සංචරණ නොතකා අරක්කු විකුණයි…

June 6, 2021 at 2:06 am | lanka C news
සංචරණ නොතකා අරක්කු විකුණයි…

සංචරණ සිමා පනවා තිබියදි බලපත්‍රයක් නොමැතිව ඉතා සුක්ෂම ලෙස වතු කම්කරුවන්ට රජයේ අනුමත මත්පැන් අලෙවි කල සැකකරුවන් තිදෙනෙකු හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් හැටන් වැලිඔය සහ හැටන් ෂැනන් යන වතු වල පදිංචිකරුවන් බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්තාවේ ඔහුන් සන්තකයේ මත්පැන් බෝතල් 23 ක් තිබු බවයි වැටලිම සිදු කල හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇප මත මුදා හැර ඇති අතර, සැකකරුවන්ට එරෙහිව මේ මස (16) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

9,503 views

Leave a Comment

Main News