සංගා-හරීන් නුවරඑලියේ හෝටලයක කුක්ලා වෙයි.. අවුරුද්දට අර්තාපල් පුඩිමක් හදයි..[Photo]

April 16, 2019 at 12:40 pm | lanka C news
සංගා-හරීන් නුවරඑලියේ හෝටලයක කුක්ලා වෙයි.. අවුරුද්දට අර්තාපල් පුඩිමක් හදයි..[Photo]

නුවරඑලිය අර්තාපල් වගාව ලෝව වටා ප්‍රචලිත කිරිමේ අරමුණින් සහ දේශිය අල ගොවියා රැක ගැනිම සදහා නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලය මගින් අර්තාපල් පුඩිමක් අද (16) පිලියෙල කර පිලිගන්වනු ලැබුනි.

නුවඑලිය වසන්ත උදානයට සමගාමිව නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලයේ පාලන අධිකාරිය සහ එම හෝටලයේ සාමාන්‍යධිකාරි රිෆාන් රෂිෆ් මහතා විසින් මෙම පුඩිම පිලියෙල කිරිමේ වැඩසටහන සංවිධානය කර තිබුණි.

අර්තාපල් පුඩිම පිලියෙල කිරිම  ක්‍රිඩා අමාත්‍යය හරින් ප්‍රනාන්දු මහතා සහ හිටපු ක්‍රිකට් ක්‍රිඩක කුමාර සංගක්කාර නුවරඑලිය මහනගර සභවේ පුරපති චන්දනලාල් කරුණාරත්න යන මහතුන්ගේ සහභාගිත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලයේ ප්‍රධාන සුපවේදි ප්‍රියන්ත විරසිංහ සහ ඉන්දියානු ප්‍රධාන සුපවේදියෙකු වන රනිද්ර් සින් මහතා ඇතුළු ග්‍රැන්ඩ් හෝටලයේ සුපවේදින් 15 ආසන්න පිරිසක් මෙම අර්තාපල් පුඩිම පිලියෙල කිරිමේ අවස්තාවට සහභාගි විය.

අර්තාපල් කිලෝ 15 , එලගි තෙල් බෝතල් 2 , සිනි කිලෝ 2.500 , රාසින් කිලෝ 2 , වියළි මිදි  කිලෝ 2, කජු කිලෝ  2 , කරදමුංගු , කහ ,යොදා ගනිමින් කිලෝ 25 ක අර්තාපල් පුඩිමක් පිලියෙල කරන ලදි.

මෙම අර්තාපල් පුඩිමට සමගමිව නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලය මගින් දේශිය අර්තාපල් වලින් පිලියෙල කරන ලද ආහාර ද්‍රව්‍යය ඇතුළු අතුරුපස වර්ග 100 ක  ප්‍රදර්ශ කුටියක්ද පැවැත්වු අතර එම ප්‍රදර්ශන කුටිය නැරඹිමට ආරාධිතයන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ද එක් වි සිටියහ.

මෙම අවස්තාවට සහභාගි වු අමාත්‍යය හරින් ප්‍රනාන්දු මහතා කියා සිටිය දේශිය අර්තාපල් ගොවියා ප්‍රවර්ධන කිරිමටත්, දේශිය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමටත්,අර්තාපල්වලින් මෙවැනි ආහාර ද්‍රව්‍යය සහ අතුරුපස පිලියෙල කර ප්‍රවර්ධනය කිරිම පැසසිය යුතු කරුණක් බවයි.

ඉකුත් වසරේද නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලය මගින් අර්තාපල් වලින් චෝකලට් කෙක් එකක් පිලියෙල කර ගිනස් වාර්තාවක් ද පිහිටවනු ලැබුනි.

අර්තාපල්වලින් පිලියෙල කරන ලද ආහාර වර්ග සහ අතුරුපස  ඇතුලත් ප්‍රදර්ශන කුටිය මේ මස 22 දින දක්වා නොමිලේ ප්‍රදර්ශනයකිරිමට 22 දින අර්තාපල් වලින් පිලියෙල කරන ලද විශේෂ සුප්ා පානයක් දෙස් විදෙස් සංචාරකයන්ට නොමිලේ ලබා දිමට ග්‍රැන්ඩ් හෝටලයේ පරිපාලය නිලධාරින් කටයුතු කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

29,060 Viewers

7 Comments to “සංගා-හරීන් නුවරඑලියේ හෝටලයක කුක්ලා වෙයි.. අවුරුද්දට අර්තාපල් පුඩිමක් හදයි..[Photo]”

  1. නුවන් අයියා says:

    ඇත්තටම කියනවනම් හරින් කියන පුද්ගලයා දේශපාලනයට නොආවානම් ඔහුට කල හැකිව තිබු රස්සාවක් තමයි අර්තාපල් පුඩින් හදන එක .කොළඹ ඉහලම පාසලකට ගිහිල්ලත් මේ කොම්පියුටර් යුගයේ ,ඩිජිටල් ඇමතිකම ලැබිලත් ඩිජිටල් ඇනලොග් වෙනස දැනගෙන හිටියේ නැති මිනිහෙක්ට මොන තරම් සුදුසු රැකියාවක්ද අර්තාපල් කුක් කමක් සරලයි පහසුයි රොකට් සයන්ස් නෑ මොලේ වෙහෙස කරන්න ඕන නෑ රැකියාවේ යෙදෙන ගමන් හිතේ හැටියට කුණු හර්ප අම්මට ඩිජිටල් වගේ දේවල් කියන්නත් පුළුවන්

  2. ABC says:

    Balu Sobana, These are self-marketing strategies to promote these opportunities.

    We are asking this is the way to protect and make sure the sustainability of farmers?????

    Nonsense……………………..

  3. sunimal says:

    මේ කලු සුද්දන්ගේ රජය දේශීය දේවල්වලට තැනක් දෙන්නේ නැහැ මම්මා පප්පා ලගෙන් එන නිසා

  4. Shiva says:

    It is known that Harin could not even pass grade 9 properly although he did schooling n a good school please suggest what kind of job suitable for him but he is in the possession of a bad mouth 👄 in addition to grade 9 certificate

  5. MSG says:

    No MSG because my kids are eating it. If other’s kids eat it then its OK put as much MSG as you like. When they get cancer, I can go on “Trail”.

  6. Sam Fernando says:

    Unwanted news. No nees value. Plz give us the news that people want to know.
    Thank you, Lankacnews !

  7. Helaya says:

    Harin is anyway a good cook…He has no ability to do anything else….

    Real moron…..

Leave a Comment

Main News