සංචරන බිද දඹුල්ලේ ජන රාශි.. නගරාධිපති, රාජ්‍ය නිලධාරින්ද එති..

June 18, 2021 at 4:40 pm | lanka C news
සංචරන බිද දඹුල්ලේ ජන රාශි.. නගරාධිපති, රාජ්‍ය නිලධාරින්ද එති..

කොරානා තත්වය නිසා රටටම සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක දඹුල්ල නාගරික බල ප්‍රදේශයේ දඹුල්ල නගරාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජන රාශීන් දෙකක් පවත්වා ඇත.

ඒ සදහා රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශවල නිලධාරින් ද සම්න්ධබ කරගෙන ඇත.

මෙම ජනරාශින් පවත්වා ඇත්තේ 16 දින ආහාර පාර්සල් බෙදාදීමක් ලෙසින් දඹුල්ල ළමා නිවාසයකදි, නගර සභාවේදි හා නගර සභාවේ නගරාධිපතිගේ නිවසේදිය.

දෙවන අවස්ථාව 17 දිනයේ පවත්වා ඇත්තේ දඹුල්ල නගර සභාවේ දිගම්පතහා රක්ෂිත ප්‍රදේශයේය. එහිදි දඹුල්ල නගරයේ කුණු වලින් කාබනික පොහොර නිපදවන ව්‍යාපෘති භූම්යේදි සිදු කොට ඇති අතර එය සිදු කොට ඇත්තේ චීන උණගස් සිටුවීමේ ව්‍යාපෘතියක් ලෙසින් උණ පැල 500 ක් සිටු විමයි. ඒ අවස්ථාවට ආරක්ෂක හා රාජ්‍ය නිලධාරින්ද රැුසක් සම්බන්ධ වි ඇත.

මෙම බොහො අවස්ථා වලදි නගරාධිපතිවරය මුහුණු අවාරණ ඉවත් කොට සිටින අන්දම දැග ගත හැකිය.

මෙම උත්සව දෙකම සිදු කොට ඇත්තේ ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙකුගේ පුතුගේ උපන් දිනයට බව පැවසෙන අතර ඒ බව සදහන්වන බැනර් එකක් ආහාර පාර්සල් බේදා දුන් ස්ථානයේ දමා තිබුණි.

එහි සදහන් ආකාරයට ඩුබායි රටේ ව්‍යාපාරයක් කරන පුද්ගයකුගේ පුතුගේ උපන්දිනය නිමිත්තෙන් මෙම ආහාර පාර්සල් බේදා දි ඇති අතර 17 දින පැල සිටුවා ඇත්තේ ජනපතිතුමාගේ උපන්දිනය හා ලොක පියවරුන්ගේ දිනයත් ව්‍යාපාරික පුතාගේ උපන්දිනයත් වෙනු වෙන්ය. එම බැනර්වල නගරාධිපතිවරයාගේ හා ව්‍යාපාරිකයින්ගේ සේයාරූද ඇතුලත් කොට තිබුණි.

කොරොනා වැනි වසංගත අවස්ථාවක ව්‍යාපාරිකයින්ගේ මුදලින් අසරණයන්ට ආහාර ලබාදිම මෙන්ම උණ ගස් සිටු වීමද යහපත් වුවද කොරෙනා සමයේ නිති රීති අනුගමනය කල යුතුය. සංචරණ සීමා පවතින සමයක් ජනතාව එකතු කිරිම නොකල යුතුය.

– වාර්තාකරු දඹුල්ල

57,832 views

3 Comments to “සංචරන බිද දඹුල්ලේ ජන රාශි.. නගරාධිපති, රාජ්‍ය නිලධාරින්ද එති..”

  1. දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා says:

    ස උඩින්ම ඕකේ එක දුන්න නම් ආයෙ ඒ ගැන හොයන්න එපා. මතකනේ පියුමි හංසමාලි ගේ කේස් එක. හැමෝටම එකම නීතිය තමයි එක එක විදියට නමලා දෙන්නෙ. මම දැන් සනීපද සැපද..?

  2. සයිභු නානාගේ සවු භාගේ says:

    නීතිය වල්වැදී ඇත.

  3. සිසිල් සුදේශ් says:

    නගරාධිපතිලා තමයි හැම තැනම අලි ජාතියෙන් ඉන්නෙ. මතක තියාගෙන ඊළඟ පාර මුං ටික නම් එවන්න එපා.