සංචරණ ඉවත් කල සැනින් අරක්කු ගන්න විශාල පිරිස්…

June 21, 2021 at 12:40 pm | lanka C news
සංචරණ ඉවත් කල සැනින් අරක්කු ගන්න විශාල පිරිස්…

පනවා තිබු සංචරණ සිමා නිතිය (21) දින අලුයම 4 ට ඉවත් කිරිමෙන් අනතුරුව හැටන් ඇතුළු වතුකරයේ සියළුම නගර වල වෙලදසැල් විවෘත කිරිමට වෙලදසැල් හිමියන් කටයුතු කරනු ලැබුහ.

සංචරණ සිමා ඉවත් කිරිමත් සමග වසා දමා තිබු රටබිම මත්පැන්සැල්වල තබා තිබු මුද්‍රා ඉවත් කර එම අලෙවිසැල් සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යන ලෙස හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් දැඩි උපදෙස් මාලාවක් එම මත්පැන් අලෙවිසැල් හිමියන්ට වාචිකව ලබාදෙන  ලදි.

හැටන් නගරයේ වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමත් සමග මත්පැන් මිල දි ගැනිමට විශාල පිරිසක් පැමිණෙන අයුරු අප කැමරාවේ සටහන් විය.

සංචරණ සිමා නිතිය ඉවත් කිරිමෙන් පසු ලංගම සහ පෞද්ගලික බස් රථ කිහිපයක් ධාවනයට එක් කර තිබුණද එතරම් මගින් සංඛ්‍යාවක් නගර කරා පැමිණෙන ආකාරයක් දක්නට නොලැබිණ.

හැටන් නගරය ඇතුළු වතුකරයේ සියළුම නගර වලට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

55,397 views

11 Comments to “සංචරණ ඉවත් කල සැනින් අරක්කු ගන්න විශාල පිරිස්…”

  1. කැලණියේ නයා says:

    මේ රටට දියසෙන් කුමාරයෙක් පහල කොරල දර්මද්වීපයක් හදන්න දෙදාස් දහනමේ දේසනා කොරපු හිමිවරුනි මේ ඔබ පැතූ දර්මද්වීපයයි මේ ඔබ පැතූ දියසෙන්

    • කැළණියේ පොළඟා says:

      ඇයි අවුල්ද ? – මීට නයි පාට් දමා මතුවූ කැළණියේ පොළඟා

      • ශිරා says:

        මෙවන් අසිරිමත් ජාතිය
        ජයෙන් උදාරයි

    • බේබදු ලාල් ඇන්ඩ් විජිත හේරා says:

      හම්මෝ, පෝලිමේ ඉස්සරහින්ම හිටියෙ අරක්කු මිලට ගන්න දුන්නා කියලා රට දෙවනත් කරන්න හදපු බේබදු ජෙප්පො ටික. 😀 😀

  2. රානි අක්කා සිරිමල් උයනේ says:

    රාජන්ගනේ-යාය -7-BOC-සිරිමල් උයනේ-පින් සුරා චාමර, මුගෙ වාචාල කම නියමෙට බැලිය හැකි පිනට බොනකොට , ඒක මුගෙ හිනමානේ.
    මේක ගමේ මලගේකට ගියොත් පිනට බොන්ද බලාගෙන ඉන්න වසලයෙක්.
    මේකට පිස්සුද කොහෙද
    මේක වගේ කුණු පෙරේත වසලයෙක්, අපේ කෙක්කෙන් පොල් ගෙඩි 30 කඩලා, කෙක්කත් කඩලා ගෙනත් දැම්මේ. වරකෝ ආයේ කිනවල….

  3. 😪😢😪😢😡 says:

    අරක්කු ගන්න ඔන්න එයා අඩිය තියා
    මීටරයෙ දුර මැනගෙනම උදෙන් ගියා
    එනවිට බොතල්‍ මූඩි සාක්කු පිරී තියා
    පන්දාහටම අරක්කු ගහල ගෙදර ගියා

  4. 😪😪😪😪😪 says:

    සුරාවටම ඇබ්බැහි වූ එකා නම්
    බීල අඹුවට වද දෙයි සැමදා නම්
    මුලු පවුලම සැමදා හාමතේ නම්
    විඳිනා දරුවෝ දකී කලකිරී නම්

  5. ගමයා says:

    මුන්ම තමා කන්න බොන්න නැහැ කිය කියා කැමරා ඉස්සරහා හූ කිය කිය කෑගහන්නේ. බොන්න නම් සල්ලි තිබේ. ජීවත් වෙන්න නම් සල්ලි නැතේ.

  6. Saleem says:

    මේ බුදුන්ගේ දේශයයි

  7. Open mind says:

    අරක්කු පෝලිං දැකපු එකා උකස් කඩේ පෝලිම දැකලා නෑ.

  8. කපුටා says:

    බොන එකාට බොන්න දීල අමද්‍යප සුචරිත පරයො නොබී හිටපල්ලා.කසිප්පු මුදලාලිලගෙන් ගාන කපාගෙන මෙතන කමෙන්ට්ස් දමන කාලකන්නි.

Main News