සංචාරකයන් ගෙන්වා ගැනීමට නව ප්‍රවේශ හඳුනාගන්න..- ජනපති

June 11, 2022 at 2:02 am | lanka C news
සංචාරකයන් ගෙන්වා ගැනීමට නව ප්‍රවේශ හඳුනාගන්න..- ජනපති

සංචාරකයන් ගෙන්වා ගැනීමට නව ප්‍රවේශ හඳුනාගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

සංචාරක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව (10) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති අවස්ථාවේ දී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.

සංචාරක ව්‍යාපාරයට සෘජු හා වක්‍ර සම්බන්ධ පිරිස මිලියන 4ක් ඉක්මවති. පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගතයෙන් අඩපණ වූ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වෙමින් තිබිය දී උද්ගත වූ අර්බුද හේතුවෙන් නැවත පසුබෑමකට ලක් විය.

ජාතික ආර්ථිකයට සේම විශාල පිරිසකගේ රැකියා සුරක්ෂිතතාවට බලපාන වැදගත් අංශයක් ලෙස සංචාරක ක්ෂේත්‍රය කඩිනම්ව නගාසිටුවිය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

රට පිළිබඳ වැරදි මත ප්‍රචාර, තානාපති කාර්යාල මගින් නිවැරදි කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් මුහුණ දෙන ඉන්ධන ගැටලුවට පිළියම් සලසන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. මහා, මධ්‍ය හා සුළු පරිමාණ හෝටල් කර්මාන්තකරුවන් මුහුණපා සිටින ගෑස් හිඟයට පිළියම් සෙවීමේ අවශ්‍යතාවය ද නිලධාරීහු පෙන්වා දුන්හ.

සිනමා කෘති රූගත කිරීමේ දර්ශනතල ආකර්ෂණීය ලෙස ලොව පුරා ප්‍රවර්ධනය කිරීමෙන් ඉහළ අවධානයක් සංචාරක ක්ෂේත්‍රයට ලබාගත හැකි බව ද සාකච්ඡා කෙරිණ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා, රේඛීය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

9,661 views

16 Comments to “සංචාරකයන් ගෙන්වා ගැනීමට නව ප්‍රවේශ හඳුනාගන්න..- ජනපති”

  1. ලප කොටා says:

    තොපි ගෙන්නයි සංචාරකයො? අපි මැයි 9 දා මීගමුවේ ඇවන්රා ගාඩන් හෝටලයට දුන්න වැඩේ වගේ වැඩක් ඉතුරු වෙලා තියෙන හෝටල් ටිකටත් දෙනව.
    එතකොට උන් ඇවිල්ල නතර වෙන්නෙ උඹලගෙ ලිබ්බොක්කෙද? එතකොට උඹලට ඩීසල්, පැට්රල්, ගෑස්, බේත් ගේන්ඩ ඩොලර් කෝ? අපි ඊට පස්සෙ ඊලඟ ලේ හලන විප්ලවය දියත් කරල රටේ බලේ අලලනව
    අපිට ඔව්ව ටොයිස් වැඩ, ලොක්කා.

  2. රාවණාගේ පුත්‍රයා says:

    තමුසේ ඔතනින් තොලොංචි වෙලා යන එක තමයි එකම ප්‍රවේශය… ලංකාවේ බෝතල් පත්තර කාරයෝ මේවා දාන්නේ නැහැ
    IMF සාකච්චා එක තැන හිරවෙලා එකඟතාවක් සහ වැඩපිළිවෙලක් නැතිව. මේ කැනඩාවේ ඇමරිකාවේ බිස්නස් නිව්ස් හැම එකකම දානවා ලංකාවේ ඇතිවෙමින් තිබෙන භයානක තත්වය. තාමත් මේකේ කුලියට කහින ගොන් බයි හැතිකරේ එක එකාට වරද පටවන්නේ නැතිව හැංගෙන්න තැනක් හොයා ගනියව්…

  3. gemsaleem says:

    අඩො කාලකණ්නි මූසලය. සංචාරකයන් ගමන් කරන්න වාහනවලට තෙල් නෑ. කෑම උයල දෙන්න ගෑස් නැතිව පොඩි පොඩි සංචාරක හෝටල් වැහිලා. පොඩි හෝටල්වල ලගින කොත්තු රොටි කන ඩොලර් දාහක් අතෙ තියෙන අභිකූණ්ඩික සංචාරකයො තමයි අද අපෙ රටට එන්නේ. මේක තේරුම් ගන්න බැරුව විටින් විට බංකරයෙන් එළියට ඇවිල්ලා මු මහ ඇති ගරු ජනාධිපති ඇක්ෂන් දානවා. මෝඩ මී හරකා

  4. saman says:

    කාලකන්නියා යනකන් මේ රටට නැ

  5. අපි ගොන්නු වුනා.....! says:

    ධම්මික අයියා…..කාන්තා හා ලමා….ප්‍රවෙශමාර්ග පලල් කරලා දෙයි……ඩොලර් බේරෙයි…..

  6. Mahesh says:

    Issella thiyena ewa rekaganin booruwo.

  7. Rakitha says:

    Actually you are failed. You don’t have leadership qualities, communication abilities, problem solving abilities as a leader of the country. Even you don’t have political knowledge. You should learn those things from your brother Mahinda. You cheated all of us 69 laks. We don’t want to CB robbers into power. You must go out quickly if you can’t understand it. Seems to be that you haven’t understood and you don’t know value of your voters.

  8. කෙටි විසදුම මග හරින විට says:

    ඔබ උගතෙක් ලෙස දැන් පෙනී සිටිමින් සැම දේටම උපදෙස් දීම ඇත්තටම විහිළුවක්. හැම ක්ෂෙත්‍රයකම පශ්චාත් උපාධි ගත්තවුන්ගේ අඩුවක් මේ රටේ නෑ. ප්‍රශ්නය වූයේ මැට්ටන් පාර්ලිමේන්තු යැවූ ක්‍රමයයි. බැසිල් කී ලෙස මැට්ටන්ට ඡන්දෙ දුන් කෙටි කාල වාසියට වැඩ කරන බහුතර හැට නව ලක්ෂය ඉතා මෝඩ ඇති. ඒත් ඔබ හොද නම් ඔබට නැවත මේවැනි පල් හොරුන් නොඑන ක්‍රමයට ව්‍යවස්ථා සංශෝධනයට උනන්දු කරන්න තිබ්බා. ඔබ රැදෙන්නෙ නඩු එකලාසයක් කර ගැනීමට විය හැකියි. ඒත් විශ්වාසය කඩ කළ ඔබලා ඉන්නා තෙක් මේ රටට ඩොලර් තියා වාහනවල නැගල රටේ ගමන් කරන්න හිතන කෙනෙක් එන්නෙ නැහැ.

  9. Dengu Nona says:

    Pravesha Maarge ? Gnaanakka langa thiyenawa neda ?

  10. Lalla says:

    අනාගත්ත රජු කරුණාකර පරපුරේ හැතිකරයම ගෙන තමුන්ගේ රටට යන්න. අපි කොහොම හරි රට ගොඩ නගා ගන්නම්.

Main News