says:

    iuya ,rata kanna thwa mattek genna yanawa

  4. Nuwan says:

    වරෙන්කො, දෙන්නම් චන්දෙ, හිතන් ඉන්නේ හොඳ එකෙක් කියලද cricket ගැහුවට.

  5. RUMESH LIYANAGE says:

    කුමාර් සංගක්කාර වැනි පුද්ගලයන් රටට අවශ්‍ය කරන කාලය දැන් එළඹ ඇත

    • අංකූරා says:

      ක්‍රිකට් වලට නේද ?, මැච් පරදිනවා සීරුවට !!..

  6. david milibanda says:

    Christianity/Catholism is the bane for Universal franchise.

    Catholic Church has gain poked its nose in the election results of the Democratic Republic of Congo just Yesterday.
    Sanga is a blinkered animal when he see money.

Main News