සංචරණ කැඩුවොත් කොපමණ කල් රට වසා දැමීමට සිදු වේදැයි කියන්න බෑ…

June 10, 2021 at 4:40 pm | lanka C news

සංචාරණ නීති වලට අනුගතව නිවසේම රැඳී සිටිය හොත් 14 වන දා වන විට යම් යම් සංචරණ සීමාවන්ට යටත්ව රට විවෘත කිරීමට හැකිවනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

නමුත් සංචරණ නීති නොතකමින් කටයුතු කළහොත් තව කොපමණ කල් මෙසේ රට වසා දැමීමට සිදු වෙතැයි කිව නොහැකි බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් ජනතාව නිරෝධායන නීති වලට අනුගතව කටයුතු කර ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ අනුව 14 වැනි දායි යම් සීමාවන්ට යටත් රට විවෘත කිරීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පවසයි.

14 වැනි දා සංචරණ සීමා අවසන් කිරීමට නියමිතව ඇතත් ආසාදිතයන්ගේ පොකුරු, අනු පොකුරු පිළිබඳව සලකා බලා ඒ ගැන වසංගත රෝග විද්‍යාඥයන් ගේ හා සෞඛ්‍ය විද්වතුන්ගේ මත අනුව සංචරණ සීමා ගැන තීන්දු ගනු ඇති බවද ඔහු සඳහන් කළේය.

30,825 views

8 Comments to “සංචරණ කැඩුවොත් කොපමණ කල් රට වසා දැමීමට සිදු වේදැයි කියන්න බෑ…”

  1. මාස 32 says:

    උපරිම මාස 32 යි. ඉන් පසු පොහොට්ටුවට කුණූ කූඩ ඉතිහාසයයි. සංචරණ නීති කඩන අයගේ පවුලක එක ඡන්දයක් පොහොට්ටුවට නෑ.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      උඹ කොහොමද එහෙම කියන්නේ රටෙි මිනිස්සුන්ගේ අයිතිකාරයද බං උඹ, රටෙි ජනතාව ගානට ඒක කරයි. මාස 32 පස්සේ පොල් කෙන්දෙන් එල්ලිලා ඉන්න උන් නමි කුනුකුඩෙි සුවර්. ඩයනා නෝනා පක්සේ විසුරපුහාම සජියත් හබක්

  2. sumudu says:

    අපෝ අඩුම මේ මාසෙ ඉවරවෙනකල් වත් සංචරණ සීමාවන්ට යටත්ව රට වසාන්ට

    • Deelaka Fer says:

      උබ රජයෙන් පිනට පඩි ගන්න පිං පඩි කාරයෙක් නේද?? 😂😂

      • advicer says:

        ආ මෝඩයෝ උබට ඇවිදින්න ද ඕනේ? පලයන් ඇවිදපන් ,මෝඩයන්ට සංචරණ සීමා නෑ

  3. Depression says:

    Idiriyata manasika waidyawarunta godak business thieyi

  4. Nandasoma Suriyaarachchi says:

    ඒ කියන්නෙ, දැනට පනවලා තියෙන සංචරණ සීමා වලින් කොරෝනා අඩු වෙලාද….?

  5. මොන මොන නම් දාගෙන මේ රට වැහුවත් මේ වසංගතයෙන් තව වසර දෙකක් වත් විඳවන්න වෙයි . හොඳට තිබුණ රටක් අපි වැටිච්ච තැනක් .

Leave a Comment

Main News