සංචාරකයන් භීතියට පත් කරමින් නිලධාරීන් යකා නටති…
February 20, 2022 at 6:20 am | lanka C news
බදුල්ල සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් ඇල්ල ප්‍රදේශයේ කුඩා අවන්හල් ඉලක්කකොට හදිසි මෙහෙයුමක් දියත්කොට තිබේ.
එහිදී ඇල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන කුඩා අවන්හල්වලට පැන ඔවුන් සංචාරකයන්ට නීති විරෝධීව මත්පැන් ලබා දුන් බව පවසා ඉන් හෝටල් දහයකට නඩු පවරා තිබේ. සුරාබදු නිලධාරින් මෙලෙස අවන්හල්වලට පැන ඇත්තේ විදේශ සංචාරකයන් රැසක් එම අවන්හල් වල විවේකිව සිය නිවාඩුව ගතකරන අතරවාරයේය.
මේ කිසිවක් නොදන්නා සංචාරකයන් තමන් කිසියම් නීති විරෝධී දෙයකට මැදිහත්වූ බව සිතා වහා එම අවන්හල් වලින් පිටත්ව යාමට කටයුතු කර ඇත.
බදුල්ල සුරාබදු කාර්යාලයේ නිලධාරින් මෙම හදිසි වැටලීම සිදුකරනු ලබන්නේ දිනෙන් දින මෙරටට පැමිණෙ සංචාරකයන් ගණන ඉහල යාමත් සමග කලක් වැසී තිබුණු කුඩා අවන්හල්ද සක්‍රීය වී තිබූ පසුබිමකය.
සංචාරකයන් අතර ජනප්‍රිය උණවටුන, ඇල්ල වැනි ප්‍රදේශ වල මෙවැනි අවන්හල් බොහොමයක් දැකගත හැක. මෙවැනි අවන්හල්වෙත පැමිණෙන සංචාරකයන් සිය විවේකය ගත කරන්නේ මත්පැන් පොදක් තොලගාමිනි. මේ හේතුව නිසා බලපත්‍ර නොමැති වුවත් මෙවැනි කුඩා අවන්හල් වලින් විදේශ සංචාරකයන්හට මත්පැන් ලබාදීම කලක පටන් සිදුකරනු ලැබීය.
ඒ අනුව ක්‍රියාත්මක වූ සුරාබදු දෙපාර්තුමේන්තු නිලධාරින් පසුගියදා එවැනි අවන්හල් කිහිපයක් වටලනු ලැබුවේ එහි පැමිණ සිටි සංචාකරයන්ද භීතියට පත්කරමිනි. සංචාරකයන් අපහසුතාවයට පත්කරමින් සිදුකළ මෙම වැටලීම් වල මූලික අරමුණ වනුයේ එම අවන්හල් බියවද්දා අල්ලස් ගැනීමයි.
බලපත්‍ර නොමැතිව සංචාරකයන්ට මත්පැන් ලබාදෙන මේ බොහොමයක් අවන්හල් සිදුකරන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට අල්ලස් ලබාදීම මගින් ඔවුන්ගේ අවන්හල් පවත්වාගෙන යාමයි.
අල්ලස් ලබාදුන්නේ නැතිවුවොත් සංචාරකයන්ට මත්පැන් ලබාදිය නොහැකි නිසාත් එම හේතුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර බිඳ වැටෙන නිසාත් මෙවැනි බොහෝ ව්‍යාපාර සුරාබදු කාර්යාල කිහිපයකටම මේ අයුරින් අල්ලස් මුදල් ලබාදීම සිදුකරනු ලබයි. එයට අමතරව නීතිය ක්‍රියාත්මක වන පෙන්වීමට මාස දෙක තුනකට වරක් එම හෝටල් වලින් සුරාබදු නිලධාරීන්ට නඩුවක් ලබාදීමද සිදුකරනු ලබයි.
මේ තත්වය හේතුවෙන් සංචාරක ව්‍යාපාරයේ නිරත මෙවැනි කුඩා අවන්හල් දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර සුරාබදු නිලධාරින් ඔවුන්ගේ මල්ල තරකරගනිමින් සිටින්නේ රජයට හිමිවිය යුතු බදු ආදායමක්ද රජයට අහිමි කරවමිනි.
ඒ නිසා මෙවැනි බොහෝ අවන්හල් සංචාරක අමාත්‍යංශයට යෝජනා කරන්නේ ඔවුන්ට නීත්‍යානුකුල ලෙස මත්පැන් ලබාදීම සඳහා තාවකාලික බලපත්‍රයක් හෝ ලබාදෙන ලෙසය. එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක වුවහොත් රජයට බදු ආදායමකුත් උපයාගත හැකිවනු ඇත.
දැන් සිදුවන්නේ එම ආදායම සුරාබදු නිලධාරින් අල්ලස් ලෙස ඔවුන්ගේ පෞද්ගලික පරිභෝජනයට ලබාගැනීමයි. සුරාබදු දෙපාර්තමේන්තුව තුළ තම ආයතනය සුරැකීම වෙනුවෙන් වෘත්තීය සමිති කිහිපයක්ම තිබුණත් ඔවුන්ගේම නිලධාරින් විසින් සිදුකරන මෙම නරක පූර්වාදර්ශය ගැන කිසිවෙකු මෙතෙක් හඬක් නගා නොමැත.
2019 අප්‍රේල් මස 19 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදාවට එල්ලවූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් සෙලවුණු සංචාරක කර්මාන්තය නැවතත් 2020 සිට ඇරැඹුණු කොරෝනා වසංගතයෙන් ඇද වැටුණි.
විදේශ මූල්‍ය අර්බුධය හමුවේ රට බංකොලොත්භාවය අභියස සිටින මොහොතක එයට ඇති විසඳුම් අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන වේ.
මේවනවිට නැවතත් රට තුල සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් හිස ඔසවමින් පවතී. ඒ අනුව සංචාරකයන්ගේ දෛනික පැමිණීමේ අගය 4000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මෙරටට පැමිණෙන සංචාරකයන් සාමාන්‍යයෙන් දින දහයක් පමණ ලංකාවේ රැඳී සිටින අතර ඔවුන් දිනකට ඩොලර් 173.80 පමණ වියදම් කරනු ලබනු බවත් ඉන් ඩොලර් මිලියන 5.6ක මුදලක් දෛනිකව ජාතික ආර්ථිකයට ගලා එන බවත් සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත මගින් පෙන්වා දී තිබේ.
යළි පිබිදෙන සංචාරක කර්මාන්තය හමුවේ අවුරුදු දෙකකට අධික කාලයක් ආර්ථිකව බැටකෑ මෙවැනි කුඩා අවන්හල්වලට සිය ව්‍යාපාර නීත්‍යානුකුල ලෙස කරගෙන යාමටත් එමගින් ඔවුන්ගේ ව්‍යාපාර දියුණුව මෙන්ම සංචාරකයන්ට සේවාව සැපයීම තුලින් ජාතික ආර්ථිකය සවිමත් කිරීමට සංචාරක අමාත්‍යංශය වහා මැදිහත්ව කටයුතු කළයුතුව තිබේ.
එසේ නොමැතිවුවහොත් රජයට බදු ආදායමක් අහිමිව යනවා සේම රටේ විදේශ විදේශ විනිමය රැගෙන එන මෙවන් අවන්හල් වැසීයාමේ අවධානමක්ද පවතී.
– repoter
කපුටාස් හිට් ද ටුවරිස් හොටෙල්ස්.
👍
දවසේ කියමන 😃😃😃
ලංකාවෙ නීති හදල තියෙන්නෙ අනුන්ගෙ සාරය උරාබොන කිනිතුල්ලන් වැනි රජයේ සේවකයන්ට අල්ලස් ගන්න පුලුවන් විදිහට. ලෝකෙන් උතුම් රටනෙ නොදකින්.
Ane higanno… tho me essara wela enna ratata respect karapan. Tho wage aparhayo thama oya neethi hadanne e wage hadana unt chande denne. Eka me rate waraddak newei. Palaweni panthiye edan 13 yanakan hama ekatama nikan egana ganna thiyenne. Ekenuth hodama unta campus eke nikan egana ganna thiyenne. One ledakata nikan beheth denawa. Samuidi kiyala nikan denawa suppath hama ekatama. Awrudde one dawasaka waga kara ganna puluwan ekek wath ehema karanne nah. Ekekta wath udema aharala ice kadala para clear karagana wadata yanna naha. Pissu higanno mokuth nathuwa okkoma nikan aran ratata bana bana ennawa.
මේ ජරා වෙඩ කරන රජයෙ සේවකයන් ගේ පුද්ගලික තොරතුරු දන්න කෙනෙක් සමාජ ගත කරන්න රටට කරන සේවයක් කියල හිතල
මෙි සුරාබදු මහත්හොරැන්ට, තම බල පුදේශය තුල ඇති මෙවැනි ව්‍යාපාරික ආයතන හා අවසරලත් අවන්හල් වලින්ද මාසික දොල පිදේනි පිදිය යුතුය.
පුදුම නිළධාරි සත්ව කොටිඨාශයක් සිටින රාජ්‍ය ආයතනයකි.
තාවකාලික බලපත්‍ර හෝ දීමෙන් මෙය විධිමත් කරන තුරැ සහන සලසන්න.
මේවට තියෙන බලතල අඩු කරන්න ඕන. උසාවි නියෝගයක් නොමැතිව කිසිම වැටලීමක් කරන්න බැරි වෙන්න. අනික මේ වෙලාවේ සුද්දෝ බය් කරන මේ නිලධාරීන් ටික සේවයෙන් පහ කරලා දාන්න ඕන.. ඔන්න රටේ නායකයා කොන්ද පන තියෙන කෙනෙක්ද කියලා බලන්න පුලුවන්.
රටේ නායකයට අනිත් ඇවිදින්න පුළුවන් ඕනෙම කෙනෙක්ට වගේ කොන්දක් තියෙනවා. සෘජු තීරණ ගන්න හැකියාවක් නැහැ කියන එක එයා මේ වෙනකොට ඔප්පු කරලා ඉවරයි. ඒ ගැන තවදුරටත් විශ්වාස තියන් ඉන්න ඔයා පවු.
අනේ මහලොකු සංචාරකයෝ. මේ රටේ එන සංචාරකයන්ට වඩා දේශීය අය වියදම් කරනවා. බොරු නම් බලන්න youtube වල මොන ලෙවෙල් එකේ අයද මෙහෙට එන්නේ කියලා. සුරාබදු එක හරි කියනවා නෙමේ. අපේ රටට හොඳට වියදම් කරන සංචාරකයෝ එන එක නැවතිලා තියෙන්නේ. එන අයත් එන්නේ අසර්බයිජාන්, යුක්රේන්, රොමේනියා වගේ රටවල්. ගොඩක් ඉන්දියන්. එංගලන්ත, ඇමෙරිකා, යුරෝපයේ හොඳ රටවල සංචාරකයන් ඇත්තටම එන එක අඩුයි. ඒ ගැන හොයලා බලන්න. අනික මේ ආව සමහර සංචාරකයන් ගියාට පස්සේ දාල තියෙන video refer කළාම තේරෙන දේ තමා එයාල හරිම නෙගටිවු අපේ රට ගැන කියන එක. මෙන්න මේ දේවල් අපි බලන්න ඕනේ මොකද කියලා.
Ane Gon modayo indiawen ena ewun wiyadam karanne naha.
Ane buruwo. Tho sinhalen kiyawanba igena ganin issarawela….
මුස්ලීම් රටක් වන මැලේසියාව ඕනම ග්‍රොසරියක වුනත් මත්පැන් අලෙවියට ඉඩදී තියෙනව. යමක් සුලභ නම් අයථා අන්දමට නිලධාරී හැසිරීම පාලනය කල හැකිය. සුරාබදු දේශීය ආදායම් රේගුව වගේ ආයතනවල බොහෝ නිලධාරීන් ජීවත්වෙන විදියට ඔවුන්ට ජපානයේ හෝ දියුණුම යුරෝපීය රටවල වැටුප් ලැබෙන්න ඕන. මේ බොරු ෂෝ දමල තියෙන ආර්ථික තත්ත්වයත් තව පහලට දාන්න උන්ට ඕන ඇති. බීල යකා නැටුවොත් දරුණු දඬුවම් දීම කරන්න.
JVP nethiwa wena kisima option ekak neha. me wage excise officers la gedara erala honda tharuna awanka minissu ganna ona
රටේ මහ එකාට කොන්දක් නෑ සංචාරක කර්මාන්තය දියුනු කරන්නෙ එන උන්ව භීතියට පත්කරලද මේ ප්රවෘත්ති දැකලවත් ඔය ළඟ ඉන්න කටු සුප්පු කරන එකෙක්වත් නන්දෙට කියපියව් නැත්තන් පත්තරෙන්වත් බලන්න කියපියව් කාලකන්නි
To create a මාසික දොල පිදේනි avenue at the expense of the law.