සංචාරකයන් මිලියන හයක්… ආදායම ඩොලර් බිලියන දහයකට සූදානම්..

January 12, 2022 at 2:10 am | lanka C news
සංචාරකයන් මිලියන හයක්… ආදායම ඩොලර් බිලියන දහයකට සූදානම්..

මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වන හෝටල් සහ සංචාරක නියෝජිත ආයතන සඳහා දිරි ගැන්වීමට කර්මාන්ත ආධාරක යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට යයි. සංචාරකයන් මෙරටට පැමිණීම වැඩිකර ගැනීම මෙහි අරමුණයි. ඊට අඳාලව කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

දේශීය ගමනාන්ත කලමනාකරණ සමාගම් (DMCs) හෝටල් හිමියන් සහ මාර්ගගත සංචාරක නියෝජිතයන් (OTAs) සඳහා මෙම වැඩසටහන හඳුන්වා දීමට නියමිතයි. ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශ අරමුදල් යටතේ රුපියල් මිලියන 400ක මුදලක් වෙන්කෙරේ. මෙය සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීම සඳහා තවදුරටත් රජයේ සහය තවදුරටත් පල කිරීමකි.‍ මීට පෙර ද රජය මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා විශේෂ සහන රැසක් එම ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට ලබාදුන් බවද ඇමතිවරයා පෙන්වා දෙයි. මෙය වර්තමාන සංචාරක පැමිණීම් වල වර්ධනය සහ ප්‍රතිලාභ කෙටි කාලීන ඉහල නැංවීමට සමත් ප්‍රවර්ධන කාර්යයක් වනු ඇත. එමෙන්ම මෙය අභ්‍යන්තර ගත සංචාරක ව්‍යාපාරයේ සෘජුව නියැලී සිටින පාර්ශවකරුවන් සඳහා දිරිගැන්වීමක් ද වනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පල කරයි.

2019 සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සහ 2020 දී ඇති වූ කොවිඩ් වසංගතය නිසා මෙරට සංචාරක ව්‍යාපාරය කඩා වැටුනු අතර රජයේ ඉලක්කය වන්නේ කොවිඩ් වලට පෙර පැවැති තත්වයට වඩා ඉහළ තත්වයකට මෙරට සංචාරක ව්‍යාපාරය ගෙන ඒමයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රට නගන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වසර 2025 දී ඇ‍.ඩො.බිලියන 10ක සංචාරක ආදායම් ඉලක්කයකට ලඟා වීමට රජය අපේක්ෂා කරයි.  ඒ කාලය වනවිට විදෙස් සංචාරකයන් මිලියන 06ක් ලංකාවට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරේ.

මේ වනවිට මෙරටට සංචාරකයන් පැමිණීමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කෙරේ. පසුගිය දින 8 තුල මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 23,745කි. 2021 වසරේ ජනවාරි මාසයේ මුල් දින 8 තුල මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 1682කු පමණි. පසුගිය දින 8 තුල මෙරටට වැඩි වශයෙන්ම පැමිණ ඇත්තේ රුසියාව,ඉන්දියාව,යුක්රේනය, එක්සත් රාජධානිය, ජර්මනිය, මාලිදිවයින, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, පෝලන්තය සහ කසකස්ථානය යන රටවලිනි.ඇමතිවරයා පෙන්වා දෙන්නේ මේ වසර සංචාරක ව්‍යාපාරය පිලිබඳ අපේක්ෂාවක් තබාගත හැකි වසරක් බවයි. කොවිඩ් වසංගතයෙන් පසු නව සාමාන්‍යකරණ වැඩපිලිවෙල යටතේ රට ක්‍රමානුකූලව යථාතත්වයට පත්වෙමින් තිබෙන බැවින් සංචාරක කර්මාන්තයේ දියුණුව පිලිබඳව ද අපේක්ෂාවන් තබා ගත හැකි බව ඔහු පෙන්වා දෙයි. යෝජිත දිරිගැන්වීමේ වැඩසටහන හඳුන්වා දුන්නේ ද එම අපේක්ෂාව යථාර්තයක් බවට පත්කර ගැනීමේ අරමුණින් බවද ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

– ප්‍රදීප් අනුර කුමාර

91,735 views

13 Comments to “සංචාරකයන් මිලියන හයක්… ආදායම ඩොලර් බිලියන දහයකට සූදානම්..”

  1. sam says:

    බලාගෙන හිටහන් සංචාරකයෝ එනකම්.
    විදුලිය නැති, කෑම නැති හොටෙල් වලට
    තෙල් නැතිව ගමනක් යන්න බැරි රටකට
    කුඩු sick, නැති බැරි කම පිරුණු, හොරු මංකොල්ල කාරයෝ පිරුණු රටකට

  2. nihal says:

    සංචාරක ව්‍යාපාරයෙන් ආර්තිකය ඉහල ගියේ ඉස්සර. ඉස්සර වගේ සල්ලිකාර සංචාරකයින් ලංකාවට එන්නේ නෑ. එන උන් උනත් Air B&B කාමරවල නැවතිල චූන් පාන් වලින් වේල පිරිමහ ගන්න උන්. සමහර උන් කඩේ ගිහින් බඩු ගෙනත් උයා පිහා ගන්නත් දන්නවා. මේ මෝඩ කතා වලට රැවටෙන්න එපා

  3. Sakshi says:

    Another project to steal public money.

  4. Saman says:

    ජාතික ආරක්ෂාව ඉතා වැදගත් වෙයි

  5. Juanis Perera says:

    Ha ha ha.
    Let’s wait and see.
    Maybe they have no other country to travel to!
    OMG lies, lies and more lies.

    • Pronto says:

      Meya kiyana ewa satha pahakata wiswasakaranna behe. Galle Oya trade eke inna mage yaluwek kiwwa,Unawatuna palathama tourist kenek dakinnawath nehe kiyala.

  6. Anura says:

    යන්න වැසිකිලි නෑ හරියට , වාහන වලට තෙල් ගහන්න පෝලිමේ ඉන්න ඕන නිවාඩුව කාලකන්නි කරගන මෙහෙ දුක් විදල යන්න සංචාරකයො එන්නෙ නෑ , ඉස්සෙල්ල සංචාරක ඇමතිලා පෝලිමක් හදන්න ඉස්සෙල්ල සීගිරිය වගේ තැන්වල එන අයට යන්න පිරිසිදු වැසිකිලි පහසුකම් හදන්න වැසිකිලි යන්න කැලේ පනින් නෑ වදුරො වගේ

  7. 0.00069 BIYYO says:

    සංචාරක ව්‍යාපාරයෙන් ආර්තිකය ඉහල ගියේ ඉස්සර.
    ඉස්සර වගේ සල්ලිකාර සංචාරකයින් ලංකාවට එන්නේ නෑ.
    HIGANA සංචාරක උන් උනත් A/C B&B කාමරවල නැවතිල චූන් පාන් වලින් වේල පිරිමහ ගන්න උන්. සමහර උන් කඩේ ගිහින් බඩු ගෙනත් උයා පිහා ගන්නත් දන්නවා. මේ මෝඩ කතා වලට රැවටෙන්න එපා

  8. Gamini Senanayake says:

    ඒක වෙන්නෙ කොහොමද යකෝ. එහෙම වුනොත් (බිලි 10/මිලි6), එකෙක් ලංකාවෙ ඩොලර් මිලි 1.666 වියදම් කරන්න ඔනැ. මේ වගෙ ගනනක් එක trip එකකදි වියදම් කරන බව මොන පොතේද තියෙන්නෙ. බයියන් ඇන්දවීම.

    • ළූණු බන්දුල (සුදු) says:

      Sorry Gamini, it is $1666 or 0.001666 million and not 1.666 million.

    • කරු says:

      මෙතන කොටන්න ඉස්සරවෙලා හොඳ ශිෂ්‍යත්ව පන්තියක් හොයාගෙන ඒකට පලයන්.

    • ARUNA SENARATHNA says:

      ලපයත් මෙහෙම ගණන් හදල තමයි පෝට් සිටිය ගොඩ කරන්න ලංකාවෙ තියෙන කළු ගල් මදි කියල කිව්වෙ.

  9. Elmo Perera says:

    FOR MY MBA IN ONE OF TH E DISSERTATION ASSIGNMENTS IN 1984 DONE THE SUPERVISION OF INTERNATIONAL LECTURERS I PROJECTED BY 1990 WE SHOULD HAVE MINIMUM 6-7 MILLIONS TOURISTS ANNUALLY. IF WE HAVE TO BREAK EVEN WE NEED AT LEAST 10 MILLION TOURIST ANNUALLY. LET FOREIGN MISSIONS AN D TOURIST BOARD SPECIFIC TARGETS TO ARCHIVE IF THEY NOT ACHIEVE THEM THEY SHOULD BE REMOVED FROM THEIR POSTS

Leave a Comment

Main News