සංචාරකයන්ට රට විවෘත කිරීමේ සාකච්ඡා සාර්ථකයි.. ජනාධිපතිත් එකගයි.. ගෙන්වන්නේ Travel bubbles ක‍්‍රමයටයි..

December 8, 2020 at 6:48 pm | lanka C news
සංචාරකයන්ට රට විවෘත කිරීමේ සාකච්ඡා සාර්ථකයි.. ජනාධිපතිත් එකගයි.. ගෙන්වන්නේ Travel bubbles  ක‍්‍රමයටයි..

ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර පැවති සාකච්ඡා 90%කින් සාර්ථක බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇමති මණ්ඩලයට දැනුම් දෙයි. ඒ අනුව ගුවන්තොටුපල විවෘත කර සංචාරකයන්ට රට විවෘත කරන දිනය ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවද ඇමතිවරයා ඊයේ (07) පැවති ඇමති මණ්ඩල රැස්වීමට දැනුම් දුන්නේය.

ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ සූදානම පිළිබඳව ඊයේ (07) පැවති ඇමති මණ්ඩලයේදී අවධානය යොමුවිය. ඇමති මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙහිදී කියා සිටියේ සෞඛ්‍ය උපදෙස් මත නිසි ක්‍රමවේදයන් අනුව සංචාරක කර්මාන්තය යලි ආරම්භ කිරීමට එකඟතාවය පල කල හැකි බවයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග තමන්ද සාකච්ඡා කල බව පැවසූ ජනාධිපතිවරයා හඳුනාගත් ප්‍රදේශ වලට සංචාරකයන් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයන් අනුගමනය කිරීම ( Travel bubbles ) සුදුසු යැයි කීවේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ සංචාරකයන් සඳහා වෙන්වූ විශේෂ ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල් වලට සංචාරකයන් ගෙන්වී‍මේ ක්‍රමවේදය ( Travel bubbles ) සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ වැඩි එකඟතාවක් පවතින බවයි.

මීට අඳාල ක්‍රමවේදය සකස් කිරීමට පත් කල  ඒකාබද්ධ කමිටුවේ අවසන් එකඟතාවයන් සම්බන්ධයෙන් කොවිඩ් කමිටුව සමඟත් ජනාධිපතිවරයා සමඟත් ස‍ාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා මෙහිදී කීවේය.

මේ අතර ගුවන්තොටුපල හා සංචාරකයන්ට  රට විවෘත කිරීම සම්බන්ධයෙන් වැඩපිළි‍වෙලක් සැකසීම සඳහා පත් කල සංචාරක හා සෞඛ්‍ය බලධාරීන්ගෙන් සමන්විත කමිටුව ඊයේ(07) පැවති  සාකච්ඡාවේදී සංචාරකයන් සඳහා වෙන්වූ විශේෂ ප්‍රදේශ වලට සංචාරකයන් ගෙන්වීමේ ක්‍රමවේද  ( Travel bubbles ) සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.සංචාරකයන් දිවයිනට පැමිණි විට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතිකලත් හෝටල් වල පමණක් ඔවුන් රැඳවීමටත් ඔවුන් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.

මීට අඳාල ඒකාබද්ධ කමිටු සාකච්ඡා ඉතා කඩිනමින් අවසන් කර ඔවුන්ගේ මාර්ගෝපදේශ විෂයභාර අමාත්‍යවරුන්ට ලබාදීමට මෙහිදී තීරණය කර තිබේ.

– ප්‍රදීප් අනුර කුමාර

48,075 views

10 Comments to “සංචාරකයන්ට රට විවෘත කිරීමේ සාකච්ඡා සාර්ථකයි.. ජනාධිපතිත් එකගයි.. ගෙන්වන්නේ Travel bubbles ක‍්‍රමයටයි..”

  1. Saman kumara says:

    රට විරුවෝ රටවල් වලම ඉන්න. සල්ලි තියෙනවා නම් රෙජිස්ටර් වෙන්න ඕනේ නෑ එන්න පුළුවන්. දවස් 14ට හොටෙල් එකටයි..පීසීආර් දෙහකටයි ගෙවන්න ඕනේ ටිකට් එකේ ගානට අමතරව

  2. ආයේ දෙකක් නැහැ ජනවාරි ඉදලා ලංකාවට කෙනෙක් එනවනම් සංචාරය සදහා ඒ එන්නෙ මොලේ මන්දමානසිකත්වයෙන් කෙනෙක් තමයි. 🙈

    • අහෝ ක්‍රිමිනල් says:

      අපි positive හිතමු නේද, මහා විනාශයක් බලාපොරොත්තුවෙන් ඉදලා බුරවි කුනාටුව ෂේප්එකේ පහවෙලා ගිය එක ගෙනත් කනගාටුවෙන අපතයෝ ඉන්න රටක් මෙික

      • බයියා says:

        කියලා වැඩක් නෑ. ටොයියොයි ජෙප්පොයි ජාතක වෙලා තියෙන්නෙ මේ රටේ මිනිස්සුන්ට වෙන්න බෑ. එක්කො කරන වැඩක වැරැද්දක් හොයනවා.. නැත්තං රටට සාප කර කර වැඩ කරන එකාට රටේ ඉන්න එපා කරවනව.

        • බයි අප්පෝ says:

          බයියොත් පහුගිය අවුරැදු 5 කලේ ඕකනේ

  3. harsha says:

    සංචාරය කරලා විනෝද වෙන්න පුළුවන් තත්වයක් දැනට ගොඩක් අයට නෑ

  4. Christy says:

    It means, Once airports gets open , no need of Hotel quarantine ????????

    • Saman kumara says:

      Nope.its only for foreigners on visit. Citizens are not allowed to come freely. Current process will continue for them.

  5. DRS says:

    This is good step in the right direction. However, we need more tourist than those who can afford a 3-4 week stay in Sri Lanka.
    The government should implement scheme used in Hawaii and modify it by adding a 2nd PCR test 2days after arrival.
    Also a PCR test on departure so that the tourist will not be quarantine when they go back to their own countries.

  6. sena says:

    ලංකාව තවත් ඉතාලියක් නොවේවායි පතමු මේ තුරුප්පුවෙන්වත් ලංකාවෙ ඉන්න වයසමිනිස්සු ටිකවලපල්ලට යවන්න පුලුවන් එතකොට විශ්‍රාමවැටුප මහාබාණ්ඩාගාරයෙ ඉතුරුයි එතකොට ලක්ෂමන් කිරිඇල්ලෙගෙ ඉල්ලිම වන ලක්ෂේ දිමනාව ඉටුකරන්න පුලුවන් දියවන්නාවට ජයවේවා

Main News