සංඝමිත්තා තෙරණිය සිරිමා බෝ අංකුරය වැඩම කල නෞකාවෙන් පසු රටම මග බලා ‘නෙවෙස්කා ලේඩි’ තෙල් නැව කොළඹ වරායේ..
November 9, 2017 at 6:25 am | lanka C news
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000කට ආසන්න ප්‍රමාණයක් රැගත් ‘නෙවෙස්කා ලේඩි’ නෞකාව මේ වන විට කොළඹ වරාය සීමාවට ඇතුළු වී තිබේ.
නෞකාවේ ගෙන එන ලද ඉන්ධන නියමිත පිරිවිතරයන්ට අනුකූලදැයි මේ වන විට පරීක්ෂා කරමින් ඇති අතර නිසි ප්‍රමිතියෙන් තිබුණහොත් තෙල්තොග ගොඩබිමට පොම්ප කිරීම අද පෙරවරැවේ ආරම්භ කිරීමට නියමිතය.
මෙම නෞකාවේ ඔක්ටේන් 90 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 31,000ක් හා ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7,000 ක් තිබේ.
මේ අතර තවත් තෙල් නැවක් අද පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිතය.
සංඝමිත්තා තෙරණිය සිරිමා බෝධියේ ශාඛාවක් ගෙන මෙරටට වැඩම කල නෞකාව එන තෙක් බලා සිටියාට පසු නෞකාවක් එන තෙක් මෙරට වැසියන් බලා සිටියේ නෙවෙස්කා ලේඩි තෙල් නැව එන තුරු යයි සමාජ ජාලාවන්හි උපහාසයන් පලවෙයි.
අර්ජුන මහත්තයා ගහන්න කටවුට් රට පුරාම. ජනතාවට තෙල් දුන් ජාතික වීරයා කියල.
ඔය තියෙන්නෙ බෙහෙත් මිල අඩුකළ ඉරිසිවරයා රාජිත,
බඩුමිල අඩු කර ජනතාව කෙලින් කළ ජනතා හිතවාදියා රනිල්,
දික්විජය කළ(ලෝකෙ වෙන්නැති ) ලංකාවේ මැන්ඩෙලා අතිම අති ගරු මයි සිරිසේන,
පාරවල් කාපට් කළ(නෑ.නෑ. මිනිස්සුන්ගෙ සල්ලිවලින් පොඩි කොමිස් එකක් තියාගෙන ) ඉසුර දේවප්‍රිය,
බුදුදහම නගාහිටුවීමට (හැබැයි තව අසෝක ස්තම්බයක් වත් හැදුව නං ඕං හරි ) මිනිස්සුන්ගෙ සල්ලි මිලියන 1300 කින් මාලිගාවේ ඇත් ගාල අලුත් වැඩියා කළ චම්පික විද්‍යාත්මක උගතා කිය කිය හැම තැනම.
කියන්න පුලුවනෑ ආයිත් චාන්ස් එකක් නාවොත්?