සංචාරකයන් නෑ.. හෝටල් 26ක් බැංකුවලට සින්නවෙන්න යයි..

January 13, 2020 at 5:30 pm | lanka C news
සංචාරකයන් නෑ.. හෝටල් 26ක් බැංකුවලට සින්නවෙන්න යයි..

සංචාරක සිතියමකට නැවත ඇතුළත් කෙරුණු අනුරාධපුරය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් වලට ඇතුළත් කරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක අමාත්‍යංශ බළධාරින්ට උපදෙස් දෙයි.

අනුරාධපුර නගරය සංචාරක සිතියමෙන් ඉවත් කෙරුණේ පසුගිය යුධ සමයේදී ය. ජය ශ්‍රී මහා බෝධියට, අනුරාධපුර ගුවන් හමුදා කදවුරට කොටි ත්‍රස්තවාදින් ප්‍රහාර එල්ල කිරීමත් යුධ සමයේ අනුරාධපුර නගරය ප්‍රධාන හුවමාරු නගරයක් ලෙස පැවතීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක සිතියමෙන් එය ඉවත් කෙරුණි. සංචාරක හෝටල් හිමියන් සමග ඇමති ප්‍රසන්න රණතුංග මහතා කළ සාකච්ඡාවේ දි අනුරාධපුර හෝටල් හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ රටේ පවතින සාමකාමි වාතාවරණය තුළ අනුරාධපුරය නැවත සංචාරක සිතියමට ඇතුළත් කෙරුණ ද සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් වලදි අනුරාධපුරය නොසලකා හැර ඇති බවයි. වහාම එය නිවැරිදි කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් චාන්දනී වේරපිටිය මහත්මියට උපදෙස් දුන්නේය.

මේ වසරේ මැයි මාසය වන විට අනුරාධපුරයේ සංචාරක හෝටල් 26 ක් බැංකුවලට සින්න වන බව අනුරාධපුර සංචාරක හෝටල් හිමියෝ මෙහි දි ඇමතිවරයාට පෙන්වා දුන්හ. සංචාරක ව්‍යාපාරය දිගින් දිගටම අඩාල වීම නිසා බැංකුවලින් ගත් ණය ගෙවා ගත නොහැකි විම ඊට හේතුවයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහි දි කියා සිටියේ මේ තත්ත්වය පිළිබද ව රජයේ අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවයි. බැංකු වලට සින්න වීමට යන සංචාරක හෝටල් හා ඒවායේ ණය පිළිබද ව විස්තර තමාට ලබා දෙන ලෙස ද ඇමතිවරයා එම සංගමයෙන් ඉල්ලා සිටියේ ය.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශ ලේකම් මරීනා මොහොමඩ්, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් චාන්දනි වේරපිටිය යන මහත්මීන් ස සහභාගි වුහ.

– ප්‍රදීප් අනුර කුමාර

49,214 Viewers

11 Comments to “සංචාරකයන් නෑ.. හෝටල් 26ක් බැංකුවලට සින්නවෙන්න යයි..”

  1. ජගත් වික්‍රමාරච්චි ප්‍රංශය says:

    මෙයා දැන් හොඳ නම දාගන්න ට්‍රයි කරනවා ..කරපු තරම් ජඩ වැඩ , කරලා කරලා අන්තිමට නිශාන්ත රණතුංග කියන හොරාත් දා ගත්ත ඇතුලට

    • Kokila says:

      රණතුංගල කියන්නේ පට්ට හොරු සෙට් එකක්. මේ වගේ ඇමති කමක් මොන මගුලකට මේ හොරුන්ට දුන්නද මන්ද. නිශාන්තය වෝට බෝඩ් එක සතේටම හින්දල තමා පස්ස බලන්නේ.

      • kkuruwita says:

        නිශාන්තගෙ ගැන හරියට දැනගෙන කතා කරන්න. අතේ ඇඟිලි පහ එකවගේ නැත. නිශාන්ත තේරුවෙ විද්වත් තෝරන මණ්ඩලයකින් නිසා ඒ පත්වීම ගැන ජනතාවට සැකයක් නැත.

        • ජගත් වික්‍රමාරච්චි පැරිස් says:

          ඔව් ඉතින් බය්යියෝ කියන්නේ මුන්ට කඩේ යන හැත්තනේ …!!! දන්නේ නැත්නම් රණතුංග පව්ලේ කෙරුවාවල් 1997 ඉඳල ගුගල් වලින්ම සර්ච් කරපල්ලා …!!! පස්ස කපන්න බලය දුන්න ewaa, තෙල් සංස්ථාවේ මිනිමරපු ඒවා , ලොකුම නත්තල් ගහ හදන්න නාස්ති කරපු සල්ලි , වරාය කාපු හැටි , ධම්මික රණතුංග මාධ්‍යට දුන්න පොර ටෝක් , දෙහිවල ඉඩම් හොරෙන් සහ බලෙන් ලියවගත්ත හැටි ( ඒවාට නඩු තාම තියෙනවා ) ගම්පහ පැත්තේ මිනිස්සුන්ට තග දාගෙන ඉන්න හැටි , මුන්ගේ තාත්තා ඒ කලේ මාධ්‍ය වේදීන්ට ගහපු හැටි ඒවා ට ගෙවපු හැටි ලෝකෙම දන්නවා …ඕනේ නම් වෙබ් ලින්ක් අපි දෙන්නම් …හොරු පවුලක් වෙනුවෙන් බොරුවට කඩේ යන්න එපා බන් …සමහරවිට උන්මාද දන්නේ නැහැ මේ බොරු නම් වලින් කොමෙන්ට් දන්නේ …, ලැජ්ජයි …!!!

          • ජගත් වික්‍රමාරච්චි පැරිස් says:

            ඔව් ඉතින් බයියෝ කියන්නේ මුන්ට කඩේ යන හැත්තනේ …!!! දන්නේ නැත්නම් රණතුංග පව්ලේ කෙරුවාවල් 1997 ඉඳල ගුගල් වලින්ම සර්ච් කරපල්ලා …!!! පස් කපන්න බලය දුන්න ewaa, තෙල් සංස්ථාවේ මිනිමරපු ඒවා , ලොකුම නත්තල් ගහ හදන්න නාස්ති කරපු සල්ලි , වරාය කාපු හැටි , ධම්මික රණතුංග මාධ්‍යට දුන්න පොර ටෝක් , දෙහිවල ඉඩම් හොරෙන් සහ බලෙන් ලියවගත්ත හැටි ( ඒවාට නඩු තාම තියෙනවා ) ගම්පහ පැත්තේ මිනිස්සුන්ට තග දාගෙන ඉන්න හැටි , මුන්ගේ තාත්තා ඒ කලේ මාධ්‍ය වේදීන්ට ගහපු හැටි ඒවා ට ගෙවපු හැටි ලෝකෙම දන්නවා …ඕනේ නම් වෙබ් ලින්ක් අපි දෙන්නම් …හොරු පවුලක් වෙනුවෙන් බොරුවට කඩේ යන්න එපා බන් …සමහරවිට උන්මාද දන්නේ නැහැ මේ බොරු නම් වලින් කොමෙන්ට් දන්නේ …, ලැජ්ජයි …!!!

        • Kamal says:

          අනිවරයෙන්ම ඔබ නම් නිශන්ත. ලංකාවේ ඉන්න කෙනෙක් නම් මේ වගේ කොමෙන්ට් එකක් දන්නේ නෑ ක්‍රිකට් බෝඩ් එකේ ගහපු ගැහිලි ටික මදෑ.

        • Sam says:

          ඔය විද්වත් මංඩලේ හිටියේ අගමැතියි නාමලුයි ද?

    • kkuruwita says:

      මිනිස්සුන්ට කට තිබුන පලියට ඔහේ බොරු වැරදි කියන්න පුළුවන්. දන්නවනම් කියමු බලන්න ප්‍රසන්නගෙ ඔය කියන වැරදි මොනවද කියල .

  2. මොළේ තියන පොහොට්ටුව says:

    පොහොට්ටුව රාජ කරන නිසා මේව විසදන එක සුළු දෙයක්නේ

  3. Maraya says:

    එපා ………… සියලු මාධ්‍යවල හඩපට වයමින් ගයමින් ජනතාව සංචාරකයින් හා වයාපාරිකයින් පිනවමින් සිටිමු .

  4. Lotus says:

    Jagath Wickramaarahchi from Paris,
    You r living in abroad and interfering in SL matters is not ethical. You better come here and raise your sound.

Main News