සංචාරකයන් ගෙන්වා ගැනීමට නව ප්‍රවේශ හඳුනාගන්න..- ජනපති
June 11, 2022 at 2:02 am | lanka C news
සංචාරකයන් ගෙන්වා ගැනීමට නව ප්‍රවේශ හඳුනාගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
සංචාරක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව (10) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති අවස්ථාවේ දී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.
සංචාරක ව්‍යාපාරයට සෘජු හා වක්‍ර සම්බන්ධ පිරිස මිලියන 4ක් ඉක්මවති. පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගතයෙන් අඩපණ වූ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වෙමින් තිබිය දී උද්ගත වූ අර්බුද හේතුවෙන් නැවත පසුබෑමකට ලක් විය.
ජාතික ආර්ථිකයට සේම විශාල පිරිසකගේ රැකියා සුරක්ෂිතතාවට බලපාන වැදගත් අංශයක් ලෙස සංචාරක ක්ෂේත්රය කඩිනම්ව නගාසිටුවිය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.
රට පිළිබඳ වැරදි මත ප්‍රචාර, තානාපති කාර්යාල මගින් නිවැරදි කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.
සංචාරක ක්ෂේත්රයේ නියැලෙන්නන් මුහුණ දෙන ඉන්ධන ගැටලුවට පිළියම් සලසන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. මහා, මධ්‍ය හා සුළු පරිමාණ හෝටල් කර්මාන්තකරුවන් මුහුණපා සිටින ගෑස් හිඟයට පිළියම් සෙවීමේ අවශ්‍යතාවය ද නිලධාරීහු පෙන්වා දුන්හ.
සිනමා කෘති රූගත කිරීමේ දර්ශනතල ආකර්ෂණීය ලෙස ලොව පුරා ප්‍රවර්ධනය කිරීමෙන් ඉහළ අවධානයක් සංචාරක ක්ෂේත්රයට ලබාගත හැකි බව ද සාකච්ඡා කෙරිණ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා, රේඛීය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
Gota gobbaya..
මොන ප්‍රවේහ ගත්තත් මේ යන පිලිවෙලට වනතාවට කිසිම දේක ප්‍රතිලාබ ලැබෙන්නෙ නැහැ. දේහපාලුවන්ගේ සහ දනපතින්ගේ මඩි වඩ වඩාත් තරවීම හැර වෙන දෙයක් මේ ක්‍රමය යටතේ සිද්ධ වෙන්නෙ නැහැ……! එයයි පසුගිය. මහමැතිවරනයට පසුව සිදුවන එකම දෙය…!!!
මොන ප්‍රවේශ ගත්තත් මේ යන පිලිවෙලට ජනතාවට කිසිම දේක ප්‍රතිලාබ ලැබෙන්නෙ නැහැ. දේශපාලුවන්ගේ සහ දනපතින්ගේ මඩි වඩ වඩාත් තරවීම හැර වෙන දෙයක් මේ ක්‍රමය යටතේ සිද්ධ වෙන්නෙ නැහැ……! එයයි පසුගිය. මහමැතිවරනයට පසුව සිදුවන එකම දෙය…!!!
සංචාරක යන්ට ගල් යුගය බලන්න එන්න පුළුවන් තව ටික දවසකින් . ඒක ප්‍රමෝට් කරොත් ඔන්න කිරි ගහට ඇන්නා වගේ තමා .
සංචාරකයන් ගෙන්නගන්න වෙන්නේ ගල් යුගය බලන්න කියලා තමයි . ලංකාවේ දැන් තියෙන්නේ එහෙම තත්ත්වය ක්.
ප්‍රවේශය ගල් යුගයට