සංචාරකයන් ගෙන්වන්න එපා.. ඩෙල්ටා එක්ක ‘බයෝ බබ්ල්’ හරියන්නේ නෑ..- වෛද්‍ය සංගමය කියයි..

September 2, 2021 at 6:22 am | lanka C news
සංචාරකයන් ගෙන්වන්න එපා.. ඩෙල්ටා එක්ක ‘බයෝ බබ්ල්’ හරියන්නේ නෑ..- වෛද්‍ය සංගමය කියයි..

ඩෙල්ටා ප්‍රභේදය මුළු ලංකාවම වෙලාගෙන සිටින වෙලාවක, දිනකට වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යමින් පවතින මොහොතක, බලධාරීන් ලෙස තීරණ ගැනීමේ දී නැවත නැවත සිතා බැලිය යුතු බව රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.

“කොවිඩ් රෝගීන් නිසා සමහර රෝහල්වල ධාරිතාව උපරිම මට්ටමට ළඟාවෙලා තිබෙනවා. වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයම දැවැන්ත අපහසුතාවයකට පත්වෙමින් පවතිනවා.”

ආර්ථිකය ගැන සැළකිලිමත් විය යුතු නමුත් ගන්නා හැම තීරණයක්ම විද්‍යාත්මක පසුබිමක් මත ගත යුතු බව හෙතෙම අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී මාධ්‍යවේදියා ප්‍රශ්න කර සිටියේ 2020 යුක්‍රේන සංචාරකයන් ගෙන්වා කළ අත්හදා බැලීම අසාර්ථක වී ඇති පසුබිමක දැන් ඊශ්‍රායලයෙන් සංචාරකයන් ගෙන්වීමට රජය විසින් කටයුතු කිරීම පිළිබඳව රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ අදහස කුමක්ද යන්නය.

“මාධ්‍ය මගින් දැනට අපට දැනගන්නට තිබෙන කරුණු අනුව; ඊශ්‍රායලය දියුණු සෞඛ්‍ය පද්ධතියක් පවත්වාගෙන යන රටක්. වැක්සින් ආවරණයත් ඉහළ මට්ටමක තිබෙනවා. එහෙම තියෙද්දිත් මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය විශාල සෞඛ්‍ය තර්ජනයක් බවට පත්වී තිබෙනවා.”

තාක්ෂණිකව වැක්සීනයක ක්‍රියාකාරීත්වය තීරණය විය හැකි බවත්, කොරෝනා ආගමනය සමග දැනට හඳුන්වා දී ඇති එන්නත් හදිසි අවශ්‍යතාවය උදෙසා හඳුන්වා දුන් එන්නත් බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.

කුමන වැක්සීන කුමන ප්‍රභේදයට ඔරොත්තු දෙනවා ද නැද්ද යන්න තවමත් පවතින්නේ පරීක්ෂණ මට්ටමේ ය. දැනට තිබෙන කිසිම එන්නතක් 100% ක ආරක්ෂාවක් ලබා දෙන බව කිසිවෙකුට කිව නොහැකිය.

“නමුත් අපි වැක්සීනයක් ලබාගත යුතුයි.”

ශ්‍රී ලංකාව ද තම උපරිම සෞඛ්‍ය ධාරිතාවය තුළ කටයුතු කරන මෙවන් අවස්ථාවක, මේ කියන ආකාරයේ සංචාරකයන් ගෙන්වා ගන්නා රටවල්වලත් සෞඛ්‍ය පද්ධති අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවක තීරණ ගැනීමේ දී විද්‍යාත්මක පදනමක් මත එය සිදු කළ යුතු බවට තම සංගමය අවධාරණය කරන බව එදිරිසිංහ මහතා සඳහන් කළේය.

“බයෝබබල් කියන එක පිළිගත් ක්‍රමවේදයක් හැටියට විශේෂ තත්ත්වයන් යටතේ සළකන්න පුළුවන්. උදාහරණයක් හැටියට ක්‍රීඩා කරන කොට කණ්ඩායමක් බයෝ බබල් එකක් හැටියට ගෙන්වගෙන.. ඉතාම සුළු පිරිසක් අරගෙන ඒ පිරිස දිගටම සුපරීක්ෂාකාරීව වෛද්‍ය නිරීක්ෂණවලට ලක්කරමින් ඔවුන් නිරාවරණය කරගන්නෙ නැතුව අරං යන්න ඕනේ.” වෛද්‍යවරයා පවසයි.

සංචාරකයන් බයෝබබල් එකක් යටතේ ගෙන්වා ගැනීමේ දී රටේ පද්ධතිය ඒ සඳහා සූදානම් කර ගත යුතුය. කළබලකාරීව එක පැත්තක පමණක් සාධක සළකා බලා තීරණ ගැනීම තුළින් අර්බුදකාරී තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව ද වෛද්‍ය එදිරිසිංහ අවධාරණය කළේය.

“අපි තවම සංචරණ සීමාවන් ඇතුලෙ ඉන්නෙ. අපේ Epidemic Curve එක තවම පල්ලෙහාට නැඹුරු වන තත්ත්වයක් නෙවෙයි තියෙන්නෙ. මේ වසංගත වක්‍රයේ පහළ බැසීමක් එන කාලය ගණන් බලන්න වෙනවා. ඒකට බලපාන විද්‍යාත්මක සාධක තියෙනවා. එම සාධක සියල්ල සැලකිල්ලට අරගෙනයි මේක තීරණය කරන්න ඕනෙ.”

බයෝබබල් එකක් යටතේ සංචාරකයන් ගෙන්වා ගැනීමට කළින් දැනට ක්‍රියාත්මක කරන සංචරණ සීමාවන් තව කොපමණ කාලයක් පවත්වාගෙන යන්නේ ද යන්න පවා තීරණය කළ යුතුව තිබේ. සංචාරකයන් ගෙන්වා ගැනීමට කළින් විසඳාගත යුතු ගැටළු විද්‍යාත්මකව විසඳා ගැනීමෙන් අනතුරුව කිසියම් කාල සීමාවක් තුළ රට සංචාරකයන් ට විවෘත කරනවා ද, ඒ විවෘත කරන්නේ කවර ආකාරයකට ද, විවෘත කරන්නේ කුමන ප්‍රදේශ ද යන්න තීරණය කළ යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.

“එන්නත්කරණ ආවරණය පිළිබඳව නිසි සංඛ්‍යාලේඛන බිම් මට්ටමේ දී සකස් කර ගත යුතුයි.”

46,523 views

21 Comments to “සංචාරකයන් ගෙන්වන්න එපා.. ඩෙල්ටා එක්ක ‘බයෝ බබ්ල්’ හරියන්නේ නෑ..- වෛද්‍ය සංගමය කියයි..”

  1. චන්ද දායක says:

    මේ රටේ ආදායම සංචාරක ව්‍යාපාරය තුලින් ම ගොඩ යන්න බලනවා ඇර වෙන විකල්පයක් හොයන්න වියතුන් මහන්සි වෙන්නැත්තෙ ඇයි ?

  2. Sar says:

    All these medical experts are confusing the general population by giving different opinions at different places and different times. Is it not possible for them to come to some common stand on issues that matter and let the government and the people know without stressing out the ordinary man and woman?

    They are doing a great disservice in this fashion!

  3. dev says:

    moda doshtarala

    yako rate jeewanaliya nawattala kohomada ledagin goda yanne. onna ape ugatunge wada.

  4. ලන්සා says:

    මූ 3% එකෙක්. විදේශ විනිමය හිඟ වීම මග හරවා ගැනීමට සංචාරක ව්‍යාපාරය ඉතා ඉක්මනින් නැවත යථා තත්වයට පත් කල යුතු බව ඡෙප්පොන්ට වැටහෙන්නේ නැත

  5. රංජිත් විජේසිංහ says:

    මේ වෙලාවෙ රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. ඉතිං රට ගොඩ ගන්න නම් කැප කිරීම් කරන්නම වෙනවා. ඒකට හැමෝම ගැස්තී වෙන්න වෙයි. අනික රටේ ආදායම පහල බැහැලා තියෙන්නේ ඉතින් ආරක්‍ෂකොරීව මේ කටයුතු සිදු කිරීමට හැකි නම් එය සිදු කිරීම මගින රටේ ආර්ථිකය ගොඩ ගැනීමට යම්තාක් හෝ පිටුවහලක් වෙයි.

  6. රුක්ෂාන් සිල්වා says:

    අපිට තව ටික දවසක් යනකොට හෙඳටම කෙලවෙයි මෙහෙම ගියොත්. ඒක නිසා කරන දෙයක් හරියට හිතලා බලලා කරන්න, කියන්න දැන් එලෙව පොල් පෙනිලා ඉන්නේ.

  7. Sunil Perera says:

    rate me mohote pawathina ththwaye hatiyata tawaduratt rata wasa tabimada sudusu nathi mage adahasai.e magin sidu wanne rate arthikaya thawa tawath durwala weemai eh nisa haki ikamanin rata wiurtha kara janathawa saukya purudu wlata balen ho purudu kirima sudusu we yai wswasa karmi.

  8. mali says:

    if whole srilanka has covid delta variant what is the problem of getting Israel foreigners as tourists? If those people are fully vaccinated if they want to take the risk of coming highly infected country what is the problem of these medical so called consultants have? Only thing is they are the group of Rajitha, they do not mind whether country is bankrupt or not most probably all of their children are in Ausie or the UK or canada or USA so they do not mind what ever happened to the country.They want to bring a rajitha led government to thrive.

  9. Chathura Gunarathna says:

    sancharakyo barinam kauru hri kmk nh genth rate arthikya goda enawa nm.

  10. Sagarika Alvis says:

    kohomada api me wena winase bln aha kana piyagena inne dan.