සංචරන මැද මන්ත‍්‍රී නිවසේ කසිප්පු පෙරයි..

June 16, 2021 at 12:02 am | lanka C news
සංචරන මැද මන්ත‍්‍රී නිවසේ කසිප්පු පෙරයි..

මාතර මාකාවිට ප්‍රදේශයේ තෙමහල් නිවසක් තුළ නීති විරෝධී ලෙස කසිප්පු පෙරමින් සිටි මාතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු හා ඔහුගේ ගෝලයකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

සැකකාර මන්ත්‍රීවරයාගේ බිරිද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රජයේ රැකියාවක් සිදු කරන බව ද ඇය සමගි බලවේගයෙන් ප්‍රාදේශීය සභාවට පත් කළ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන බවද කියති.

සම්පූර්ණයෙන් වැඩ නිම නොකල නිවසේ කාමරයක් තුළ ගෑස් ලිපක් යොදා කසිප්පු පෙරීම සිදු කර ඇති බව පොලීසිය කියයි.

සැකකාර හිටපු මන්ත්‍රීවරයා හා ඔහුගේ ගෝලයා සන්තකයේ තිබී ගෝඩා මිලි ලීටර් 20000 ක් ,කසිප්පු මිලි ලීටර් 4750ක් හා ඒවා පෙරීමට ගන්නා උපකරණපොලීසිය භාරයට ගෙන ඇත.

පොලීසිය වෙත ලැබුණු තොරතුරකටඅනුව මෙම වැටලීම සිදු කර තිබේ.

මාතර මාකාවිට පදිංචි 56 හැවිරිදි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ගාල්ල තවලම පදිංචි 38 හැවිරිදි ඔහුගේ ගෝලයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

– lankadeepa

19,170 views

6 Comments to “සංචරන මැද මන්ත‍්‍රී නිවසේ කසිප්පු පෙරයි..”

  1. රජාන්ගනේ -යය-7-BOC-පිම්පි- චාමර-සුහද මාවත says:

    මල්ලි අපි උපන් ගෙඉ සල්ලි කාරයෝ, මම අස්සරේ කරන්නේ full සල්ලිකාරයෝ පමණි
    ඉස්සර මම fun එකට රෙන්නේ පොල්කොට දෙක දාපු වැසිකිළියක. මට ඕව මතක නැ

    හවසට ලොකු මල්ලි ඔයාගනේ සෙට් වෙමුද හූ හූ හූ හූ

  2. 😂😂😂😂🤣🤣🤬 says:

    හෙන්ඩුව අතේ තියාගෙන මං පෙරුවේ
    අලි පන්නර වෙලා එන නිසයි කෙරුවේ
    සාදයට විස්කි වොඩ්කා වතුරට ඉරුවේ
    සංචරණ නීති තමා කරනට මුල පිරුවේ

  3. පොඩි රාජා says:

    ජාතික ආර්ථිකය නංවාළමු…දේශීය නිෂ්පාදන සුරැකිමු.

  4. suranimala says:

    UNP karayo kasippu peranawa..pohottu kaarayo ewa beela pissu kelinawa

    • cobra says:

      යහපාලන කාලේ `මහා බැංකුව කොල්ලා කෑමෙන් ලබා ගත් මුදල් මදි වෙලාද UNP මන්ත්‍රීලා දැන් කසිප්පු පෙරන්නේ ?

  5. sirilaka de says:

    sirilaka de siri sepa de

Main News