සංගාට-මහේලට ක‍්‍රීඩා ඇමතිගෙන් තනතුරු දෙකකට ආරාධනා..

August 20, 2020 at 12:40 pm | lanka C news
සංගාට-මහේලට ක‍්‍රීඩා ඇමතිගෙන් තනතුරු දෙකකට ආරාධනා..

ක්‍රීඩා ඇමතිවරයාට ක‍්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනයේදී උපදෙස් ලබාදීමට පිහිටුවා ඇති කවුන්සිලයට එක්වන්නැයි හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධනට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් ආරාධනා කර ඇත.

ඔවුන් දෙදෙනා මෙම ඉල්ලීම සඳහා කැමැත්ත පල කලහොත් වසර දෙකක් සඳහා එම එම ධුරයන් බලපැවැත්වෙයි.

ක්‍රීඩා ඇමතිවරයාට ක්‍රීඩාවන් සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සහ ප්‍රතිපත්ති සම්පාදනය සහාය වීම ඔවුන්ගේ රාජකාරියයි.

මෙම කවුන්සිලය සඳහා ක‍්‍රීඩා දැනුමැති තවත් වෘත්තිකයන් කිහිපය දෙනෙකුම එක්කර ගැනීමට නව ක්‍රීඩා ඇමැතිවරයා අදහස් කරගෙන සිටී.

72,340 views

18 Comments to “සංගාට-මහේලට ක‍්‍රීඩා ඇමතිගෙන් තනතුරු දෙකකට ආරාධනා..”

  1. ක්‍රිමිනල් says:

    අර තරුණ සේවා සභාවේ සභාපතිවරු ලෙස පත්කල ඉරාජ් ,ටෙහෙනී වගේ සෙන්‍ටර් මෝල් ගොබ්බයො දෙන්නේක් ක්‍රිකට් බලාගන්නත් පත්කලොත් නරකද ? 😂😂😂

  2. Saradiel says:

    හොද අදහසක් අපේ ප්‍රණාමය ජය පතමු.

  3. Nishantha says:

    ඔව් මහානාම සහ වාස් නම කැත කරගෙන නෑ.සමහරුන් දක්ෂ වුනත් නම සවුත්තු කරගෙන ඉන්නේ

  4. ජෝයි බුද්ධික says:

    හොර පෙරකදෝරුවා වෙනම කාමරේක ප්‍රින්සිපල් කියන උත්තර ලියලා පාස් උනා, ලංකාවෙන්ම වැඩිම ලකුණු ගත්තා. ශ්රිනි බණ්ඩාරනායක කාමරයට එක්ක ගිහින් සුබ පැතුවා, මෙහෙව් රටක්!

    • Sepalika says:

      Minister should answer to this accusation of UNP supporters. They always, all the time say this story. We would like to know the truth. If it is a story like Lamborghini the Minister should explain. Do not leave as it is. Being quiet gives the impression that the story is correct.

  5. vis8 says:

    Great move! Good luck!